තමන් කිසිදු අවස්ථාවක පාසල් නැවත විවෘත කළ යුතු යැයි යෝජනා නොකළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍ය සහ අණුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර ඇත.
විශේෂයෙන්ම රට වසංගතයට මුහුණ දී සිටින අවස්ථාවකදී, තමන් පළ කරන අදහස් වැරැදියට උපුටා දැක්වීමෙන් හෝ අර්ථ විකෘති වන අන්දමින් උපුටා දැක්වීමෙන් වළකින්නැයි මෙරට මාධ්‍යවලට අවධාරණය කරන බව ද ඇය සඳහන් කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍ය සහ අණුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ පණිවුඩ යේ මෙසේ ද දැක්වේ.
“ශ්‍රී ලංකාවේ මාධ්‍ය මම පළ කරන අදහස් වැරැදියට උපුටා දක්වපු සහ අර්ථය විකෘති වන අන්දමින් උපුටා දක්වපු සෑම අවස්ථාවකදීම මම නිහඬව සිටියා. මෙම මිනිත්තු 30ක 40ක කතාවක කරපු එක වාක්‍යයක් උපුටා දක්වමින් මම පළ කළ සම්පූර්ණ අදහස් සහ මම කරපු සමස්ත අදහස විකෘති කරලා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය මට මේ කරන වැඩෙන් මම මහත් වෙහෙසට පත් වෙලා. මම මෙයින් මහත් පීඩාවට පත්වෙලා. මෙය නැවැත්විය/අවසන් විය යුතු යි. ඔවුන් මෙහෙම කරන්නේ ඇයි ? මේකේ අවසානයක්/ඉවරයක් නැද්ද. මා වැරැදියට අර්ථ දැක්වීමෙන් සහ වැරැදියට උපුටා දැක්වීමෙන් සහ මම නොකියපු දෙයක් පළ කිරීමෙන් වෙන හානිය ඔවුන් දන්නේ නැද්ද ? ඒ වගේම මාධ්‍ය මෙය දැනගත යුතු යි. මම මිනිත්තු 30ක 40ක් අදහස් දැක්වූ අවස්ථාවකදී, එයින් එක් වාක්‍යයක් පමණක් උපුටා අරගෙන එය සිරස්තලය ලෙස යෙදීමත් කොතරම් නොමඟ යැවීමක් ද ?
දැන්ම පාසල් විවෘත කළ යුතු යැයි මා කිසිදු අවස්ථාවක පැවැසුවේ නැහැ. අපි ඉන්නේ ලොක්ඩවුන් එකක. දැන් තමයි මරණ සහ ආසාදිතයන්ගේ ගණන අඩු වෙන්නේ. ගේට්වේ විද්‍යාලයේ දී මා ඇත්තටම පැවැසුවේ කුමක් ද කියා දැන්න ගන්න කාට හෝ වුවමනාක් තිබෙනවා, ඊට අදාළ සබැඳිය මා පහතින් දක්වා තිබෙනවා.
ඒ වගේ ම මා මෙය ප්‍රකාශ කළා ද නැද්ද කියා කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව මාධ්‍යයේ පළ වූ ලිපිවලට, මට නින්දා කරන්න, අපහාස කරන්න එපා. මට අවමන් කරන්න එපා. මට ඔබට කියන්න කිසි දෙයක් නැහැ” යනුවෙනි.
COMMENTS
ඩොනල් ට්‍රම්ප් ට්විටර් පණිවිඩ නිකුත් කරන්නේ .ඔබගේ ප්‍රකාශයේ ට්විටර් මගින් නිකුත් කරන්න .
මේ අය දන්නා දෙයක් නැහැ.
ඔබ වැනි විද්වතුන් ශ්‍රී ලංකාවේ රැඳීසිටින්නේ අතලොස්සක් පමණයි. මුදලට වඩා ආත්ම තෘප්තියකින් ලංකාවට සේවයක් කිරීම වර්තමාන ජරාජීර්ණ දේශපාලන හා සමාජයීය සංස්කෘතිය තුල හරියට උඩුගං බලා පිහිණීමක් වැනි දෙයකි.
කිසිම වගකීමක් නැති ,තමන්ගේ දේශපාලන, අත්තනෝමතික මත ප්‍රචලිත කරන මාධ්‍ය වලට නඩු දැමීමට ක්‍රමයක් තිබිය යුතුයි.
මේ අය හිතාගෙන ඉන්නේ ඒ අය හරි ලොකු අය කියල
ඔබ පාසල් විවෘත කරන්න කිව්වා නම්.., ඔබ තමයි නියම, රටට ආදරය කරන කාන්තාව ... වහන්න කියන්නේ කොරෝනා අරමුදල් වලින් කොමිස් ගන්න දේශද්‍රෝහියෝ..
රට වටකර වැට බැන්දත්, කට වටකර වැට බඳින්න බැහැ කියන කියමන සමහර බුද්ධිමතුන් දන්නේ නැහැ වගේ... තමන්ට ජාතියට සේවය කරන්න ලැබුණු අවස්ථාව පැහැර හැරලා අභියෝග වලට බයවෙලා අනිත් අයව තමන්ගේ අදහසට එකඟ කරගන්න නායකත්වය දෙන්න බැරුව දැන් තැන් තැන්වල කතා පවත්වලා ජාතික සේවයක් කරන්න බැහැ..
විවුර්ත කරන්නේ මොන පාසල්ද? ලංකාවේ අධ්‍යාපනය නිකන්ම පුද්ගලීකරණයට ලක්වෙලා. ජාත්‍යන්තර සහ ටියුෂන් විතරක් වැඩ. නිදහස් අධ්‍යාපනය ස්ට්‍රයික්...
ළමයින්ගේ ජීවිත අවදානම ගැන මීට වැඩිය සිතා බැලිය යුතුය. පවතින තත්වය යහපත් නැත.
ඔක්කොම සුද්ද කළ යුතුයි. කුට්ටිවලට පෙරේතකමට නොමග යවන්න එපා...