
(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අත්අඩංගුවට ගන්නැයි හාබර් මාස්ටර්වරයාට නියොගයක් නිකුත් කළ කොළඹ වානිජ මහාධිකරණ නැව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ද නිකුත් කළේය.
මැදපෙරදිග සිට ට්‍රියිකෝ සමාගම මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන් වූ විවිධ වර්ගයේ භාණ්ඩ ඇතුළත් බහලුම් හයක් විනාශවීම හේතුවෙන් ට්‍රියිකෝ සමාගමට සිදුව ඇති ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක පාඩුව අයකර දෙන්නැයි ඉල්ලා ටයිකෝ සමාගම ගොනුකළ පෙත්සමක් සලකා බැලූ අධිකරණය එලෙස නියම කළේය.
මෙම නඩුව ලබන 21 වැනි දා කැඳවීමට නියම කළ අධිකරණය නැවේ හිමිකාර සමාගමට එහි දේශීය නියෝජිත සමගම ඇතුළු වගඋත්තර කරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින්නැයි ද නියෝග කරමින් නොතිසි නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක අලුවෙලා මුහුදු පතුලේ තියෙන්නේ කියලා දන්නවද දන්නේ නැ
නුවන්, ඔබ නැව්ගත කිරීමේ කොන්දේසි දන්නේ නැතතම් එවැනි දේ ගැන අදහස් දක්වන්න එපා.
මහබැංකු වංචාව නිසා මහබැංකුව අත්අඩංගුවට ගන්න බැරිද?
dennako!! සුනිල් මහත්තයා නැව් කප්පිත්තෙක් වගේ .ඒ කොහොම උනත් මුහුදුබත් වෙච්ච නැවක් අත්අඩංගුවට ගන්නවා කිව්වාම අපි වගේ ජනයා අප්සට් .ඒක හින්දා අනේ මහත්තයෝ අපි ගැන අනුකම්පා කරලා පොඩ්ඩක් කියලා දෙන්නකෝ