IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


’නව නිපැයුම් ප්‍රවර්ධනය කරනවා’

(අංජුල මහික වීරරත්න)

කිසිදු නව නිපැයුමක් අත් නොහැරිය යුතු අතර ඒවා ප්‍රවර්ධනය සඳහා වඩා සංවිධිත ජාලයක් ගොඩනගන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කෘත්‍රිම බුද්ධිය තාක්ෂණය උපයෝගී කරගනිමින් රොබෝ යන්ත්‍රයක් නිපද වූ අනුරාධපුර කටුකැලියාව විද්‍යාදීප මහා විද්‍යාලයේ සසිරු නිම්නාල්  හා රමිරු නිම්නාත්  යන නිවුන් පාසල් සිසුන් දෙදෙනා ඇගයීම වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ පැවති හමුවේදීය. 

මෙම රෝබෝ යන්ත්‍රය තව දුරටත් සංවර්ධනය කිරීම ඇතුළු එම දරුවන්ගේ අනාගත සැලසුම් වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මගින් ලබාදිය හැකි සහයෝගය සහ මගපෙන්වීම පිළිබඳව සොයා බැලීම මෙම හමුවේ අරමුණ විය. 

''විද්‍යා හා තාක්ෂණ විෂය භාර අමාත්‍යවරයා ලෙස මෙම දරුවන්ගේ දක්ෂතාව අගය කරනවා. එම නිර්මාණයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය සියළු සහය ලබා දීමට අපි සූදානම්.  මෙවැනි දක්ෂතා සහ හැකියාවන් ඇති දරුවන් විශාල ප්‍රමාණයක් සැගවී තිබෙන්නට පුළුවන්. එම හැකියාවන් උකහාගෙන සංවර්ධනය කිරීමට සියළු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි කාර්යක්ෂම වැඩපිළවෙලක්  සකස් කරනවා. 

මේ වසරේ පාසල් නව නිපැයුම් සමාජ 100 ක් පිහිටුවීම එහි එක් පියවරක්. පාසල් නව නිපැයුම් සමාජ පිහිටුවීමේ වැඩසටහන ඉදිරි වසර කිහිපය තුළ ක්‍රමිකව සමස්ත පාසල් පද්ධතියට ව්‍යාප්ත කරනවා. ඒවා විශ්ව විද්‍යාල සමග සම්බන්ධ කිරීමටත් බලාපෙරෙත්තු වෙනවා. නව නිපැයුම් අවස්ථා හඳුනා ගනිමින් ඒවා ඉදිරියට ගැනීමටත්, වාණිජකරණ හා නිෂ්පාදන අවස්ථා ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් නව නිපැයුම්කරුවන් සහ පහසුකම් සපයන බලධාරීන් අතර පරතරය පියවීමට කටයුතු කරනවා.” යනුවෙන් පැවසීය.

මෙහි දී අදහස් දැක්වූ රොබෝ යන්ත්‍රය හැදූ දරුවන් ප්‍රකාශ කළේ එය බොහෝ වෙහෙස මහන්සියෙන් කැපකිරීම් හා අත්හදා බැලීම් ඔස්සේ සාර්ථක කරගත් නිර්මාණයක් බවත්, ඒ සඳහා කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය යොදාගත් බවත්ය.



අදහස් (0)

’නව නිපැයුම් ප්‍රවර්ධනය කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1774 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site