
(සුමිත් ප්‍රේමතිලක)
ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ ටෙලිනාට්‍ය රගපාන නළුවෝ වගේ වෙන්න නොවෙයි ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටින්න, ඒක කරන්න බැරිනම් අපි මේවා ගලවලා දාලා යන්න ඕනේ යනුවෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ වාද්දුවේ දී පැවසූහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීවේය.
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ කොමිෂන් සභා වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා යටින් ඊට වඩා ලොකු වැඩපිලිවලක් තිබුණා කියලා අපිට එන්න එන්නම වැටහෙනවා.
අපිට කාගෙන්වත් පලිගන්න ඕන කමක්, රුදාවක් නැහැ. නමුත් අපිට ඇත්ත දැනගන්න ඕන. මේ ප්‍රහාරය දැනගෙන උසස් තනතුරු දරපු පොරොන්දු දුන්න උදවිය දැන් මොකුත් දන්නේ නෑ වගේ ඉන්නවා. ඒක තමයි අපට දරාගන්න බැරි කාරණාව . මේකට එයාලගේ වගකීමක් තියෙනවද කියලා අපිට සැකයක් තියෙනවා .
ඒ නිසා මේ ප්රශ්නය නිමවන තුරු එකට නැගී සිටින ලෙස සියලු කතෝලික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා යනුවෙන්ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රහාරය එල්ල වෙනකොටත්, එල්ල වුණාට පසුවත් දෙවියන් කෝ? මොකද මෙහෙම අහන්නේ අපේ හමුදාවේ කොල්ලෝ තාමත් පල්ලි මුරකරනවා. මෙතන හිතන්න යමක් නැද්ද මම අහන්නේ...
කතෝලික ජනතාව පමණක් නොවෙයි, සමස්ථ නීති ගරුක මහ ජනතාවම මේ කාරණය ගැන අවධියෙන් ඉන්නේ... කාගේත් ජීවිත එකයි. මේ සිදුවීම මහා ගැටළුකාරී එකක් වග දැනෙනවා. මේ ලෝකයේ සිදුවන ඇතැම් දේවල් පෙනෙනවට වඩා වියවුල්...
ලංකාවේ උදවිය ගොනාට ඇන්දවූ අවස්ථා පැරැණි රජ දවස සිට පැවතෙන්නක් බව ඉතිහාසය සාක්ෂි දරයි. එය අදත් එසේමයි, හෙටත් එසේම වේවි..
සැකය මත පදනම්ව පමණක් ප්‍රකාශ නොකර දන්න දේවල් හෙළිකරන්න. එහෙම කරන්නේ නැත්නම් මේක වෙන ගේමක්...
බල තණ්හාව වෙනුවෙන් සියල්ල සංවිධානය කළ, මහා මොළකරුවන්, ප්‍රහාරය වළක්වා නොගත් එවකට හිටපු ජනාධිපති, ඇතුළු බුද්ධි අංශ නිලධාරීන්, මහමොලකරුවන් විසින් අනුග්‍රහය දැක්වූ ප්‍රහාරය සිදුකල මුස්ලිම් තරුණයින් ඇතුළු අන්තවාදී සංවිධානය වගේම මුස්ලිම් සිංහල ගැටුමක් නිර්මාණය කල සිංහල බෞද්ධ තලෙයිබාන් පූජක කල්ලිය එකට එක්ව සිදුකල සාපරාධී නින්දිත ක්‍රියාවක් මේක... සමහරවිට මේ අන්තවාදී කල්ලි දෙක බෝම්බ ප්‍රහාරයේ සැලසුම හා වේලාව දැන නොසිටින්නට ඇති. නමුත් හිටපු ජනාධිපති ඇතුළු ආරක්ෂක අංශ මේ පිළිබඳව දැනුවත් වී ඇති බව තහවුරුයි. අද මහමොලකරුවන්ට සිදුවී තිබෙන්නේ, එකට එකතුව සිදුකළ මේ බෝම්බ ප්‍රහාරයේ සියලු චූදිතයින් ආරක්ෂා කිරීමයි. නීතියෙන් බේරුණත්, මොවුන්ට මේ ශාපය ඵලදෙනවාමයි...!!
රටේ ජනතාවට මෙය පිටුපස සිටින්නේ කව්ද කියා දැනගත යුතුයි. ඔබ වහන්සේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරෙන් බලකිරීමක්.... මෙම ආණ්ඩුවට එල්ල නොකළහොත් මොවුන් මෙය යටගහනවා නොඅනුමානයි. මතක ඇති එංගලන්තයෙන් පැමිණි සංචාරකයෙකුගේ පෙම්වතියකට අතවර කිරීමට එරෙහිවුණු ඇයගේ පෙම්වතා ,පොහොට්ටු දේශපාලුවකු විසින් ඝාතනය කළ සිද්ධිය. බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය යුක්තිය ඉෂ්ඨ කරගැනීමට මැදිහත් නොවුණි නම් තාමත් මිනීමරුවා නිදැල්ලේය. කාදිනල් හිමියනි, මීට වඩා මේ කරුණු ගැන උනන්දුවෙන් කටයුතු කරන්න. මේ පාලකයින් බොරුවෙන් උපන්, බොරුව සමග ජීවත්වන අයයි...
නීතියෙන් ගැළවුනත් පාපයෙන් සහ හෘද සාක්ෂියෙන් ගැළවීමක් නැහැ. මහ මොළකාරයින්ට සහ මේ වගේ මහා මිනිස් ජීවිත රැසක් විනාශ කරපු අයට, ඒවාට සම්බන්ධ වූ සියලුම දෙනාට විඳව විඳවා මැරෙන්න දඬුවම් ලැබෙයි...
නාඩගම්කාරයෝ-2...
ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා බලයට ආවේ නිකම්ද? යටිකූට්ටු සහ අරමුණු ගැන ලෝකයා නොදන්නවා නෙවෙයි...
වැඩි යමක් ඇත්නම් ඔබ තුමා ඉදිරියට විත් ඒ බව පවසන්න කට උත්තරයක් දෙන්න. සිංහල බෞදධ නිලධාරින් , සිංහල බෞද්ධ නායකයින් නොකරපු වරදකට ඔහුන් වරදකරැවන් කර හිරගෙවල් වල හිර කරන්න සිංහල බෞද්ධ ජනතාව අනුමත නොකරමි.
සහරාන්ගේ හඬ පටයේ තියෙන්නේ නවසිලන්තේ සිද්ධියට පලිගැනීමක් කියලා.