IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


‘‘අපේ පළමු අය වැයෙන් රජයේ සේවක වැටුප් ඉහළ දමනවා‘‘

 

(රංජිත් රාජපක්ෂ සහ ආර්.එෆ්.එම්.සුහෙල් )

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවිමෙන් පසු පළමු අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවාත් සමග වතු කම්කරුවන්ට සාධාරණක් ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ  ජාතික ජන බලවේගයෙන් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන් හදුන්වාදිම සදහා නුවරඑලිය ග්‍රේගරි වැව පළමු අදිර පරිශ්‍රයේ පැවති රැස්විමකදිය.

මෙම රැස්විමේදි අදහස් දැක් වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ

එළඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා, හිටපු ජනාධිපති කියනවා රාජ්‍ය සේවකයින් වැටුප් වැඩි කරන්න අනුමැතිය ලබාගෙන තිබුණලු, සල්ලි තිබුණලු, ඉතින් දෙන්න තිබුණනේ.

රාජ්‍ය සේවකයන් වැටුප් වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කළා, එතකොට සද්දයක් නැ, විශ්ව විද්‍යාල අනද්‍යන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනය කළ, විශ්ව විද්‍යාල වැහිලා තිබුණා, දැන් පැරදිලා ගිහින් කියනවනවා.

වතු කම්කරුවන් රැටවිමකට ලක් කලා, මැයි දින කොටගලදි කිව්වා රු 1750 ක් දෙනවා කියලා, තවමත් කිසිදු වතු කම්කරුවෙකුට 1750 ක් ලැබිලා නැ.

අන්න එහෙම තමයි ඒ අයගේ වැටුප් වැඩි කිරිම්, අපි සාධාරණ වැටුපක් වතු කම්කරුවන්ට ලබාදෙන්න කටයුතු කරනවා.

හැමදාම ආණ්ඩුවෙන් ජනතාව යැපෙන්න අවශ්‍ය නැ, ආර්ථිකය ස්ථාවර වනතුරු අප ජනතාව රැක බලා ගන්නවා, ඉන් පසු ජනතාවට ඔවුන් කරන රැකියාවලින් හොද ආදායමක් උපයා ගන්න පුළුවන්, ජනතාවට හොදින් ජිවත් වෙන්න පුළුවන් සමාජයක් ජාතික ජන බලවේගය ස්ථාපනය කරනවා.

කොතරම් කාලයක් අපි මේ සිහිනය දැක්කද? ජනතාව ගොඩ දාන්න කොතරම් සිහින දැක්කද? දැන් අපිට ඒ අවස්තාව උදා වෙලා තියෙනවා.

අපි දශක කිහිපයක් සටන් කළා නමුත් රට ගොඩ නගන්න අපිට අවස්තාව ලැබුණේ නැ, නව ව්‍යාවසායකයින් බිහි කිරිමට ප්‍රාග්ධනය යෝජනා ක්‍රමයක් අපි හදනවා.

මෙතෙක් තනාපතිධුර සදහා යවලා තියෙන්නේ දේශපාලඥයින්, ඔක්කොම ආපසු කැදවන්න තිරණය කලා, තනාපති කාර්යාල වල වැඩි පිරිසක් වැඩ කරන්නේ දේශපාලඥයන්ගේ දරුවන් ඒ අය වහාම කැදවුවා.

නුවරඑලිය ජනාධිපති මැදුර වටා විශාල ඉඩමක් තියෙනවා, එම ඉඩමේ කාබනික පොහොර භාවිතා කරලා සාර්ථික එලවළු වගාවක් සිදුකරනවා, එම එලවළු වගාවෙන් සෑම සිකුරාදකම එලවළු කිලෝ 60 ක් ජනාධිපති ලේකම් කාර්යාලයට යවනවා.

එහෙම තමයි පැරණි අය ජිවත් වෙලා තියෙන්නේ, එගොල්ලෝ කාබනික එලවළු කාලා ජිවත් වෙනවා, රටේ ජනතාව රසායනික පොහොර භාවිතා කරපු එලවළු කැමට ගන්නවා.

මම ජනාධිපති වුණාට පස්සෙත් එහෙම එලවළු පාර්සල් කිහිපයක් ජනාධිපති ලේකම් කාර්යාලයට ආවා, මම ඒ ගැන සොයලා බැලුවා, මම කිව්වා ඒ එලවළු ආරක්ෂක අංශ නිලධාරින්ට ආහාර සදහා ලබාදෙන්න කියලා යනුවෙන් පැවසිය.

 



අදහස් (15)

‘‘අපේ පළමු අය වැයෙන් රජයේ සේවක වැටුප් ඉහළ දමනවා‘‘

Ruhunu Sunday, 03 November 2024 04:11 PM

රටක් දිනපු අප්පච්චිට පැරදුනා නම් කිසිම දෙයක් නොකරපු ඔබතුමා ගැන මොනවා කියන්නද?

:       22       32

සිල්වා Sunday, 03 November 2024 04:51 PM

ජනාධිපති ඌෂ්ණය ඔලුවට ආවාම තත්ත්වය භයානක වෙනවා. කරන්නේ මොනවද කියලා වටහාගන්න බැරිවෙයි. ජේ ආර් ජයවර්ධන මැතිතුමාටත් ඔය ලෙඩේ හැදුණා...

:       22       25

ගමේ එකාලා Sunday, 03 November 2024 04:53 PM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු, කාලකන්නි බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ හැම කෙනෙක්ම මෙවර මහ මැතිවරණයෙන් සදහටම තුරන් කළ යුතුමයි.

:       17       34

සමන් Sunday, 03 November 2024 05:08 PM

දිගටම කයිය ගහගහ ඉන්න. එතකොට නිකම්ම වැටෙයි.

:       30       33

චන්දන Sunday, 03 November 2024 06:17 PM

අනුර මේක මහමැතිවරණ පොරොන්දුවක් නේද? අලුතින් පොරොන්දු දෙන්න කලින් ජනාධිපතිවරනයේදී දුන්නු පොරොන්දු ඉටුකරලා ඉන්න. බලාගෙන ගියාම මාලිමාවත් තවත් එක පක්ෂයක් විතරයි වගේ. කෝ ඉන්ධන මිල අඩුකළාද? බිත්තර, හාල් කෝ? බඩුමිල අඩු කළාද? මේවා ජනාධිපති වුණු ගමන්ම කරනවා කිව්ව ඒවානේ. ස්ටේජ් උඩදි ගැලරිය පිනවලා ඡන්දේ ගන්න දෙන පොරොන්දු ප්‍රායෝගිකව ඩිලිවරි කළ නොහැකි බව දැන් නම් තේරිලා ඇති. ප්‍රශ්නය තියෙන්නේ ඒ පොරොන්දු වලට අහුවෙලා ඡන්දෙ දෙන මෝඩ මානවයින් අදින ඇදගැනිල්ල ගැනයි. ඔයාගේ ගෝලයෙක් අර ලාල් කාන්ත කියන මනුස්සයා කිසිම හිරිකිතයක් නැතිව කාන්තාවන්ට අපහාස කරනවා වේදිකා උඩ. ඒ මිනිහා කසිප්පු ගහලාද ඉන්නේ?

:       1       2

Janath Chandranath Sunday, 03 November 2024 06:31 PM

නියමයි ජනාධිපති අනුර... මාලිමාව තමයි ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව..!

:       0       0

Sugath Sunday, 03 November 2024 07:06 PM

අපි ඔබට සහාය දෙමු, නමුත් කළ යුතු නිවැරදි දෙය රජයේ සේවකයන්ගේ ආදායම වැඩි කිරීම නොවේ... ජීවන වියදම අඩු කිරීම කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුය. ඒක නිසා හැමෝටම ප්‍රතිලාභ ලැබේවි.... රනිල් වැටුප් වැඩි කරන බවට පොරොන්දු වූ නමුත් එය ඡන්ද ලබාගැනීමට කළ මැතිවරණ උපක්‍රමයක් බව අපි දනිමු. ඔහුගේ බොරු මත ක්‍රියා කිරීමට ඔබ බැඳී සිටිය යුතු නැත.

:       0       0

de silva Sunday, 03 November 2024 07:44 PM

අනුර සහෝදරයා .ලංකාවට අවශ්‍ය ප්‍රමනෙට වැඩිය 3 ගුණයක් පමණ රජයේ සේවකයෝ සිටිනවා .නමුත් ඔවුන්ගෙන් ගුණාත්මක සේවාවක් ජනතාවට හෝ ආර්ථිකයට ලැබෙන්නේ නැහැ , හොඳම උදහරණ මෝටර් රථ දෙපාරතමේන්තුව , මේක හොර ගුහාවක් .ගෝටගේ කාලයේ සිට කලට වෙලාවට රියදුරු බලපත්‍රයක් ජනතාවට පගාව නොදී මේකෙන් ගන්න බැහැ මේ ප්‍රශ්නේ වසර 4-5 සිට තිබෙනවා , ඊළඟට බලන්න පාස්පෝර්ට් පෝලිම් .මේවත් තව මාස 6-7 ගියත් විසදගන්න බැහැ , රජයේ වියදම දවසකට රුපියල් බිලියන 6ක්. මේ වියදම් වලින් වැඩි හරියක් මේ නිලධාරීන්ට වැටුප් සහ දීමනා ගෙවන්න , බදු ආදායම දවසකට රුපියල බිලියන 5 ක් , හැම දවසකම රුපියල් බිලියනයක පාඩුවක් අපේ ණය කන්දට එකතු වෙනවා , රේගු , ආදායම් බදු , සුරාබදු දෙපාර්තමේන්තු වැඩ කරන ආකාරය ගැන අමුතුවෙන් ලියන්න අවශ්‍ය නැහැ , මේ නිලධාරීන්ට පඩි වැඩි කරනවා කියන්නේ අපිට මේ ණය කරගහන්න වෙනවා , ඔබ මේක කරනවා නම් අපිට ඔබට චන්දෙ දෙන්න දෙපාරක් හිතන්න වෙනවා ,

:       0       0

Don perea Sunday, 03 November 2024 07:54 PM

වැඩ කරන්නේ නැති හොරාකන උන්ට පඩි වැඩි කරනා එකම රට

:       0       0

Rawindu Monday, 04 November 2024 12:11 AM

ඡන්දයක් ළඟ එන බව කයියෙන්ම පෙනේ... නැවතත් කට උල්වීමේ ප්‍රවණතාවයද වැඩිවී ඇත. අර කැබ් එකක් පුරවලා තිබ්බ ෆයිල්වලට මොකද දන්නේ නෑ වුණේ... මෙව්වා මෙයාටවත් මතක නැනේ... ඔව් ඉතින් මතකය උපරිම සති දෙකනේ...!

:       0       0

Sumana Monday, 04 November 2024 02:30 AM

පච නම් පච ලොවෙත් නැහැ...!

:       0       0

PGPTHILAK Monday, 04 November 2024 06:27 AM

බලන් යනකොට මෙයත් කරන්නේ ඉස්සර උන් කරපු කොරුවාවම තමයි! රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන්ට තවත් බෙදලා බංකොලොත් වෙලා හොම්බෙන් යන තැනට කටයුතු කිරීමම තමයි!! මේ පෙන්වන්නේ රටට ආදරේ ද? ඡන්ද මංකොල්ල කෑමට රටේ අනාගතය නැතිකර දැමීම ද?

:       4       6

Asanga thiththagalla gamage Monday, 04 November 2024 10:04 AM

තවත් කට උල් කර කර පච කෙලිනවා.

:       6       12

kasun Monday, 04 November 2024 10:19 AM

දැන් ඔය එළවලු 60kg වලින්ද රටහදන්න යන්නේ .එහෙම නෙමෙයි අනුර සහෝදරයා අපි ඔයිට වඩා කරවත් යමක් ඔබලාගෙන් බලාපොරොත්තු වෙනවා

:       2       8

Tharindu Tuesday, 05 November 2024 09:58 AM

කයිය තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මෙක්සිකෝ බෙක්කේ නම වෙනස් වෙයි
2025 පෙබරවාරි මස 10 541 0

මෙක්සිකෝ බොක්ක ’’ඇමෙරිකා බොක්ක’’ ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත.


වේරහැර රියදුරු බලපත්‍ර අංශයට නව කොමසාරිස්වරයෙක්
2025 පෙබරවාරි මස 10 333 0

අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.


ආහාර කමිටුව රැස්වෙයි
2025 පෙබරවාරි මස 10 211 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සු


කොටහේනේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 පෙබරවාරි මස 10 248 0

කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත


චමිඳු එක්දින සංචිතයෙන් ඉවත් කරයි
2025 පෙබරවාරි මස 10 988 0

ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන


IMF විධායක අධ්‍යක්ෂ අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි
2025 පෙබරවාරි මස 10 206 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 80 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 879 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site