IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


’’රෝස මාසය’’ ගැන පාර්ලිමේන්තු විවාදයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රෝස මාසයට සමගාමීව පියයුරු පිළිකා මර්දනය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය දැනුවත් කිරීම  පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.

ඔක්තෝබර් මාසය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය වශයෙන් නම් කර තිබේ.

මෙම වැඩසටහනට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේ විවාදයක් ලබා ගැනීමටත් මන්ත්‍රීවරියන් රෝස පැහැයෙන් සැරසීමටත් තීරණය විය.

මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී  අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය විදෙස්ගතවීම හේතුවෙන් තාවකාලිකව පත්කරගනු ලැබූ සභාපතිනිය වන  පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්වූ මෙම රැස්වීමේදී ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂවරිය ඇතුළු වෛද්‍යවරියන් විසින් පියයුරු පිළිකා මර්දනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය දැනුවත් කිරීම සිදුවිය.

ලොවපුරා කාන්තාවන් අතර සුලභම පිළිකාව පියයුරු පිළිකාව බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ ද දිනකට නව රෝගීන් 15 ක් පමණ හදුනාගන්නා බවත් 3 දෙනෙකු පමණ මිය යන බවත් මෙහිදී ඔවුහු පැවසූහ. 

පියයුරු පිළිකාව කල් ඇතිව හදුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් සුව කල හැකි යැයි ද ඒ සදහා සිදුකරන පරීක්ෂාවන් වලට අමතරව ස්වයං පියයුරු පරීක්ෂාව ද සිදු කර ගත යුතු බවත් වෛද්‍යවරියෝ පෙන්වා දුන්හ. 



අදහස් (0)

’’රෝස මාසය’’ ගැන පාර්ලිමේන්තු විවාදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site