IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


’’රනිල් රට වෙනුවෙන් පාවිච්චි කළ යුතුයි’’

(අංජුල මහික වීරරත්න)

රට බින්දුවට වැටුණු අවස්ථාවේ ඒ තත්ත්වයෙන් ගොඩගෙන ඉදිරියට ගෙන ගිය නායකයා රනිල් වික්‍රමසිංහ වන බැවින් රට අරගෙන යා යුතු පාර දන්නේ එතුමා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

රනිල් වසර පනහක දේශපාලන පළපුරුද්දක් සහිත නායකයකු බැවින් ඔහු රට වෙනුවෙන් පාවිච්චි කළ යුතුව තිබෙන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.

රනිල්ට පාර්ලිමේන්තු එන්නට දැනට අවශ්‍යතාවයක් නැතැයි ද අබේවර්ධන මහතා කීය.

"සන්ධානයක් ගොඩනැගීමේ අරමුණ පොදු එකඟතාවයක් සඳහා සියල්ලන්ම එකට වාඩි වීමයි.එලෙස වාඩි වූ පසුව එකතු වෙන කණ්ඩායමට ආරක්ෂාව දිය හැකි පුද්ගලයා කවුදැයි ඒ කණ්ඩායම තීරණය කළ යුතුයි.ගුටි නොකා දේශපාලනය කළ හැකි පුද්ගලයා කවුදැයි තීරණය කළ යුතුයි" යනුවෙන්ද කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

 

 



අදහස් (9)

’’රනිල් රට වෙනුවෙන් පාවිච්චි කළ යුතුයි’’

lionel Monday, 27 October 2025 01:11 PM

හිරේ ගියේ රටේ සල්ලි පාවිච්චිකරලා නේද? තවත් දීලා ආයේමත් හිරේ අරින්නද හදන්නේ...?

:       5       38

Achi Monday, 27 October 2025 01:15 PM

රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කජු කාලා මහ බැංකුව හිස් කරපු කෙනෙක්ට පුළුවන්ද රටක් හදන්න.

:       5       27

Mohan Monday, 27 October 2025 01:34 PM

බුදු අම්මෝ එපා... හොරු නැති රටක් කොච්චර ලස්සනයිද?

:       3       29

අරවින්ද මොණරවිල Monday, 27 October 2025 01:41 PM

හයිය හත්තිය තිබුණා නම් සෙක්කුවට හරි පාවිච්චි කරන්න තිබුණා. කොහේද වෑල් හතරෙන් තුනක්ම හිරවෙලා නොවැ... කිරි පුස්සාගේ...!

:       0       12

චානිකා Monday, 27 October 2025 02:19 PM

අනිවාර්යයෙන්ම, එක තමයි මමත් කියන්නේ, ඔය දැන් ගෙවන්න බැරිව කල්දාගෙන ඉන්න වාණිජ ණය 70% විතර අරන් තියෙන්නේ සීයා නිසා අපි ඒ ණය වෙනුවට හිලව් කරගන්න සීයාව ඒ ගොල්ලන්ට බාර දෙමු රට වෙනුවෙන්...

:       0       9

wedage Monday, 27 October 2025 02:27 PM

කජු සීයා අපට එපා. කොට වජිරට හොරකම් කරන්න ක්‍රමයක් නැහැනේ දැන්...

:       0       11

කපුරුහාමි Monday, 27 October 2025 02:33 PM

මාරාන්තික ලෙඩ රෝග කන්දරාවක් තියෙන රනිල්ට පාඩුවේ නිදහසේ ඉන්ඩ දීමයි කළ යුත්තේ? එයාව පාවිච්චි කරලා මොනවා හරි වුනොත් තමුන් ඒකට වගකියනවාද?

:       0       10

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 27 October 2025 02:50 PM

ඔහෙට කැමැති විදිහකට පාවිච්චි කරගන්න, හැබැයි සාගල බිරිඳගේ අනුදැනුම ඇතිව, හොඳේ...

:       0       11

අනේසිරි! Monday, 27 October 2025 03:42 PM

ඇයි මෙච්චර කල් මොකටද පාවිච්චි කරේ...?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1345 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 483 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site