IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


‘‘ජ‘පුර වෛද්‍ය දියණියට චෝදනා ගොනු කරනවා‘‘

(රෝෂන් තුෂාර)

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින , ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන බවත්,විමර්ශනය සමථයකට පත්කිරීම නොකරන බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද(07) ප්‍රකාශ කළේය.

අල්ලස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් කොමිසමේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ සැකකාර හේමාලී විජේරත්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් චෝදනා පත්‍ර ගොනු කිරීමට තවත් කාලය අවශ්‍ය බවය.

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඇප මත සිටින හේමාලී විජේරත්න සැකකාරිය පසුගිය 05 වෙනි දින විශේෂ මෝසමක් ගොනු කරමින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේදී කොන්දේසි විරහිතව සමාව ගෙන නඩුව සමථයකට පත් කිරීමට සූදානම් බව ප්‍රකාශය කළාය.

සැකකාරියට අධ්‍යාපනය හැදෑරීම සඳහා විදේශගත වීමට අවශ්‍ය බැවින් විමර්ශන කටයුතුවලට බාධා නොවන පරිදි නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධතාවයක් නොමැති බවද,සැකකාරියගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කළ යුතු බවද දන්වා සිටියේය.

 



අදහස් (0)

‘‘ජ‘පුර වෛද්‍ය දියණියට චෝදනා ගොනු කරනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site