IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘‘නේපාලය ගැන කනගාටුවයි‘‘

(ෂේන් සෙනෙවිරත්න)

සමාජ මාධ්‍ය යහපත් දේට යොදාගත යුතු බවට නේපාලයට අද වන විට පාඩමක් කියාදී තිබෙනවා. තරුණ පිරිස තම රට ගැන අගක් මුලක් මෙන්ම ඉතිහාසයක් නොදැන එය විනාශයට පත් කර බව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනූනායක  වේඩරුවේ උපාලි අනුනාහිමියන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියහ.

නේපාලයේ ඇතිවූ අතිශය කණගාටුදායක සිදුවීම් මාලාව පිළිබඳව අප මහත්සේ කම්පනයට පත් වූවා. අප බුදුපියාණන් වහන්සේ උපන් දේශයේ මෙවැනි ශෝචනීය දරුණු කැරැල්ලක් නිර්මාණය වී ඇති වූ සංවේග ජනක සිදුවීම් මාලාව කිසිසේත් සුළු කොට තැකිය නොහැකියි.

දකුණු ආසියාතික රටවල් වැනසීමේ යම් යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළවල් කලක සිට ක්‍රියාත්මක වෙන බව පැහැදිලිව පෙනී යනවා. විශේෂයෙන් අතීතයේ බෞද්ධ රටවල්ව තිබූ රටවල් මෙන්ම බෞද්ධ උරුමයන් ඇති රටවල ගැටුම් ඇතිකර එම රටවල් වැනසීමට ගන්නා උත්සාහයක් ඇති බව නේපාලයේ සිදුවීම දෙස බලන විට පෙනී යනවා. සමාජ මාධ්‍ය භාවිතයට තරුණ පිරිස ඇබ්බැහි වී ඇති බව පවසමින් ඒවා තහනම් කිරීමට වඩා එම සමාජ මාධ්‍ය තුළින් තරුණ පිරිසට තම රට ගැන හැඟීමක් මෙන්ම එම රටේ ඉතිහාසය උරුමය කියාදීමේ වැඩපිළිවෙළක් තිබුණා නම් නේපාලය අද මෙවැනි දරුණු ඛේදවාචකයකට මුහුණ පාන්නේ නැති බව පැහැදිලිය.

 



අදහස් (1)

‘‘නේපාලය ගැන කනගාටුවයි‘‘

මැක්ස් Thursday, 11 September 2025 06:02 PM

මේ දේවල් තේරුම් ගන්න පුලුවන් මානසික සොබාවයක් අලුත් පරම්පරාවට විතරක් නොවෙයි පරණ පරම්පරාවටත් නෑ හාමුදුරුවනේ. කාගේ කාගෙත් ඔලුවල වපුරලා තියෙන්නේ වෛරය, ක්‍රෝධය පමණයි. ජවිපෙ උන්දැලා විපක්ෂයේ ඉන්න කොට කළෙත් ඒක. දැන් ආණ්ඩු කරන කොට කරන්නේත් ඒක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 69 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site