IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


‘ව්‍යවස්ථාවකට වැඩකරන්න බැරි පක්ෂවලට ඡන්දය දෙන්න එපා’

(නිමල කොඩිතුවක්කු)
 
විනයක්, හැදියාවක්  නැති, ව්‍යවස්ථාවක්  අනුව වැඩ කළ නොහැකි ඇගේ  හයියට කටේ හයියට  වැඩ කරන දේශපාලන පක්ෂවලට ඡන්දය පාවිච්චි නොකළ යුතු බව සමස්ථ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.
 
එවැනි පිරිස් පාලනයකට පැමිණීම රටකට කරන බරපතල ඛේදවාචකයක බැවින් පාක්ෂිකයන් සියලු දෙනාම සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
 
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(11) පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා  මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.
           
‘‘එක්සත් ජාතික පක්ෂය මේ දක්වා කළ හැකි  කැපකිරීම් සියල්ලම කර තිබෙනවා. සියලු පාර්ශවයන් එකට තබාගෙන එක කණ්ඩායමක් විදියට ක‍්‍රියාකරන්න විශේෂයෙන් ම නායකයා උත්සාහ කළා.
 
උදාහරණයක් විදියට ජාතික වශයෙන් සියලුදෙනා  එකට එකතුකරගෙන මහා සංධානයක් නිර්මාණය කරලා ජනාධිපතිවරණයට මුහුණදීමට  තමයි අපි සැලසුම් කර තිබුනේ. ජනාධිපතිවරණය ආරම්භ වන අවස්ථාවේදිත් පක්ෂය  සුගතදාස  ක‍්‍රීඩාංගනයට මුදල් ගෙවලා එම කටයුතු සූදානම් කර තිබුනා.
 
එවැනි සැලැස්මක් තිබෙන අවස්ථාවකත් අපේ පක්ෂයේ සහ අපේ පක්ෂයේ නොවන කණ්ඩායමක්  ඒ සන්ධානය සකස් කිරීමේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ම අකර්මණ්‍ය කරලා පක්ෂයේ විනය නීතිරීති සියල්ල කඩකරමින් ජනාධිපති අපේක්ෂකයා තෝරාගත්තා. සෑම කණ්ඩායමක් ම පක්ෂයට වැදගත් නිසා  ඒ ක‍්‍රියාවලියේදිත්  පක්ෂ නායකතුමන් තවදුරටත්  පක්ෂයේ එකමුතුව වෙනුවෙන් ක‍්‍රියා කළා. 

ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමට පස්සෙත් පාර්ලිමේන්තු  විපක්ෂනායක ධුරය  සඳහා අරගලයක් ඇති නොවීමට වගබලා ගනිමින් පක්ෂ නායකයා විදියට අග‍්‍රාමාත්‍ය ධුරයෙන් සහ විපක්ෂනායක ධුරයෙන් ඔහු  ඉල්ලා අස්වුණා.  මේ කතාකරන මොහොත වනවිටත් මේ රටේ  තවමත් පැවතිය යුතු ආණ්ඩුව එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවයි. මේ කණ්ඩායමේ පිරිස් විටින්විට ඇමතිධුර වලින්  ඉල්ලා අස්විමෙන් උත්සාහ කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් පළිගැනීමයි. දැන් ඒ කරපු  ක‍්‍රියාවලියෙන් පාඩුව සිදුවුනේ එක්සත්  ජාතික පක්ෂ සාමාජිකයන්ටයි.
 
ගමේ වහලක් හදන්න 50,000ක් දීලා තිබුණා නම් ඉතුරු මුදල ගන්න බැරිවුණා.  ගමේ පාරක් බාගෙට හදලා තිබුණා නම් පාරේ ඉතුරු බාගේ  හදන්න  බැරිවුණා. මේ තත්වය ඇතිකළේ එජාපයේම කණ්ඩායමක්. එහෙම නැතුව  එජාපයේ සාමාජිකයන්ට හානි කළේ  ගෝඨාභය රාජපක්ෂ හෝ  මහින්ද රාජපක්ෂ නෙමෙයි.
 
දැන් මේ සිදුවීම් වලින් පසුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වුණා. මේ පාර්ශවය මාධ්‍ය හරහා දැනැවත් කරන්නෙ ඒ කෘත්‍යාධිකාරී  මණ්ඩලය ගත්ත වාර්තා සහ ඒවායින් ගත්ත කරුණු  කාරනා නෙමෙයි. මීළඟ  මාධ්‍ය සාකච්ඡාවේදී  පක්ෂ මහලේකම්වරයා ඒ ගත්තු  තීන්දු තීරණ ලිඛිතව මාධ්‍ය වෙත නිදහස් කරාවි.
 
එක්සත්  ජාතික  පක්ෂය විදියට වෙනත් දේශපාලන පක්ෂයක් හදන්න අපේ  සාමාජිකයන්ට බලයක් නැහැ. කෙසේවෙතත්  තවදුරටත්  ඒකරාශීව  එකමුතුව ගමන් කළ යුතු නිසා පක්ෂ නායකතුමන්  සංධානයක් හදන්න අවසර ලබාදුන්නා. සංධානයේ නායකත්වය, නාමයෝජනා මණ්ඩලය  නියෝජය නායකතුමන්ට බාරදුන්නා.  හැබැයි දේශපාලන පක්ෂයක් හදන්න අවසරයක්  කෘත්‍යාධිකාරි මණ්ඩලය ලබාදුන්නේ නැහැ. කෘත්‍යාධිකාරි මණ්ඩලය මේ සියල්ලටම අවසර දුන්නා, කෘත්‍යාධිකාරි මණ්ඩලය මේ සියල්ල අනුමත කළා යනුවෙන්   දැන් එක්සත්  ජාතික පක්ෂ සාමාජිකයන්ට  මතයක් ඇතුළු කිරීමට ඇතැම් පිරිස්  උත්සාහ කරනවා. එය සම්පූර්ණයෙන්ම බොරුවක්  අසත්‍යයක් කියලා තමයි කියන්න වෙන්නේ. එවැනි අවසරයක් කෘත්‍යාධිකාරි මණ්ඩලය ලබාදුන්නේ නැහැ’’ යැයිද ඔහු එහිදී පැවැසීය.

 



අදහස් (0)

‘ව්‍යවස්ථාවකට වැඩකරන්න බැරි පක්ෂවලට ඡන්දය දෙන්න එපා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1028 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site