
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසියේ ප්‍රධානීන් තමාට කල් තියා දැනුම් දුන්නේ යැයිද පොලීසියේ රාජකාරි කටයුතුවලට බාධා කිරීමට හැකියාවක් නැතැයිද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
කතානායකවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදීය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.
පොලීසියේ ඉහළ නිලධාරීන් මට මේ සිද්ධිය වාර්තා කළා. උසාවියට කරුණු වාර්තා කරලා කුමාර් පොන්නම්බලම් මන්ත්‍රිතුමා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව දැනුම් දුන්නා . එතුමාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති අයිතියට බාධා කරන්න කිසිම කෙනකුට බෑ. පොන්නම්බලම් මන්ත්‍රීතුමාත් පොලිසියේ අයත් ඩීඅයිජී මහත්තයාත් මේ සම්බන්ධයෙන් මට කතා කළා. . අද ඔහු කිලිනොච්චි උසාවියට ඉදිරිපත් කරලා ආපහු පාර්ලිමේන්තුවට සහභාගි කරනවා කියලා කිව්වා. ඒක තමයි ඒ අයගේ සැලැස්ම. ඒ රාජකාරියට බාධා කරන්න අපිට බැහැ. උසාවියට ඉදිරිපත් කිරීම ඒ අයගේ වගකීමක්. ඒ තත්ත්වය තමයි වාර්තා වෙලා තියෙන්නේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට අරගෙන තියෙනවා. සිද්ධියේ හරි වැරදි ගැන කතා කරන්න සූදානම් නැහැ. නමුත් මන්ත්‍රීවරයකු විදියට එතුමාගෙ වරප්‍රසාද කතා කතාකරන්න ඔහුට අයිතියක් තියෙනවා. එතුමා ඔබතුමාටත් කතා කරලා තියෙනවා. පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසු පොලිස් ස්ථානයට යනවා කියලා කියලා තියෙනවා. ඔහුගේ ප්‍රතිපත්ති ගැන අපිට වෙනම මතයක් තියෙනවා. මේ සභාවට එද්දී ඔහු අත්අඩංගුවට ගන්න බැහැ. මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අරක්ෂා කරන්න කටයුතු කරන්න.
විපක්ෂ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:
ඔහු සාමකාමී මන්ත්‍රීවරයෙක්. ඔහුට ආරක්ෂකයන් නැහැ. උතුරේ මන්ත්‍රීවරයකු වෙලත් ආරක්ෂකයන් නෑ. මෙතන සමහරුන්ටනම් ආරක්ෂකයෝ පහ හය ඉන්නවා. ඔහු හැමතැනම යන්නෙ ඩ්‍රයිවර් එක්ක විතරයි. එතුමා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ පාර්ලිමේන්තුවට එද්දී. එහෙම කරන්න බැහැ. පාර්ලිමේන්තුවට එද්දී යද්දි මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගන්න බැහැ.
COMMENTS
නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිවකුට විශේෂ වරප්‍රසාද හිමි විය යුතුයැයි මොවුන් ප්‍රකාශ කරන්නේ නම් මොවුන්ගෙන් නීතිය ක්‍රියාත්මක කිරීමක් කිසිදා අපේක්ෂා කළ නොහැකි වනු ඇත. අනෙක ඔහු ආරක්ෂකයන් නොමැතිව කොළඹ සිටින්නේ නම් එයින් අදහස් කරන්නේ කොළඹ කිසිඳු ජාති බේදයක් නැතිව ජීවත් විය හැකි බවයි. එහි ගෞරවය හිමිවිය යුත්තේ වෙන කිසිවකුට නොව රටේ සාමාකාමී ජනතාවටයි. එලෙස සාමකාමී පරිසරයක ජීවත්වෙමින් උතුරු හො නැගෙනහිර පළාතේ සාමකාමී ජනජීවිතය අවුල් කිරීමට කටයුතු කරන්නේ දේශපාලන වාසි සඳහා බව එම ප්‍රදේශයේ ජනතාව වටහාගත යුතුයි. එය වටහාගත නොහැකි වීමේ අගෞරවය එම පළාතේ ජනතාවටයි...
හැබෑටම මෙහෙමත් විහිළු නායකයෙක් සහ කිරි පප්පෙක්. වුණු සිද්ධියේ හරි, වැරැදි වැඩක් නෑලු. එයාට තියෙන වරප්‍රසාද අනුව අත්අඩංගුවට ගැනීමලු ප්‍රශ්නේ. එතකොට ඕකේ ඉන්නේ වෙනත් තැනකින් ආපු අමුතු ජීවීන් කොටසක්ද? වරප්‍රසාද අනුව නීතිය නැවෙනවද? සාමාන්‍ය මිනිස්සුන්ට ඔය වරප්‍රසාද අදාල නැද්ද? අනේ මෙහෙමත් ඡන්දවලට කෙළ හලන විහිලු නායකයෙක්... වෙච්චි සිද්ධිය රට්ටු දැක්කා. දැන් ඉතින් ඔච්චර අමාරුනම් යාලුවා බලන්න ගිහින් වොයිස් කට් දෙනවා. මේ කපේදී තමුන්ට රටේ නායකයා වෙන්න බෑ...
කිරිඇල්ලට මොකද වෙලා තියෙන්නේ?.
සජිත් රටේ මහජනතාව වෙත තියෙන කැක්කුම තමයි මේ ප්‍රදර්ශනය කරන්නේ. කිරිඇල්ල අනිත් කෙනා. මේ තමයි මේ අයගේ හිත ඇතුලේ තියෙන දේ.ඒත් කට හා ඇට නැති දිව හරවා හරවා තොර තෝංචියක් නැතිව කියවන්න හරි දක්ෂයා. සජිත් වගේම කිරිඇල්ලට නායකයෙකු සතු ගුණාංග පිහිටලා නැහැ. ව්‍යාජ නායකයින්.
තමන්ගේ වාසියට රට ජාතිය පාවා දෙන සජබ පාහරයින්ට අපි චන්දෙ දෙන්නේ නැහැ.
පොන්න අම්බලම උතුරේ සිංහල බෞද්ධ යින්ට කරන කෙනහිලි වලට මේකව හම ගහලත් මදි. අනේ රට නැවත 1957 කාලෙට යනවා නම්.