(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය වසරේදී ක්‍රියාත්මක කිරීමට අපහසු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බව ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජ්‍ය අධ්‍යක්ෂක උත්සව් කුමාර් මහතා ප්‍රකාශ කළේය.
එලෙස ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය යථා තත්වයට පත් විමේ සලකුණු පෙන්නුම් කිරීම පිළිබඳව සතුටට පත්වන බවද ඔහු පැවසුවේය.
මෙරට ඇතිවූ අර්ථික අර්බුදයට මුල් වූ කරුණු ආමන්ත්‍රණය කිරීමටත් ආර්ථිකය ස්ථාවර කරමින් ධනාත්මක වර්ධනයක් ඇති කර ගැනීමටත් ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව කුමාර් මහතා ප්‍රකාශ කළේය.
එසේම මෙම වසරේදී සියයට 1.9 ක ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කර ගනු ඇති බවත් ලබන වසරේදී එය සියයට 2.5 ක් දක්වා ඉහළ යනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර ඇත.
ආසියානු සංවර්ධන බැංකුව පසුගියදා එළි දැක්වූ ආසියාවේ ආර්ථික දැක්ම ප්‍රකාශනයේ ඉහත පුරෝකථනයන් දැක්වේ.
එපමණක් නොව මෙරට උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පැමිණ ඇති බවත් මෙරට නිල සංචිත ඉහළ යමින් පවතින බවත් එම ප්‍රකාශනයේ සඳහන් වේ.
එසේම ශ්‍රී ලංකා රුපියලද මේ වනවිට ශක්තිමත් වී ඇති බවද එම ප්‍රකාශනයේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
895
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘‘ශ්රී ලංකාවේ ප්‍රගතිය ප්‍රසංසනීයයි‘‘
Rawana Saturday, 13 April 2024 06:56 AM
ආසියානු සංවර්ධන බැංකුවට තේරෙන සරල දේ මේ රටේ මෝඩ ජෙප්පන් ට නොතේරීම තමයි දුක