
(අජන්ත කුමාර අගලකඩ)
පක්ෂය කුමන තීරණයක් ගත්ත ද තමා ආණ්ඩුවට සම්බන්ධ නොවන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රීලනිපය හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පැවැත්වෙන සාකච්ඡාවට තමාද නියෝජිතයකු වශයෙන් නම් කර ඇතත් ,තමා ඊට ද සහභාගී නොවූ බව ඔහු සඳහන් කළේය.
තමා ඉදිරියටත් ආණ්ඩුවට සම්බන්ධ නොවී සිටීමේ ප්‍රතිපත්තියේ දිගටම සිටින බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පෙරවරු 10ට කැඳවා තිබුණා ද එය ද හදිසියේම අවලංගු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද ආණ්ඩුවට ඇවිත් රේගුවේ ඉන්න කාලේ ඉඳන් අමාරුවෙන් පගාගහලා හම්බකරපු දේපළ ටික නැතිකරගන්නේ..? මේ දේපළ වලින් වැඩි කොටසක් හම්බකළේ දේශපාලනේට එන්න කළින් රේගුවේ ඉන්න කාලේ...