(ඩයනා උදයංගනී)
සමගි ජන බලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඉකුත් 2019 ජනාධිපතිවරණයේදී අවස්ථානුකූලව තිබූ හොඳම විකල්පය ලෙස සජිත් ප්‍රේමදාස මහතා වූ බැවින් ඒ අනුව කටයුතු කළ බව කී මන්ත්‍රීවරයා තමා කිසිවෙකුට මඩ ගසන දේශපාලනයක නිරත නොවන බව ද සඳහන් කරයි.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (9) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ‘සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේද?’ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
සජිත් ප්‍රේමදාස මහතා වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා විපෂක්‍නායක පුටුවේ අසුන්ගැන්වීමට කුමන්ත්‍රණය කළේ දැයි මෙහිදී මාධ්‍යවේදියකු රණවක මහතාගෙන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා කිරීමට පෙරමුණ ගත්තේ ද තමා බවත්, තමන් කිසිම කෙනකුට යටින් මඩ ගහන වැඩ කරන්නේ නැති බවත්ය.
විවේචනයක් ඇත්නම් තමා එය කෙලින් ප්‍රකාශ කරන බව කී මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතා මේ රට පරම්පරික ප්‍රභූ පන්තියේ නෂ්ටාවශේෂයක් යැයිද ද ප්‍රකාශ කරයි
තමන් සිහින දකින්නේ රටේ පවුල් වාදයට උරුම වී තියෙන මේ දේශපාලනය රටේ නිපුණතාවය හා හැකියාව ඇති පරම්පරාවට උරුම කර දීමට බව ද කීවේය.
COMMENTS
කවුද අප්පේ ඔය කියන නිපුණයා...? ලංකාවේ තිබුණු ප්‍රධානම පක්ෂයේ කුජීත කරපු කෙනාද?
සජ බලවේගයේ කුමන්ත්‍රණය කරන මනුස්සයාම කුමන්ත්‍රණ තියෙනවද කියලා සම්මන්ත්‍රණ තියන එක මොන විහිලුවක්ද?
විපක්ෂ නායක හැටියට සජිත්ගේ ක්‍රියාකාරීත්වය ඉතාමත් දුර්වලයි. පවුල් දේශපාලනයෙන් තොර අලුත් නායකයෙක් රටට අවශ්‍යයයි.
සජිත් ගැන විශ්වාසයක් තියන්න බැහැ.. ඔහුගේ හැසිරීම මත... ඔහු බලයට ආවොත් එය රාජපක්ෂ පාලනයේ දිගුවක් වනු නියතය. අවුරුදු 73ක් අප ගෙනිච්චේ අඳුරු යුගයකටයි. ජවිපයට අවුරුදු 05 කියන්නේ දවස් 1800 ක් දීලා බලමු...
මේ ගොයියා ගැන මිනිසුන්ගේ කියවීම නම් ඉතාමත්ම අඩුය. එනමුත් මුන්දෑ පුතා ගැන සඳහන් කර ඇති දේ නම් ඉතාමත්ම නිවැරදිය.
සජිත්ට මනාපය පළ කරන යෝජනාවක් ගෙනාවා කියන කොටම අපිට ඕක තේරුණා. බළල මල්ලෙන් එළියට පැන්නේ දැන් තමා. කොහොම වුණත් බුද්ධිමත් විපක්ෂ නායකයෙක්ගේ අවශ්‍යතාව තියෙනවා. සජිත් කෙළින පිස්සු වලින් ආණ්ඩුව ප්‍රයෝජන ගන්නවා. දක්ෂ විපක්ෂ නායකයෙක් නැතිකම නිසා ආණ්ඩුව ඕන බහුබූතයක් කරනවා. අභියෝගයක් නැති නිසා. ඒ නිසා ආණ්ඩුවට අභියෝග කළ හැකි බුද්ධිමත්ව වැඩ කරන කෙනෙක් ඔතනට දාන්න.
තවත් බයිලයක් වගේ
මෙතුමා නිතරම පෙනිසිටීන දේශපාලන කදවුරු ගැන අපට විශ්වාසයක් නොමැති වුනත්, රටක රාජ්‍ය නායකත්වයකට ඉතා සුදුසු පුද්ගලයෙකි. අද සිටින නායකයා ගැන සිතන විට මෙතුමා ඉතා දක්ෂයෙක් වශයෙන් සැළකිය හැකියි. අනුන්ගේ දැනීම මත යැපෙන්නට යන පුම්බා ගත් චරිත රටකට සුදුසු නොවේ. කවර දේශපාලන පක්ෂයකින් වුවත් දක්ෂ, බුද්ධිමත් පාලකයෙක් පැමිණීම රටේ වාසනාවයි.
මේ රටේ මිනිස්සු කවදාවත් මොහු බලයට නොගෙනෙනු ඇත. එයට හේතුව දේශපාලනිකව ඔහු පුම්බන්නට මාධ්‍යද, පාරම්බාන්නට පවුල් පරිසරයක්ද, අවස්ථාවාදීව දේශපාලනය නියැලෙමින් පපුවට අතගසන්නට ඔහුට නොහැකි වීමයි.. ඔහු රටට කළ කීදේ පුද්ගලික කාරණා මත ඔහු මඩවලින් වසා දේශපාලනිකව හුදකලා කරනු ඇත.. නූගතුන් බල්ටිගසා ජනයාට සෙල්ලම් පෙන්නනු ඇත..
පාඨලී චම්පික රණවක කියන්නේ තම උගත්කම ඔප්පු කරලා පෙන්වපු දක්ෂයෙක්. හැමදාම පාඩුපිට දුවන තෙල් පිරිපහදුවත් විදුලි බල මණ්ඩලයත් ලාභ ලබන තත්වෙට ගෙනල්ලා වැඩ පෙන්නුවේ මෙතුමා විතරයි. මෙතුමා එන්න කලිනුත් ගියාට පසුවත් ඒවා පාඩුයි. රටට ආදරයක් තියෙනවා නම් ජනතාව සර්ගේ පුටුවේ වාඩි කරවිය යුත්තේ මෙතුමාවයි. මොකද සර් මීතොටමුල්ලේ මිනීමරු කුණු කන්දක් ගහන කොට මෙතුමා ඒ කුණු කන්දෙන් බලශක්තිය හදන්න කටයුතු කළා.