
(අංජුල මහික වීරරත්න)
අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දැන් තිබෙන අභියෝගය ආර්ථික අරගලය ජය ගැනීම බව කී වික්‍රමසිංහ මහතා අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ ජයග්‍රහණය සඳහා සෑම අයුරකින්ම දායකකර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද කියා සිටියේය.
ගාලු මුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බවත් මර්දනය වෙනුවෙන්ම කටයුතු කරන පිරිස් විශ්වවිද්‍යාල ක්‍රියාවලිය තුළින්ම නවකවදය නවතා යහපත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල කරුවන් සහ තරුණ පරපුර සමග විනිවිද භාවයෙන් කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තිබේ. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයට සහ ආහාර අර්බුදයට විසඳුමක් වශයෙන් අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ "විසඳුම් ලබාදීමට" කොටස් කරුවන් වීමට අවස්ථාවක් ලබාදෙන්න. එසේ කළහැකි වන්නේ අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් හට ලංකාවේ පවතින "රජයේ ඉඩම් වගාවන්" සඳහා ලබාදීම වේ. ඔවුන්ට "අවශ්‍ය පොහොර සහ කෘෂිරසයන රජයෙන් ලබාදී" රටේ ආර්ථික ජයග්‍රහණය සහ කෘෂි ආහාර නිෂ්පාදනය සඳහා සෑම අයුරකින්ම දායක කරගැනීම යෝජනා කරමි. ඔවුන්ට මෙම අදහස ඉදිරි පත්කර ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක්ද කියා විමසා බැලිය යුතුවේ. එසේ ඉදිරිපත්වන කණ්ඩායම් සඳහා කෘෂි නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මූලික මුදල් අවශ්‍ය තත්වයන් සපුරා සාර්ථකව කෘෂි වගාවන් සහ වී වගාව කරන්නේ නම් ඒ සඳහා අනාගතයේදී සාධනීය වැඩපිළිවෙලක් සකස් කළ හැකියි....
ජනපති තුමනි, රාජපක්ෂවරුන් රට බංකොළොත් කළනිසා රටේ ජනතාව ඊට එරෙහිව පාට, පක්ෂ භේදයකින් තොරව පාරට බැස්සා. අරගලයත් එහි එක් අංගයක්... මේ අරගලය හා ජනතාව පාරට නොබසින්නට තවමත් ගෝඨාභය හා මහින්ද රාජපක්ෂ තවමත් බලයේ... අරගලකරුවන් මෙසේ ක්‍රියා නොකළේ නම්,ඔබතුමා තවමත් මන්ත්‍රී වරයෙකු පමණයි.එසේම රට බංකොලොත් වීම ගැන උරණ වූ රටේ බොහෝදෙනා පාරට බැසීම වරදක් නොවෙයි. එවන් විටෙකදී, අරලිය ගහ මැදුරේ සිට සිදුකළ ප්‍රහාරය නිසා ජනතාව කළබල වුණා. මේ සියලු දේ වගකීම මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කණ්ඩායම බාරගත යුතුයි. ඒ නිසා වහාම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එසේම, සෑම සියලු අතින්ම පීඩනයට පත් ජනතාව හා අරගලකරුවන් හිංසාවට ලක් නොකොට ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට කටයුතු කරන්න...!
ගෝඨාභය එන්න කිව්වාම පඬිටෝක් දුන්නා, රනිල් එන්න කිව්වා විතරයි... දෙකට නැමිලා ගියා. ඔය තරමට බය තිබුණාම ඇති...!
නියමයි. අරගලේ අය, අපියි ලොක්කෝ කියලා හිතන්නේ නැතුව රනිලුත් මමයි ලොක්කා කියලා නොහිතා රට වෙනුවෙන් කවුරුත් හිටගන්න.. හැබැයි ඕකට අරගලෙන් යැපුණු එන්.ජී.ඕ සෙට් එකයි තමන් ගොඩයන්න හීන දැක්ක ජේවීපී පෙරටු සෙට් එකයි නම් විරුද්ධ ඇති...!
ඔය ගොල්ලො නෙවෙයි ඕකට මුලින්ම සම්බන්ධ අය එක්ක සාකච්ඡා කරන්න.
මෙය ඉතා හොදයි. නැතිනම් දේශපාලන වාසි බලාගෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කල්ලිය යලි බලයට එන්න රනිල් මිනි මරනවා කියන අදහසක් වක්‍රාකාරව දෙන්න තමා බලන්නෙ .
රට බංකොළොත් කරපු, පොහොට්ටුවන් ටිකට අපහු ඇමතිකම් දීලා තමයි මෙයා ආණ්ඩුව කරගෙන යන්නේ, ඒක හින්දා ඔය දෙන පොරොන්දු කිසි දෙයක් විශ්වාස කරන්න එපා... පුළුවන් නම් රට බංකොළොත් වුණු එක ගැන පාර්ලිමේන්තු විවාදයක් තියන්න කියන්න.. කරයිද බලන්න..
"ප්‍රජාතන්ත්‍රවාදි නොවන දේශපාලනයට තමන් විරුද්ධ යි...." මෙතුමාගේ පත්වීම කොතරම් ප්‍රජාතන්ත්‍රවාදී දැයි අපට නොතේරේ. එය ජනතා කැමැත්තද? නැතිනම් හොරුන් ආරක්ෂාවීමේ කැමැත්තක්ද?
තක්කඩි 143 එක්ක එක ගෙයි කන ජනවරමක් නැති ජනාධිපතිගේ සංදර්ශනවලට රැවටෙන්න නම් අපිත් බත් කෑම අතහැරලා පුන්නක්කු වලට බහින්න වෙයි...
අරගලය කලේ ආර්ථික සටන සඳහා පමණක්ම නොවෙයි. සැමට සාධාරණය, යුක්තිය සහ සොරුන්ගේ වත්කම් නැවත රජයට ලබාගන්න බව අමතක නොකරන්න.
පුරන් කුඹුරු අස්වද්දන්න භාරදෙමු. එතැනින් පටන් ගමු. නැතුව මේගොල්ලන්ගේ උපදෙස් ගන්නයැ