
(අංජුල මහික වීරරත්න සහ පද්මසිරි ගාර්දියවසම්)
විස මත තුරන් කිරීමේ සටනට එරෙහිව නැගිටින දේශපාලන පෙරමුණ දේශපාලන වශයෙන් පරාජය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටම එකට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ දකුණු පළාත් වැඩසටහනේදී අද (20) පැවසීය.
මත් කුඩු ව්‍යසනයේ නොපෙනෙන හස්තයක් තිබෙන අතර ඔවුන් රජයේ අරමුණ බොඳ කරන්නට මහජන උද්ඝෝෂණ,පෙළපාළි සඳහා මුදල් යෙදවිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය. "අද සිට වෙනස් වෙමු ,විස මත නසන්නට එකට පොර බදිමු යැයි ජනාධිපතිවරයා මෙහිදී සියලු පාර්ශව වෙත ආරාධනා කළේය. තංගල්ල මහජන ක්‍රීඩාංගනයේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම රැළිය පැවැත්විණි.
දකුණු පළාතේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සහ අපරාධ මර්දන මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වූ ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අතින් තිළිණ ප්‍රදානය කෙරිණි.
මෙරට තරුණ ප්‍රජාවේ ජීවිත අවදානමට ලක් කරන විෂමත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම අරමුණු කර ගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පළාත් නවය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා :-
ලක්ෂ ගණනක් දරුවන් මත්ද්‍රව්‍ය ව්‍යසනයේ ගොදුරු බවට පත්ව තිබෙනවා.පවුල් සංස්ථා බිඳ දමා තිබෙනවා.මේ ව්‍යසනය ගම්මාන බියට පත් කර තියෙනවා.
මත්ද්‍රව්‍ය ලෝලියෙක් බවට පත්වන දරුවා දෙවැනි පියවර හැටියට වංචාවේ දූෂණයේ යෙදෙන්න පටන් ගන්නවා.මුලින් ගෙදර දේ සොරාගෙන ඉන් පසුව රටේ දේපොළ සොරා ගන්නවා.අනතුරුව ඔහු මත්ද්‍රව්‍ය ජාලයේ ගොදුරක් බවට පත් වී කුලියට මිනී මරන්න පටන් ගන්නවා. අපරාධ වලට අත්අඩංගුවට ගන්න අයගෙන් සියයට අනූවක් පමණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයයි.මත්ද්‍රව්‍ය ව්‍යසනය අප රටේ අනාගතයේ මුළුමනින්ම ගිලගෙන තියෙනවා.ඒ මත් ද්‍රව්‍ය හරහා විශාල මුදල් කන්දරාවක් සැරිසරනවා.සාමාන්‍යයෙන් අප රටේ කිසිම ව්‍යාපාරයකින් වසර සිය ගණනක් බැරි ධනයක් ඒක බෝට්ටුවෙන් හොයනවා.ඒ ධනය විවිධ කළු ව්‍යාපර වෙනුවෙන් යොදවනවා. අපේ රාජ්‍යය යාන්ත්‍රණයේ දුර්වල පිරිස් මිලදී ගන්න ඒ ධනය සමත් වෙනවා. මත්ද්‍රව්‍ය වැටලීම් මෙන්ම ඔවුන්ට එල්ල වන තර්ජන වැළැක්වීම සඳහා ඒ ධනය යොදා ගන්නවා. ඔවුන්ට තර්ජන එල්ල වන්නේ රාජ්‍ය යාන්ත්‍රණයෙන්. ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වල පුරුක් ඔවුන් මිලදී ගන්නවා. ඒ නිසා බොහෝ ගම්මාන වලින් අහවල් පොලිසිය නම් මේ වැඩේ හරියට කරන්නේ නෑ වගේ කතා අහන්නට ලැබෙනවා. සමහර විට බියට පෙනවා බන්ධනාගාර නිලධාරීන් සිරගත වී සිටින අපරාධ කරුවාට ගෙදර ජීවිතයටත් වඩා පහසුකම් සැපයූ අවස්ථා තියෙනවා.


2025 නොවැම්බර් මස 17
116
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
960
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2568
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘‘විස මතට හිත ගිය දේශපාලන පෙරමුණ පරාජය කරනවා‘‘