
(ඩි.ජී.සුගතපාල)
මැතිවරණ කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක් බවත් ඒ නිසා අධිකරණ තීන්දුව අනුව කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.
රත්නායක මහතා මේ බව කියා සිටියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ අවසරලත් අනුමත මුදල පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
රත්නායක මහතා වැඩිදුරටත් මෙසේද කීය.
“ඕනෑම මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ බලපැවැත්වෙන නීතිය තමයි ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට හැකියාවක් නැහැ. ඡන්ද කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක්.
හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියල අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. අධිකරණ නියෝග අනුව කටයුතු කරනවා. අද පැමිණියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව ඔවුන්ගේ අවසරලත් අනුමත මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. එම මුදල නුදුරු දිනයකදී ප්‍රකාශයට පත් කරනවා.“

COMMENTS
ඉක්මනට තියන්න අදහස් කරනවනම් ඇන්ම රාහුකාලෙ බලලා තියාගන්න. අන්තිමේ ආයෙත් නැකැත් බලන් එනක් පහු කරන්න වෙයි.
බොලාට සල්ලි වැඩි වෙලාද කාබාසිනියා කරන්නෙ. කන්න බොන්න නැති මිනිස්සු ඉන්නවා.
දැන් ඇල්පිටියේ තරුණ පිරිසට අලුත්ම නාමලේඛන අනුව නාමයෝජනා දෙන්න අවස්ථාව ලැබුනා අනෙක් ප්‍රදේශවල මෑතකදී 18 සම්පූර්ණ වූ තරුණ පිරිස් වලට නාමයෝජනා දීමට අවස්ථාව අහිමි වෙනවා එය ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් කියලා කියන්න පුළුවන් එහෙම වුනොත් සාධාරණයක් නැහැ අධිකරණය මැතිවරණය ඉක්මනින් පවත්වන්න කියලා තිබුනා වුනත් කෙනෙකුට පුළුවන් නේද ඔහුටත් පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත් වෙන්න අවස්ථාව ඉල්ලීම කරන්න එහෙම වුනොත් මොකද කරන්නෙ