IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘මාලිමාව’ කොළඹ අයවැයත් පරදී

(යොහාන් භාසුර)

ජාතික ජනබලවේගයට (මාලිමාව) බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 වසරේ අයවැය වැඩි ඡන්ද 3 කින් අද (22) පස්වරුවේ පරාජයට පත්විය.

කොළඹ මහ නගර සභාවේ අයවැය සම්මත කිරීම සඳහා අද පස්වරුවේ පැවැති ඡන්ද විමසීමේදී අයවැයට පක්‍ෂව ඡන්ද 57 ක් ද, විරුද්ධ ඡන්ද 60 ක් ද, ලැබුණි.

සමඟි ජනබලවේගය සමඟ එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, සර්වජන බලය, ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම් 4 ක මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

කොළඹ නගර මහ සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අද් පෙරවරුවේ අයවැය ඉදිරිපත් කළ අතර පස්වරුව දක්වා අයවැය විවාදය පැවැති අතර පසුව ඡන්ද විමසීම පැවැත්වීය.

අයවැය සම්මත කිරීම සඳහා ඡන්ද විමසීමක් පවත්වන ලෙස සමඟි ජනබලවේගයේ මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා ඡන්දයක් ඉල්ලා සිටි අතර ඒ අනුව ඡන්ද විමසීම පැවැත්විණි.

කොළඹ මහ නගර සභාවට සභිකයන් 117 ක් පත්කිරීමට මෙම වසරේ මැයි මස 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබලවේගය සභික ධූර 48 ක්, සමඟි ජනබලවේගය සභික ධූර 29 ක්, එක්සත් ජාතික පක්‍ෂ සභික ධූර 13 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධූර 5 ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සභික ධූර 4 ක්, ස්වාධීන කණ්ඩායම් 3 සභික ධූර 3 ක්, එක්සත් සාම සන්ධානය, සර්වජන බලය, ස්වාධීන කණ්ඩායම් 4 සහ ස්වාධීන කණ්ඩායම් 5 සභික ධූර 2 බැගින් හිමිකරගත්තේය. මේ අතර තවත් පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් සභික ධූරය බැගින් සභික ධූර 7 ක් හිමිකරගෙන තිබුණි.

ඒ අනුව කිසිඳු පක්‍ෂයකට සියයට 50 ක සභික ධූර හිමිනොවීමෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරී ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් රහස් ඡන්දයකින් නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරාපත්කර ගත්තේය.

එහිදී ජාතික ජනබලවේගයේ නගරාධිපති ධූර අපේක්‍ෂිකාව වූ වර්තමාන නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය මන්ත්‍රී ඡන්ද 61 ක් හිමිකරගත් අතර විපක්‍ෂයේ නගරාධිපති අපේක්‍ෂකයා වූ සමඟි ජනබලවේගයේ මන්ත්‍රී රීසා සරුක් මහතා ඡන්ද 54 ක් හිමිකරගත්තේය. ඒ අනුව ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය වැඩි ඡන්ද 7 කින් නගරාධිපතිනිය බවට පත්වූවාය.

ජාතික ජනබලවේගයට කොළඹ මහ නගර සභාවේ බහුතර බලය ගැනීමට සභික ධූර 11 ක් අඩුව තිබුණ ද නගරාධිපතිවරයා පත්කරගැනීමේ ඡන්දයේදී ජාතික ජනබලවේගය සභික ධූර 13 ක් වැඩියෙන් ගැනීමට සමත් වීම කැපී පෙනුණි.

එහිදී නගරාධිපතිවරයා පත්කිරීමට හරස් ඡන්දයක් පැවැත්වීමට කටයුතු කිරීම දැඩි විවාදාත්මක කරුණක් බවට ද පත්විය.

 



අදහස් (0)

‘මාලිමාව’ කොළඹ අයවැයත් පරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 381 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site