IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


‘ යම් මට්ටමකට හෝ ලැබූ ජයග්‍රහණය ආපස්සට හරවන්න එපා’

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ්  යම් මට්ටමකට පාලනය කර සෞඛ්‍ය අංශ ඉතාමත් අපහසුවෙන්  ලබාගත්  ජයග්‍රහණ  දේශපාලන  කාරණා හේතුවෙන් ආපස්සට හැරවීමට කටයුතු නොකරන්නැයි  සියලුම දේශපාලන පක්ෂවලින්  ඉල්ලීමක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ  සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.

සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කීපයක් ලබන 16 වැනිදා  කොළඹට සෙනඟ කැඳවා උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන බවට තොරතුරු  වාර්තා කර ඇති බව  පැවසූ රෝහණ මහතා ආණ්ඩුවට පක්ෂව හෝ විපක්ෂව  උද්ඝෝෂණ පැවැත්වීම  සෞඛ්‍ය අංශ විදියට  ගැටළුවක්  නැති වුවත් එවැනි ක්‍රියාකාරකම්වල මේ අවස්ථාවේදී  නියැලීමෙන්   සෞඛ්‍යමය වශයෙන් ගැටලුකාරී තත්වයක්  මතුවිය හැකි බවද පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවේදී සෞඛ්‍ය නීතිවලට අනුකූලව කටයුතු කිරීම  ඉතා  වැදගත් බවද  හෙතෙම සඳහන් කළේය. රටේ කොවිඩ්  රෝගීන්ගේ යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති බවත්  මේ තත්වය නිසා සියලු දෙනා කල්පනාකාරීව  කටයුතු කිරීම වැදගත් බවත්  උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (7)

‘ යම් මට්ටමකට හෝ ලැබූ ජයග්‍රහණය ආපස්සට හරවන්න එපා’

සිංහලයා Sunday, 14 November 2021 11:44 PM

සෞඛ්‍ය අංශ ඉතාමත් අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණයක් නෑ. රට වහලා ඇදිරිනීතිය දාලා මිනිස්සු කැපකිරීම් කරලා තමයි ජයග්‍රහණය ගත්තේ. රට වහන්න වහන්න කියලා කෑ ගහලා දැන් එනවා ජයග්‍රහණ ගැන කතා කරන්න.

:       15       14

සුද්දාMonday, 15 November 2021 04:08 AM

සෞඛ්‍ය සේවා මගින් විශාල සේවයක් කරලා තමයි ඔය තරමට හරි ජීවිත බේරාගත්තේ. නැත්නම් අපිත් ඉන්දියාව, ඇමරිකාව, බ්‍රසීලය, ඉතාලිය සහ එංගලන්තය ඇතුළු රටවල් වගේ හතර අතේ මිනී වළලන පුච්චන තැනට වැටිලා. රට ඇරියම දැන් ආයිමත් උද්ඝෝෂණ පටන් ගන්න හදන්නේ ආපහු කොහොම හරි මරණ ප්‍රමාණය වැඩි කරලා ඒ මිනී උඩින් එන පාර ආණ්ඩු බලය අල්ලන්න වෙන්න ඇති.

:       0       0

Sriland Monday, 15 November 2021 01:48 AM

කොරෝනා බොරුව ප්‍රවර්ධන කලොත් පිටරටවල් ගොඩ.

:       0       0

indika Monday, 15 November 2021 09:02 AM

මහත්තයෝ,පාරේ බස් අඩුයි,කොච්චි දුවන්නේ නෑ පාර නාය ගිහින්,දුවන බස් ටිකේ පොල් පටවල වගේ සෙනග...කාර්යාල සේවකයෝ ගෙවල් වලට උදේ හවස ගෙවල් වලට යන්නේ කොවිඩ් අරගෙන...කොවිඩ් පැතිරෙන එක අහන්න දෙයක් ද ....මේ හැම ආයතනයකම එකට වැඩ කරන්න ඕන ...නැතුව කොවිඩ් නවත්තන්න බෑ...කාර්යසාධක බලකා තියෙන්නේ මේවා කළමනාකරණය කරන්න...එයාල කරන්නේ මීඩියා ශෝ විතරයි

:       1       0

Senarath Monday, 15 November 2021 09:31 AM

අපේ රටේ ඉතිහාසය අරගෙන බැලුවත් මේකම තමා කෙල් .1815 දී සුද්දට රට අල්ලලා දුන්නෙත් රට ගැන නොහිතපු බල ලෝභී සිංහලයෝ .අදත් එහෙම තමා ..මොන දේ උනත් කමක් නෑ තමන්ට බලය ලැබෙනවානම්

:       0       3

ජයසුමන Monday, 15 November 2021 11:11 AM

සමහර රටවල සෞඛ්‍ය අංශ නම් එක දිගට මාස 3ක් ගෙවල්වල යන්නේ නැතිව සේවය කළා. අපේ රටෙත් සමහර සේවකයින් මහන්සිවෙලා අවංකව වැඩ කළා. ඒ අතර පැය 6 වැඩකරලා ගෙදර ගිය අයත් හිටියා. කෝවිඩ් දීමනා නැතිව වැඩ කරන්නේ නැහැ කියපු අයත් හිටියා. 4ට චැනලින් එකට ගිය අයත් හිටියා. හැබැයි කන්න බොන්න අග හිඟකම් තියාගෙන මාස 2කට වැඩිය ලොක් ඩවුන් වෙලා හිටිය එදිනෙදා පඩි ගන්න මිනිස්සු තමයි ලොකුම කැප කිරීම් කළේ....

:       0       6

naleen Monday, 15 November 2021 02:07 PM

විපක්ෂයේ කවුරු හිටියත් කරන්නේ ඔය වැඩේ තමයි. කාලකන්ණි දේශපාලුවන්. විපක්ෂයේ ඉන්නකොට තමයි ඔක්කොම අයට ජනතාවගේ බඩගින්න මතක් වෙන්නේ... ජනවාරි වෙනකොටවත් රට වහගන්න මහන්සි වෙමු..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 79 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15636 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 535 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site