
(අංජුල මහික වීරරත්න)
දේශබන්දු තෙන්නකෝන් පමණක් නොව තවත් කිහිපදෙනෙක්ම අත්අඩංගුවට ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ සඳහා පොලිස් කණ්ඩායම් යොදවා තිබෙන බවද අමාත්‍යවරයා කීය.
"ඔබ අපිට කියන්නේ නෑනේ ප්‍රසන්න රණවීරත් එක්ක මොකක් හරි ඩීල් එකක් තියෙනවා කියලා. අපි එයාවත් හොයනවා. සෙව්වන්දිවත් හොයනවා. තව ඔබලා නම නොදන්න කිහිපදෙනෙක් හොයනවා. පොලිස් කණ්ඩායම් යොදවලා තියෙන්නේ. ගණේමුල්ල සංජීව ඝාතනයේ 13ක් මේ වෙද්දි අත්අඩංගුවට ගෙන තියෙනවා. නඩු පැවරීම ආරම්භ කරනවා. ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ බන්ධනාගාර ජේලර්වරයෙකුත් ඉන්නවා. මේ පරීක්ෂණ කරගෙන යනකොට රාජ්‍ය යාන්ත්‍රණය තුළටත් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම දක්වා විහිදිලා තියෙන්නේ.
පොලිසිය උපරිමය කටයුතු කරමින් ඉන්න කියන්න පුළුවන්. ඒ නිසා ගැලවෙන්න බෑ. අපි නොදන්න පොලීසිය නොදන්න කරුණු ඔබ දන්නවා නම් ඉදිරිපත් කරන එක තමා හොඳ. අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන බවට සහතික වෙන්න පුළුවන් යැයි මධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීය.
COMMENTS
කවුද වෙද මහත්තයෝ ඒ අයව අලවං ඉන්නෙ?
දකුණු පලාතේ ගොඩක් අපරාධ නලින් දන්නවා. දැන් නලින් ඒව ගැන කථාවක් වත් නැහැ. හැබැයි ඡන්දෙ දිනනකම්ම කටේ තිබුණෙ ඒව තමයි. අනුර කුමාරත් ඒව කථා කලා.අම්බලන්ගොඩ දි මරපු නයිදුවහේවා ගැන. කෝ දැන් සද්දයක් වත් නෑනේ.
ගනේ මුල්ලෙ සංජීව ඝාතනය කළ අය නම් බඩ බැඳගෙන හොයනවා. පරණ යාලුුවෙක්ද මහත්තයා ?එයා ගියේ යන්න ඕන ගමන සහ ඕන නම් හොයලා බලන්න වහපු ඇස් ඇරියා වගේ නිරයේ ඉපදිලා ඇති.
ඔක්කොම අද නොවේ හෙට, අපි ඔයාලාව පත් කළේ 2/3 දීලා කෙඳිරි ගාන්න නෙමේ, අපි ඕනෑ අවස්ථාවේ වැඩ ඉවර කරන අය. දැන් බලනකොට NPP එකත් යන්නේ රනිල් ගිය මාර්ගයෙන් නේ!
හ හ හා .කොහෙන් හිනා වෙන්නද ඕනේ
මේ ආණ්ඩුවේ අමාරුම ජොබ් එක කරන්නේ මේ හාදයා. පච, කයිවාරු සුද්ද කිරීම, වැඩ බැරිකම, නොහැකියාව මේ හැම එකකටම මොකක් හරි බොරුවක් කියන එක ලේසි නැතුව ඇති. මෙයාගේ ප්‍රකාශ වලනේ මාලිමා ඩෝබිලා සෙට් එක එල්ලිලා ඉන්නෙත්. බදාදා කිට්ටු වෙනකොට උණ වගේ ඇති.
දේශබන්දු නම් අල්ලගනිවි ඒ මනුස්සයා තමුන් විහින්වත් ඉදිරිපත් වුණොත්. මොකද එයාව මිනිස්සු දන්නවා වැඩියි. රටින් පැනලා මොන විදිහට හරි වෙන රටක ආරක්ෂාව ගත්තොත් මිසක් එයාට දිගටම හැංගිලා ඉන්න අමාරු වෙයි. ඒ වුනත් සෙව්වන්දි??? කොහෙන් කියලා හොයන්නද. මෙලහකටත් රටිනුත් පැනලද කොහොමද දන්නේ. දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයිනේ.
කයිය නායකලා කියන්නේ නිකං ඇයි?
ඇයි අම්බලන්ගෙඩ තානායම කෝ දැන් සද්දයක් වත් නෑනෙ.
රනිල්ට 2/3 අරන් දුන්නා නම් මේ වගේ නරි නාටක බලන්න වෙන්නේ නැහැ, කිසිම බලයක් නැතිව තිබියදී රට ලස්සණට අරන් ආවා ඒ මනුස්සයා, කජු කෑවා කියල බෙරිහන් දුන්නාට ඩොලර් මිලියන 20ක් තිබ්බ භාණ්ඩාගාරය බිලියන 6,1ක් ඒ කියන්නේ තුන්සීයගුණයකින් වත්කම වැඩිකරලා ගියේ, අන්න මිනිස්සු!
මුන්ගෙ සේරම වඩා කටින් තමා. බයිලා ගානවා විතරයි.