(අජන්ත කුමාර අගලකඩ)
ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා මේ මොහොතේ ඉවත් කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(02) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කළ යුතු බව පිළිගන්නා නමුත් රටේ පවතින තත්ත්වය අනුව මෙය ඒ සඳහා අවස්ථාව නොවන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත .
ගුරුවරුන්ගේ පමණක් නොව සෙසු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයේ දී අවධානය යොමු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත .
කොරෝනා අර්බුදය මැද වුවද රජය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් නිසි වේලාවට ගෙවා ඇතැයි සඳහන් කර ඇති ජනාධිපතිවරයා මේ මොහොතේ ගුරුවරුන් ද සිය වගකීම ඉටු කළ යුතු යැයි සඳහන් කර ඇත .
COMMENTS
මේ වෙලාවේ දෙන්න නම් එපා. වැඩට ආවේ නැතිනම් VOP යවන්න. අලුත් අය ඕනෑතරම් ඉන්නවා එන්න. පුහුණු කරලා ගන්න පුළුවන්. ටියුෂන් වැඩත් නතර කරලා දැම්මා නම් තමයි හොඳ...
100%ක් හරි. මේ වසංගත වෙලාවේ වර්ජන කරන්න නම් ඉතිං මොළේ අමාරුවක් තියෙන්නම ඕනෑ. වර්ජිත ගුරුවරු දැන් ටියුෂනුත් නවත්තලාද?
ස්ටාර්ලින් කියලා නම දාගත්තු කෙනෙක් අපේ රටේ නමත් එක්ක කනවා. ඕනෙම සටනකට සුදුසු කාලයක් තියෙනවා. මේක මේ වෙලාවේදී කළයුතු සටනක් නෙවෙයි.
රටේ මුදල් වියදම් කෙරෙන අනෙකුත් කාරණා දෙස බලන විට ගුරුවරුන් නම්‍යශීලී වනු ඇතැයි සිතීම උගහටය...
හැමෝම රාජ්‍ය සේවකයෝ... එක පාර්ශවයකට දුන්නොත් අනික් අය...?
එහෙමනම් දොස්තරලාට විතරක් දුන්නේ කොහොමද?
ජනාධිපතිතුමනි, මෙරට පාලනය කරන්නේ 3% ඡන්ද ලැබූ ජෙප්පන් වත්, ඩුප්ලිකේට් ස්ටාර්ලින්වත්ලා නොවෙයි..., 69 ලක්ෂයක් ඡන්දෙ දිනූ ඔබ. තිබෙන ප්‍රශ්න ගැන අවබෝධය තිබෙන්නේ ඔබට හා රජයට. ජෙප්පන් ගුරුවරු පස්සේ යන්නේ කුලියට. ජනතාව ඔබ සමගයි.
කෝකටත් තෛලය ‘‘කොරෝනා‘‘
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවන්නේ මුදල් අච්චු ගහලානේ. ඕක ලොකු කතන්දරයක් නොවේ. නමුත් මේ අර්බුද මැද මන්ත්‍රීලාට වාහන ගෙන්වා ගන්න උත්සාහ කරනවා, සිර ගෙවල්වල ඉන්න වැරදිකරුවන් නිදහස් කරනවා, අපරාධ නඩු අයින් කරගන්නවා සහ නිදොස්කොට නිදහස් කරනවා. රජයේ සම්පත් තුට්ටුවට විකුණනවා. රටට අහිතකරන පනත් සම්මත කරගන්නවා. කොහොම හරි කෝවිඩ් අස්සේ, අර්බුද මැද ඔය දේවල් කරගත්තා...
අප මධ්‍යස්තව සිතීමට හැකියාව ඇති ඕනෑම කෙනෙකුට රටේ මුල් පුරවැසියාගේ අදහස් අනුමත කරනු ඇත. මේ අවස්ථාවේ බොරදියේ කබරයන් අල්ලන විපක්ෂයේ උගත් යයි සිතන පතන සැමගේ වගකීම් හා යුතුකම්ද විය යුත්තේ ඇවිලෙන ගින්නට පොල් අතු දැමීම නොවෙන බවත් කිව යුතුය. රතු චී ත්තකාරයන්ගෙන් නම් මෙවන් කිසිවක් බලාපොරොත්තු විය නොහැකි බවත් දැන්වීමට කැමැත්තෙමු. මක්නිසාදයත් "තිබිරිගෙයි සිටම දියව්, නවත්වව්, අත නොතබනු" යන නිවට උද්යෝගකර අදහස් සැමවිටම නොලැබෙන බලය වෙනුවෙන් ප්‍රකාශ කරන අතර කෑමොර දෙන අසීලාචාර සිරිත් ද ඇගපුරාම තිබෙන බැවිනි.
ඔව් අනිවාර්යයෙන් මේ වෙලාවේ ඔහොම දෙයක් ඉල්ලන එකම මහා ආත්මාර්ථකාමී වැඩක් . ඕක දුන්නොත් මේ වේලාවේ ඒ බරත් දරන්න වෙන්නේ රටේ අනිත් මිනිස්සුන්ට . අපි පුද්ගලික අංශයේ සේවකයෝ .කොරෝනා අස්සේත් අපි එක දිගටම වැඩ.අපේ අදායම ගොඩක් අඩුයි රටේ කොම්පැණියේ ආදායමත් අඩු නිසා..අපි සහ කොම්පැණියයි දෙකම රැකගන්න ඕන නිසා හැමෝම මේ වෙලාවේ ඉවසගෙන වැඩ කරනවා.
ඡන්ද කාලේ දුන් පොරොන්දු ඉටුකිරීම අද හිරිහැරයක් වී ඇති බව පෙනේ.දෙපාර්ශවයම විසඳුමකට එළැඹීම ගැන එකඟතාවකට පත් නොවීම නිසා දුක් විඳීමට සිදුවනුයේ, අහිංසක දරුවන් හටය. මාධ්‍ය කේන්ද්‍ර වැනි මේ වෙලාවේ අත්‍යාවශ්‍ය නොවන දේ සඳහා රටේ මුදල් යෙදවීම අනුමත කළ නොහැකිය.ඒ වෙනුවට වෙලාවට අවශ්‍ය දේ සඳහා රටේ මුදල් යෙදවීම හේතුවෙන් ප්‍රශ්න විසඳා ගැනීමට පහසුවේ.
කොරෝනා වැනි අසීරු අවස්ථාවල වුවද ගුරුවරු ඇතුලු සමස්ථ ජනතාවම රජයට බදු මුදල් ගෙවා ඇත. ගුරුවරු කියන්නේ රජයේම කොටසක්. වසර ගණනාවක් අඩු වැටුපට වැඩ කර, රටේ පොදු බදු ක්‍රමය යටතේ බදු ගෙවා ඇත. අසීරුතාවයෙන් වසර විස්සක් පමණ සිය සේවය ඉටු කර ඇත. පාලකයන් වසර 5ක් වැඩකර ජීවිත කාලය පුරාවටම පැන්ෂන් ගනී. බයිසිකලයෙන් පාලනයට ආ එකා පරම්පරා 7කට ධනය උපයනවා. ගුරුවරුන්ගේ සාධාරණ වැටුප ලබා දෙන්න බැරිනම් නුඹලත් ඒ කැප කිරීම කරපල්ලා.
අපට ඕනේ අන්න එහෙම කෙලින් කතා කරන නායකයෙක් .බලය රැක ගන්න දෙන්න බැරි බොරු පොරොන්දු දුන්න නායකයෝ හින්දා තමයි මේ ප්‍රශ්න .ජනාධිපතිතුමා ඊලග පාර පැරදුනොත් කෙලින් කරන්න බෑ කියලා කියුවා .ඒකට හදවතින්ම ගරු කරනවා .ඒකෙන් පේනවා එතුමා බලයට කෑදර නෑ , ඕනේ වෙලාවක යන්න සුදානම් කියලා ,චියර්ස් ...
අපි ඉගෙන ගත් කාලෙත් ගුරු වර්ජන තිබුනා. හැබැයි නමට විතරයි. කිසිම ගුරුවරයෙක් ඒවට සහභාගී වුනේ නෑ. ඒ කාලෙත් ගුරුවරුන්ට ගෙව්වේ සොච්චම් පඩියක්. හැබැයි ගුරුවරු තමන්ගේ රැකියාව කරේ මහා ගෞරවයකින්. එදා, අද ගුරුවරුන්ගේ වෙනස ගොඩක් හොඳට දැනෙනවා. අපේ දරුවො, පව්.
මියන්මාරය අතේ දුරින් !
කොවිඩ් ඩෙල්ටා බොහොම දරුණු විදියට පැතිරෙනවා. ෆයිසර් ගහපු ඇමරිකාවෙ, ඊස්‍රායලේ පවා තත්වය නරක අතට හැරෙනවා. එහෙව් එකේ ලමයින්ට උගන්නන්න ඉන්න ගුරුවරු ලමයි වගේ හැසිරෙනවා. ලක්ශ 2ක් මැරිලා නතරවෙන්න තිබුනු ඇමරිකාවෙ කොවිඩ් මරණ ලක්ශ 6ක් වුනේ කලු ජාතිකයන්ගේ අයිතිය ගැන උද්ඝෝශන කරන්න ගිහින්. අයිතීන් දිනාගන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනෙ නැද්ද?
මේ රජය බලයට එන්න පෙරත් මම දැක්කා ගුරු සංගම් රට වෙනුවෙන් සටන් කල ආබාදිත රණවිරුවන් වැටුප් සම්බන්ද උද්ඝෝෂණ කරනවා
මේ දෙන දේ කාලා වෙන දේ බලා ගෙන ඉන්න කාලයයි .මුදල් නැතිව අය වැයක් කොහෙද ?දැන් ඉදිරියට
කොරෝනා වැනි අසීරු අවස්ථාවල වුවද ගුරුවරු ඇතුලු සමස්ථ ජනතාවම රජයට බදු මුදල් ගෙවා ඇත. ගුරුවරු කියන්නේ රජයේම කොටසක්... වසර ගණනාවක් අඩු වැටුපට වැඩ කර, රටේ පොදු බදු ක්‍රමය යටතේ බදු ගෙවා ඇත... අසීරුතාවයෙන් වසර 20ක් පමණ සිය සේවය ඉටුකර ඇත. පාලකයින් වසර 5 ක් වැඩකර ජීවිත කාලය පුරාවටම පැන්ෂන් ගනියි. බයිසිකලයෙන් පාලනයට ආ එකා පරම්පරා 7කට ධනය උපයනවා. ගුරුවරුන්ගේ සාධාරණ වැටුප ලබා දෙන්න බැරි නම් නුඹලාත් ඒ කැප කිරීම කරපල්ලා...
ඒක හොඳයි... එතකොට තමයි තව ටිකක් බිහිකරන්න පුළුවන්...
ඇත්තටම මේ වෙලාවේ උද්ඝෝෂණ කරන්නේ දේශපාලන වහල්ලු ටිකක් විතරයි. ස්ටාලින්, මහින්ද, ජාසිංහ කියන්නේ ngo පඩි ගන්න මිනිස්සු...
වැටුප් වැඩිකළ යුතුයි... නමුත් මේ අවස්ථාවේ කළ නොහැකි බව වැඩි පිරිසක් දන්නවා. රටේ පවතින ආර්ථික ප්‍රශ්න නිසා...
ගුරුවරුන්ට කූඹියෝ ටෙලි ඩ්‍රාමා එක බලන්න කියන්න ඕනෑ...
මේ සියලු ගැටළුවලට හේතුව රජයේ නිශ්චිත ප්‍රතිපත්තියක් නැතිකම... කරුණාකරලා මේ ගැටළු තේරුම් ගෙන මෙන්න විසඳුම කියලා සෘජු පිළිතුරක් දෙන්න. හරියට වැඩ කරන්න පුළුවන් ඇමැති කෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශයට යොදවන්න. මේ ඇමැතිවරයා මෙතෙක්කල් කරපු දේ මොකක්ද?
කොරෝනා වැනි අසීරු අවස්ථාවල වුවද ගුරුවරු ඇතුලු සමස්ථ ජනතාවම රජයට බදු මුදල් ගෙවා ඇත. ගුරුවරු කියන්නේ රජයේම කොටසක්. වසර ගණනාවක් අඩු වැටුපට වැඩ කර, රටේ පොදු බදු ක්‍රමය යටතේ බදු ගෙවා ඇත. අසීරුතාවයෙන් වසර විස්සක් පමණ සිය සේවය ඉටු කර ඇත. පාලකයින් වසර 5ක් වැඩකර ජීවිත කාලය පුරාවටම පැන්ෂන් ගනියි. බයිසිකලයෙන් පාලනයට ආ ඒකා පරම්පරා 7 කට ධනය උපයනවා.
ළමයි ගොඩක් පව්... එ්ක සම්පූර්ණ ඇත්ත... ඔය කමෙන්ට් කරන අය දන්නවද ගුරුවරයෙකුගේ පඩිය කීයද කියලා? රු 30,000-40,000ක් අරගෙන මේ දවස්වල ජීවත් වෙන්න පුලුවන්ද? ඔන්ලයින් උගන්වන්න යන ඩේටා වල වියදම විතරක් රු 5000 කට වැඩියි. ඒ අය ගැනත් හිතන්න. මොනවද රජයෙන් දීපු පහසුකම් ඔන්ලයින් උගන්වන්න? එතකොට ඩොක්ටර්ස්ලා, නර්ස්ලා කොරොනා එක්ක ස්ට්‍රයික් කරනකොට හොඳයිද?
මාස කීපයකට කලින් දේශපාලුවන්ට වාහන ගන්න මහින්ද යෝජනා කරනකොට කිසි ප්‍රශ්නයක් තිබුණේ නෑ. හැමදාම කලේ අහිංසක මිනිස්සු රවටන එක විතරයි. සියලුම රජයේ සේවකයන් වර්ජනයට එක් විය යුතුයි.
මොන මොහොතෙද පුළුවන්? ඒ මොහොතේ එහෙනම් හිඟ වැටුපත් ගෙවයි...
රතුපස්වලදී කළාවගේ හමුදාව දාලා අර ජොනියා කිව්ව විදිහට කාක්කෙක් දෙන්නෙක් එල්ලලා, පිහාටුවක් දෙකක් එල්ලන්න.
ගරු ජනාධිපතිතුමනි, මොන කතන්දර කිව්වත් ඔබලා හැම දෙයකින්ම ෆේල් .අවුරුදු 70 වකට වඩා ඔය දෙගොල්ලොම එකතු වෙලා කරපු ටික හොදටම ඇති ..කටාර් වල අපි..
පාර්ලිමේන්තුවේ ඉන්න අපේ කොල්ලන්ගේ සුඛ විහරණයට.., නාමල් බේබිට සහ පිරිසට ජපානයට යාමට මුදල් ඇත..
පාසැල් නොගියත් වර්ජනය කරමින් නොවරදවා ටියුෂන් පන්ති ඔන්ලයින් මගින් හා වෙනත් ක්‍රම මගින් පවත්වන ගුරු දෙවිවරුන්ට ප්‍රණාමය..! නමුත් මේ මගින් දැක්වෙන පරිදි පාරේ යන විට අකුණු සන්නායක අවශ්‍යතාවයද අමතක නොකරන්න.. නමුත් ජොශප් ස්ටාලින් වැනි අයෙක් පසුපස යන නිසා දේව කරුණාවක් නිසැකවම ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා ඇති නේද?
ජනාධිපතිතුමාගේ මේ එඩිතර බව අගය කරමි... ගුරුවරුන්ටද ළමුන් ඇත. එකතුව ලක්ෂ ගණනකි. පාරේ ඇවිද කරන උද්ඝෝෂණ වලින් ඒ දරුවන්ගේ අධ්‍යාපනයටද බාධා ගෙනදේ.. හොඳින් හෙම්බත් වූ පසුව ගුරුවරුන් එකිනෙකා මේ වර්ජනය අතහරිනු ඇත.
ඉතා හොඳ අදහසක්. අපි ඉස්සෙල්ලා ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කොවිඩ් මර්දනයට , අධිවේගී මාර්ග හදන ඒවාට, ජිම් කට්ටල ගෙන්නන එකට, හා ඔලිම්පික් වලට නිලධාරීන් 60ක් විතර යවන එකට. ගුරුවරු කියන්නේ කව්ද? ගුරුවරුන්ට පඩි දුන්නා කියලා, රටට වෙන සෙතේ මොකක්ද?
හැමෝම ඉවසිලිවන්තව කටයුතු කළ කාලයක් බව පමණක් පවසමි. තවදුරටත් කොරෝනා තත්වය වැඩි වුවහොත් ඒ සඳහාද වැය කිරීමට සිදුවන්නේ අපේම මුදල් බව දැනගත යුතුය.
කොරෝනා පාලනය කිරීම
යහපාලන ආණ්ඩුවෙන් 2021 ජනවාරි සිට දුන් වැටුප් වැඩිවීමත් පොහොට්ටු ආණ්ඩුවෙන් කපලා දැම්මා. මෙයාලා මුදල් නෑ කියමින් වැටුප් සටන නවත්තන්න තමයි උත්සාහ කරන්නේ... දැන් ඉතින් පටන්ගත් සටන ජයග්‍රහණය කරන තුරු සටන් පාඨ කියකියා ඉන්න වෙනවා. ගුරුවරුන්ගේ ඉල්ලීම සාධාරණයි. දැනට ලබන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් වැටුප් විෂමතා ඉවත්කර අඩුම වශයෙන් ජීවත් වීමට සරිලන වැටුපක් දිය යුතුයි...
ගුරුවරයෙක් වෙන්නෙ ඉංජිනේරුවෙක් වෙන්න බැරි නිසාලු. ලංකාව වැනි රටක දේශපාලන වහල්කම් කරමින් රටටවත් වැඩක් නැතිව වැඩ බැරි උගතුන් අනන්තවත් ඇත. එහෙත් හැකියාවෙන් පිරිපුන් අය මේ ආකාරයට බොරුවට පුම්බා ගන්නෝ නොවෙති. දේශපාලකයන්ට කඩේ ගොස් දිවිය රැක ගන්නා මෙවැනි උගතුන් බොහෝවිට දියුණු රටකට ගොස් රැකියාවක් කිරීමටවත් ආත්ම විශ්වාසයක් නොමැති අයවලුන් බව ප්‍රසිද්ධ රහසකි. නැතිනම් අප රටට මේ තරම් එතෙර ඉංජිනේරුවන් අවශ්‍ය නොවනු ඇත. දියුණු රටවල ගුරුවරුන්ද වෘත්තීකයන් සේ සලකා එම වැටුප් තලවල ඉන්න බව නොදන්නේ මෙවැනි අය කිහිප දෙනෙකි. . පාසැල් ගුරු වෘත්තියෙන් ආරම්භ කොට අවුරුදු කිහිපයකදි සමහර ගුරුවරුන් විශ්ව විද්‍යාල මහාචාර්යවරු වූ අවස්ථා එමටයි. ගුරුවරුන්ට බොරු පොරොන්දු දෙමින් ප්‍රතිපත්ති නිකුත් කර අවුරුදු පහෙන් විශ්‍රාම යන දේශපාලකයින් මොවුන් හට හොදවන්නේ අන්යෝන්‍ය යැපුම් පදනම නිසායි. මෙවැනි ආකල්ප ඇති සමාජයක තම ශ්‍රමය මුදලින් මැනීමට ගුරුවරුන්ටද සිදුවීම පුදුමයක් නොවේ. මක්නිසාද තම දරුවාට අධ්‍යාපනය දෙන ගුරුවරයාට කාරිය කෙරෙන තෙක් කාරුණිකවන මොවුන් පසුව ඔවුන් අවඥාවට ලක් කරන්නේ ඔවුන්ගේ ආකල්පවලින් ඇති නූගත්කම නිසා විය හැක.
කවුරු මොනවා කීවත් ඔබතුමා තමයි හොඳටම කරන්නේ...
ඔව්... මතක තියාගන්න... ඉන්දියාව ඇඟිල්ලේ දුරින්...!
අනුරාධපුර පැත්තේ කවුදෝ අපල දුරුවෙනවා කියලා දුන්නු දිරච්ච ලණුවක් කාලා සඳුන් පැල 1200ක් හිටවන්න රුපියල් මිලියන 294ක් වියදම් කරන්න සල්ලි තියෙන රටේ රජයේ සේවකයින්ට පණ කෙන්ද ගැට ගහගන්න පුළුවන් වෙන ආකාරයට උපකාරයක් කරන්න සල්ලි නැහැලු. අනේ අනිච්චන්...
රටේ ප්‍රශ්න කෙසේ වෙතත් පවුල් පාලනේ ප්‍රශ්න නම් විසඳගෙන තියෙනවා. රතුපස්වල වතුර ඉල්ලපු අයට වෙඩි තිබ්බෙව්ව අයවත් ඇමතිකම්වලින් පුදලා තියෙන්නේ... පවුල් පාලනේ අයව නඩත්තු කරන්න විතරක් කොයිතරම් වියදමක් යනවා ඇත්ද?