
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
බලය ලබාගත් පසු උන්මත්තකයො ලෙස උද්ද්ච්ඡ කමින් හැසිරෙන්නෙ නැතිව මිනිසුන්ගේ හඬට කන් දීමට ආණ්ඩුවකට හැකියාව තිබිය යුතුයි. ගමේ ජීවත් වෙන කෙනෙක් විදිහට මම මුල ඉදලම කිව්ව මේ පොහොර සම්බන්ධ තීන්දුව ලොකු අර්බුදයක් බවට පත්වෙනවා කියලා. දැන් අපේ ගොවීයන් වැඩකටයුතු ටික කරලා පොහොර නැතිව බලාගෙන ඉන්නවා යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (16) නිකවැරටියේ දී පැවසීය.
නිකවැරටිය ගල්කන්ද ප්‍රදේශයේ බතික් කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එසේ කීය.
දැන් පිටරටින් ගෙනත් තියෙන්නෙත් ඇත්තටම රසායනික පොහොරක්. එක පුද්ගලයකු විතරයි කියන්නේ ඒවා රසායනික නෙමෙයි කියලා. මේ ගෙනත් තියෙන්නෙත් රසායනික පොහොරම තමයි. ඒකේ ටොන් එකක් ඩොලර් 400 ක් වෙලා තියෙනවා. ඒ වෙලාවෙ යූරියා ටොන් එකක් ගෙනාවේ ඩොලර් 225 ට. ඒ වෙලාවේ යූරියා ටික ගෙනාවනම් අද මෙහෙම වෙන්නෙ නැහැ. ගොවීන්ගේත් අදහස වෙන්නේ සීයට පනහ බැගින් රසායනික පොහොර සහ කාබනික පොහොර යෙදීම කළොත් හොදයි කියලා. දැන් තව දවස් 15 ක් විතර වෙනකොට පොහොර නොලැබුණොත් ගොවි බිම් සෑහෙන ප්‍රමාණයක් අතහැර දමන තත්වයක් ඇතිවෙයි. අද ගොවීන් වී ටික ගෙවල්වල තියාගෙන ඉන්නවා විකුණන්නේ නැතිව.
ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් සධාරණ මිළක් නොලැබීම. අනික මේ පොහොර ප්‍රශ්නය නිසා මෙවර මහ කන්නයේ අස්වැන්න ගැන ඔවුන්ට විශ්වාසයක් නැහැ. ඒ නිසා තමන්ට කන්න හරි වී ටිකක් තියාගන්න ඕන කියන අරමුණින් වී විකුණන්නේ නැහැ.
ඒ හේතුවෙන් නැවත වෙළද පොලේ හාල් හිගයක් ඇතිවෙනවා. ඒකට විකල්පය වෙන්නේ හාල් පිටරටින් ගෙන්වන එක. මේක විශම චක්‍රයක් වගේ වෙලා තියෙන්නේ මේ පොහොර සම්බන්ධයෙන් ගත් වැරදි තීරණය නිසා.
ජනාධිපතිතුමාගේ කාබනික පොහොර තීන්දුව හොදයි . ප්‍රශ්නය තියෙන්නේ මේක අවුරුදු දහයකින් විතර කරන්න තිබුණ වැඩක්.
නමුත් මේ හදිස්සියේ කරන්න ගියාම ලොකු අර්බුදයක් එනවා. මම ගමේ ඉන්න කෙනෙක් විදිහට කියන්නේ මේ රසායනික පොහොර ටික ගෙනල්ලා දෙන්න කියලා තවමත් පරක්කු නැහැ. ලංකාවෙ මොන ප්‍රශ්න තිබුණත් අපි බත් ටිකක් උයාගෙන පොල් සම්බෝලයක් හදාගෙන හරි කපු රටක්. දැන් අද ඒකත් නැති වුණාම හාමතේ බඩගින්නේ මැරෙන්න වෙයිද කියන බය මිනිස්සුන්ට තියෙනවා.
අද ලෝකයේ තෙල් මිළ වැඩිවෙලා නිසා අපේ රටෙත් තෙල් මිළ වැඩිවෙන්න පුලුවන්. ගෑස් මිළ වැඩිවෙලා. කිරිපිටි මිළ වැඩිවෙලා.ඒවා ඔක්කොම කොවිඩ් වසංගතය නිසා ලෝකයේ ඇතිවුණ ප්‍රශ්න. නමුත් මේ පොහොර ප්‍රශ්නය අපිම ඇතිකරගත් ප්‍රශ්නයක් එයින් මිදුනොත් අපට අනිත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක දෙක වදින කොටයි ඇත්ත තේරෙන්නේ...
කතාව එසේ උවත් ඔබලාගේ ක්‍රියාව එසේ නොවේ. ඉදිරියේදී මැතිවරණයක් පැවැත් උවද ශ්‍රී ලාංකිකයන් මේවනවිට සුදානම්ව සිටිනුයේ අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවා නව දේපාලන ක්‍රමවේදයක් රට තුල නිර්මාණය කිරීමේ බලාපොරොත්තු ඇතිවය. ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් තුල සිදු නොවිය යුතු සියල්ල සහ දේශපාලකයන්ගේ හැසිරීම් මේවනවිට ලංකාවේ පාර්ලිමේන්තුව තුල සිදුව තිබේ.
මොන දේශපාලන මතයක් දැරුවත් ඔබ කියන කතාවෙ ඇත්තක් තියෙනවා.
දයාවෙන් පිරි දයාසිරි මෙතෙක් කල් බලය ගත්ත හැමකෙනාම කෙරුවේ ඕකම තමා.
විස්සට අත උස්සනකොට ඕවා කල්පනා වුනේ නැහැ නේද?
රසායනිකයි කාබනිකයි එකට කරන්න බෑ. කාබනික පොහොර සක්‍රිය වෙන්නේ ක්ෂුද්‍ර ජීවීන් මගින්. රසායනික පොහොර දාපු ගමන් ක්ෂුද්‍ර ජීවීන් මැරෙනවා. එතකොට කාබනික පොහොර අක්‍රිය වෙනවා. ඒ නිසා එකක් තෝරාගමු.
මසුරන් වටින කතාවක්. ඔබතුමා ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. පැහැදීමක් තියෙනවා. පොළොවේ පයගහල ඉන්න කෙනෙක් විදියට. පොඩි මිනිහගේ දුක දන්න කෙනෙක්. ඔහොම යමු.
ඔබේ අදහස හරි නමුත් පළාත්සභා ඡන්දෙන් පස්සේ ඔය කතා සියල්ල අමතක වෙනවා.
ඡන්දයක් ලං වෙනකොට තමා හැමෝටම මේ බයිලා මතක් වෙන්නේ.... දැන් අවුරුදු 70 විතර එකම කරනවා දෙපැත්තේම උදවිය. මිනිස්සුත් මේවා අහලා ඔහේ ඡන්දෙ දෙනවා. පස්සේ බනිනවා. ආපහු අනික් පැත්තට දෙනවා... මේක නවත්තන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. මේ රටට දියසේනලා එලකල් බලන් ඉන්න මෝඩ මිනිස්සු තමා මේ රට මේ වැටිලා තියන විපතට වගකියන්න ඕන. මේ දෙගොල්ලොම විනාශකාරී බොරු කාරයෝ කියන එක 2015 ඉදන් 2021 වෙනකම් සිද්ද උන දේවල් හොද මනසකින් බැලුවොත් පෙනෙයි. තවත් මේ සෙට් එකටම ඡන්දෙ දීලා තමන් දුක් විදිනවද කියල තීරණේ කරන්න ඕන රටේ ඡන්ද දායකය.
ඔවුන් උපන්නේම උන්මන්තකයන් සහ තක්කඩියන් ලෙස ය.
නිකම් බොරු බේගල් ගහලා ජනතාව අන්දවන්ඩ එපා. ඔබතුමා ඒ කාලේ කියපු කරපු කතා අන්තිමට ,පැනපු පැනිල්ල ගැනත් අපිට අමතක නැහැ.
විකාර කියන්න එපා මහත්තයෝ. ඔයාලා හැසිරුණු ආකාරය අපිට හොඳට මතකයි.
හින් බණ්ඩා මහත්තයෝ. මේ අය අනික් අයට වඩා හොඳ ඇති ඒත් කිල්ලොටේ හුණු තියෙනවා. මේත් ඇලෝසියස් දීපු සල්ලිවලින් ඡන්ද කරපු කෙනෙක්. යු එන් පී හිටපු කාලේ වෙන්න ඇති ගත්තේ, නමුත් ගත්තනේ. අනික ගිය අවුරුද්දේ කොරෝනා හැදිලා හික්කඩුවේ ඉඳිද්දී ගෙදරින් කෑම බීම ඇරියේ කොහොමද. තමුන්ගේ වාහන පාවිච්චි කරලද. ඒ විතරක් නෙමෙයි, ගමේ ඉන්නවා කියලා කිව්වට ගෙදර පවූලත් ගමේද ඉන්නේ. ඔය කියන හැම දෙයක්ම එක වරම විශ්වාස කරන්න අමාරුයි නිසා හොයලා ඉම්මු. මොකද, ඇලෝසියස් සල්ලි දීපු බව එයාට පිලිගන්න වුණා. හික්කඩුවට කෑම එවපු හැටි එයා දන්නවා ඇති නමුත් ඒ ආයතනයේ හැමෝම දන්නවා.
ඔබ විපක්ෂයේ පොදු අපේක්ෂකයක් ලෙස වයඹට අවොත් ඡන්දෙන් විශිෂ්ඨ ජයක් ලැබෙන එක නියතයි.
අපේ කරුමේ කියන්නේ ඕවා මතක්වෙන්නේ බලේ නැතිවීගෙන එනකොට.
මේ යෝදය කාලයක් පුද්ගලික ලේකම් ලෙස G L පීරිස් රෙදිපිලි කර්මාන්ත ඇමති ලෙස හිටපු කාලේ ඔහු ලඟ වැඩකලා. මේ අයගේ කෙරුවාවල් ඒ තරමට දුඟදයි.
කෘෂි ඇමති වෙන්න හිතාගෙනද දන්නැහැ මෙයා වැරදි පෙන්නනේ. අපි දන්නවා ඔබ ඇතුළු කට්ටිය කරපු විහිළු වැඩ. දැන් අපිට ඕන අලුතින් හිතන රටට වැඩක් ඇති තීන්දු ගන්න පිරිසක්.
ඔය කියන උන්මත්තක අය 69 ලක්ෂයකගේ උදව්වෙන් ඔය තැන්වල තිව්වෙත් තමුන්නහෙලම නෙවද ? මොකද අපිද ? කමක් නැහැ දැන් ගියදේ ගියාවේ ඉස්සරහට වත් මේ රට හරි තැනකට ගන්න දැන් පෙළ ගැහීගෙන යන විදියක් පෙන්නුම් කරන ව්‍යාපාරයකට උදව් කරන්න.
මෙම රසායනික පොහොර හන්වාදුන්නේ රන්ජන් විජේරත්න ඇමතිවරයා 1978 පමණ ගොයම් ගස් හොඳට වැවුනා පලදාවත් එහෙමයි අපි සතුටු වුනා නමුත් වසර තිහකින් පමණ ජාතිය පිළිකා, වකුගඩු අබාද වලට ලක්වෙන බව කිව්වා.
20 හොඳයි කියලා ඇත ඉස්සුවෙත් ඒ උම්මන්තකයෝ වගේ අය තමයි.
කවුද උන්මත්තකය ? අපේ සර් එහෙම නෙවෙයිනේ ?
ඔබ තුමා ඇතුළු අනිත් තුමන්ලාගේත් තෙල් බේරෙන මූණු ටික දැක්කාම පාර්ලිමේන්තුවේ සුපිරි අවන්හලෙන් සම්බෝලයි බතුයි කාලම ඉන්න බව පැහැදිලියි.
රසායනික පොහොර ගහන්න ඕනෑ පාර්ලිමේන්තුවට සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට... ඔය හිසකෙස් වැටිලා ලෝකයෙන්ම අවලස්සන රෝගී ජාතියක් බිහිවුණේ රසායනික පොහොර භාවිතය නිසා...
දැනට රටේ තිබෙන තත්වය අනුව, ලබන පළාත් සභා ඡන්දයේදී, විදේශ ශ්‍රමිකයන්ගේ, ගොවි, ගුරුවරුන්ගේ සහ මාධ්‍යම පාන්තික පවුල්වල ඡන්ද පොහොට්ටුවට නැහැ. අත, බුලත් කොළ පෙන්වලා ඔවුන් මුලා කරන්න බැහැ. බොරු විරෝධ පෙන්වලා මුලා කරන්නත් බැහැ... විපක්ෂයෙන් පොල් පිත්තක් ඉදිරිපත් කළත් දිනනවා..
උඩ සමහරෙකුගේ අදහස් බලන විට තේරෙනවා ලංකාවේ මෙච්චර වෙලත් වහල්කම නැතිවෙලා නැහැනේ කියලා...
තවත් මේ කැනහිල්ලුන්ගේ කපටි කතාවලට රැවටෙන කට්ටියකුත් ඉන්නවාලු.. අවුරුදු 70ක් ම දීලා වැඩ වරද්දාගෙන තවත් දෙන්න යනවා...
සති දෙකෙන් ගෙනෙන ව්‍යවස්ථාවත් රට විනාස කරන ජනපතිට සම්මත කර දෙනවද සම්මත කරනවානම් කියන කතා වැඩක් නැහැ.
ඔව්, ඉතින් කාගෙත් පස්ස බිම ඇනුණාම තමයි චතුරාර්ය සත්‍යය අවබෝධ වෙන්නේ. හැබැයි පුටුව මාරු වුණ ගමන් මොලේ උණක් හැදෙනවා. බලයට ආවාම මෙයා නටන්නෙත් පොහොට්ටුකාරයින් වගේම තමයි. හා නැද්ද?
ඡන්දෙට පෙර ජනතාව උම්මන්තකයන් ලෙස හැසිරෙන්න හොඳ නැහැ. ඒ වගේම ඡන්දෙන් පස්සෙත් විපරම් කරන්න ඕන ප්‍රතිපත්ති පාවා දෙන අයට ගමට එනකොට සලකන්න.