(යොහාන් භාසුර)
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බවට ගෝඨාභය මහත්මයා රදගුරු මණ්ඩලයට වාචිකව පොරොන්දුවක් දුන් බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ අද (17) පැවසූහ.
කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ අද (17) එසේ පැවසූහ.
ගෝඨාභය රාජපක්ෂ එම පොරොන්දුව ඉටු නොකිරීම හේතුවෙන් තමන් රැවටුණු බව ද අගරදගුරු හිමියෝ පැවසූහ.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලඥයන් ඇඟිලි නොගහන පරීක්ෂණයක් අවශ්‍ය බව කී උන්වහන්සේ සමග ජන බලවේගය බලයට පැමිණියහොත් කරන දේවල් පිළිබඳව ලියවිල්ලක් යොමු කර ඇති බව ද සඳහන් කළහ.
ජනතාව විමුක්ති පෙරමුණ ඇතුළු එම කණ්ඩායමෙන් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කරන බවට වචනයක් ලැබී ඇති බවත් ජාතික ජන බලවේගයෙන් ඒ සම්බන්ධයෙන් ලිඛිතව කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් උන්වහන්සේ පැවසූහ.
ජාතික ජන බලවේගය තමන් හමුවීමට දිනයක් සහ වේලාවක් ඉල්ලා තිබීම නිසා එය ලබා දුන් බව කී අගරදගුරු හිමිපාණෝ පැවසුවේ ඔවුන් එම කාලය යොදා ගන්නේ කුමකටද යන්න පිළිබඳව අවධානය යොමු කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙනෙන විදිහට මෙතන පැටලිල්ලක් ඇතිවෙලා තිබෙනවා . අද උදේ ජාතික ජනබලවේගය ප්‍රතිඥාවක් සහිත ලියවිල්ලක් මාධ්‍යයන්ට නිකුත්කලා පාස්කු ප්‍රහාරය පිළිබඳව.එය ලංකාදීප ඔන්ලයින් පිටුවෙත් පලවී තිබුනා මම දුටුවා.
මුළු රටම වසර හැත්තෑ ගණනක් මොවුන් ඔක්කොටම (226 ටම) රැවටුණා....
ආරක්ෂාවට වගකියන නායකයෙක් ,සවුබාග්‍යයේ දැක්ම වියත්මග කියලා පට්ට පල් බොරු බේගල් ගහලා 69 ලක්ෂයක් ජනතාව අන්දවපු ගෝටා කාදිනල්තුමාව රවට්ටපු එක ඒ දෙයක් නෙවෙයි .
තමන් ලියල පලකරන ලිපියෙ අඩන්ගු වචන වල නිවැරදි බව වත් නැවත පරීක්ෂා නොකරන ලන්කාදීප.
බැටළු හම් පොරවා ගත් වෘකයෝ..අහිංසක මිනිසුන්ගේ ලේ කඳුළු උගසට තබා ඩොලර් වලින් සැප විඳින අපූරුව..
සල්ලි අච්චු ගහලා බේරගත්ත කෙනා ව හිරේ දායිද. හැබැයි තමන් ගේ මන්ත්‍රී කණ්ඩායමේ හිටපු කෙනා වැරදි කරලා පක්ෂෙනුත් අයින් කරපු අය ගැන නම් විශ්වාසයක් තියෙන්න පුළුවන්
තමන් කරපු වැරදි තමන් විසින්ම ඔප්පු කරලා එල්ලුම්ගස් යන්න තරම් සර් මෝඩ නැහැ , ඔබවහන්සේට වරදක් කියන්න බැහැ සර් කියන්නනේ කවුද කියල එම කාලවකවානුවේදී ඔබ වහන්සේ දැනගෙන හිටියෙත් නැහැ .
තවත් බදු ගෙවන සල්ලි වලින් කෝටි ගණනාවක් ආයිත් කොමිසමකට වියදම් කරයි ,මේ ප්‍රතිඵලයමයි
කාදිනල් හිමියනි මේ රටේ යුග දෙකක් මිනීමරලා ගොඩනැගිලි ද බස් ද ගිනි තියලා ආර්ථික විනාශ ඇතිකරපු අයගෙන් යුක්තිය ගැන බලාපොරොත්තු නම් තියන්න එපා.මේ රටේ ලේසියෙන්ම මෝඩයෝ වෙන්නේ ද තරුණ පරම්පරාවයි
පසුගිය දවස්වල මෙයා අතුරුදන් වෙලා හිටියා නේද.. මේ කාදිනලුත් හොද ගේම් කාරයා.
සුරේන්, කැරැල්ලක් උනහම බස් දේපල විනාශ වෙනවා, ජීවිත නැතිවෙනවා. ලෝකේ කොහෙත් ඕව වෙලා තියෙනවා. ලෝක ඉතිහාසය දැනගන්න බැහැ රාජපක්ෂ සජිත් රනිල් පස්සෙ ගිහින්, ඒකට බුද්ධියක් අවශ්‍යයි. කැරලි ගහපු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිත් රට පාලනය කරල තියෙනවා, අතීතය කියව කියව ඉන්නවට වඩා වර්තමාන භාවිතය බලන්න. කැරලි ඇතිවෙන්න එදා හිටපු පාලකයා සිල් සමාදන් වෙලා නොවෙයි හිටියේ. එදා රට කරපු දූෂිත ආකාරය දන්න කෙනෙක්ගෙන් අහගන්න.
සුරේන්, තමුන් මොලේ උඩ ඉන්න කෙනෙක් කියලා පේනවා...
තක්කඩියන්ගේ බහට රැවටිලා, හැට නව ලක්ෂයෙන් කෙනෙක් වෙලා, දැන් මෙතැන ලැජ්ජා නැතිව නාහෙන් හඬනවා. එදා ඔබතුමාව අන්දලා මහනායකටත් වඩා ඉහළින් තියපු අමනයින් අද කොහේද..? මිනීමරුවන්ගෙන්ම යුක්තිය බලාපොරොත්තු වුණු ඔබතුමා ගැන හා කතෝලික ජනතාව ගැන කණගාටුයි...
පලවෙනි සැරේ රැවට්ටුවා නොවෙයි රැවටුනා දෙවෙනි සැරේ තමයි කාදිනල් රැවට්ටුව වෙන්නේ.