(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
’’ගෝඨා ගෝ ගම’’ අරගල භූමියේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් නිසි අධිකරණ අවසරයකින් තොරව ලබන දහ වැනිදා තෙක් ඉවත් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (05) පොරොන්දු විය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වන අවශ්‍ය උපදෙස් පොලිස්පතිවරයාට ලබා දෙන බවද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.
ස්වෙච්ඡාවෙන් එම අරගල භූමියෙන් ඉවත් වන අරගල කරුවන්ට කිසිදු අවහිරයක් නොමැති බවද නීතිපතිවරයා අධිකරණයට ප්‍රකාශ කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් මේ බව අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා විසිනි .
නීතිපතිවරයා මෙසේ දැනුම් දුන්නේ ගෝඨා ගෝ ගම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස කොටුව පොලීසිය නිකුත් කළ නිවේදනය ට එරෙහිව ක්‍රියාකාරී අරගලකරුවන් සිව්දෙනකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ දී ය .
අසංක අබේරත්න, ඉරෝශ් අපෝන්සු, වීරගහවත්තේ කාශ්‍යප හිමි සහ ලහිරු මධුෂාන් යන අරගලකරුවන් සිව්දෙනා මෙම පෙත්සම් ගොනු කරනු ලැබ ඇත .
මෙම පෙත්සම්, සෝභිත රාජකරුණා ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
’’අරගල භූමියේ අනවසර ඉදිකිරීම් 10 තෙක් ඉවත් කරන්නෑ’’
NGO Friday, 05 August 2022 05:06 PM
අපොයි එතකං අපිට බුරියානි දෙන්න එහෙම බෑ...!
Lelwala Saturday, 06 August 2022 07:24 AM
බෝඩිමක් සොයා ගන්න වෙනව . කැම බිම නිකන් කාල කොළඹ යන්තම් රැකියාවට කරගෙන හිටිය අරගලය මුවාවෙන්. තමන්ට අවස්‍ය විදියට පොලිසියට අසුනොවි තමන්ගේ බිස්නස් කරගත්ත. ඒකටත් පොල්ලක් වැටුන. දැනු ඉතින් හිගාකන්න වෙනව.