IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


‘බැඳුම්කරේ සුද්ද කර පොත් ලිව්වා’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බැඳුම්කර වංචාව සුද්ද කර පොතක්  ලිව්වැයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා  කළ චෝදනාවක් හේතුවෙන් සමරසිංහ මහතා සහ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අතර බහින්බස්වීමක් සිදුවීමෙන් පාර්ලිමේන්තුවේ අද (10) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය.

මේ අවස්ථාවේදී  සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා අසුනින් නැගිට දිගින් දිගටම  කෑ කෝ ගැසීම හේතුවෙන් ඔහුට දැඩි ලෙස   අවවාද කළ කතානායකවරයා   “වාඩි නොවුණොත් එළියට දානවා’’ යැයිද සඳහන් කළේය.

සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා අයවැය විවාදයේදී අදහස්  දැක්වීමෙන් පසු වසන්ත සමරසිංහ අමාත්‍යවරයා විපක්ෂයට චෝදනා කරමින්  කතා  කළ අවස්ථාවේදී මෙම උණුසුම් තත්වය ඇතිවිය.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා:

අයවැය ගැන විපක්ෂයේ විලාපය තමයි අද  අහන්න වෙලා තියෙන්නේ. වාහන එකළස්  කරලා නඩු  තියෙන අය වාහන ගෙන්වන එක ගැන අද  කතා  කරනවා.  වාහන විකුණුවෙ නෑ කියලා කතා කරනවා. බැඳුම්කර  වංචාව සුද්ද කරලා පොත් ලියලා මාට්ටු වෙලා  ඉන්න අය  සුදනො වෙන්න හදනවා

(සුජිව සේනසිංහ මහතා වසන්ත සමරසිංහ අමාත්‍යවරයාට චෝදනා කරයි)  

සමරසිංහ මහතා;

විපක්ෂයට අද යන  එනමන් නැහැ. බැඳුම්කර වංචාව ගැන පොත් ලියල මාට්ටු.  පුහුල් හොරා කරෙන් දැනේ කිව්වේ මේකට තමයි. ගරු කතානායකතුමනි, මම නමක් කිව්වද. නමක් කිව්වේ නෑ. වාහන එකළස් කරලා නඩු තියෙනවා කිව්වම වැදුණා. මහ බැංකු බැඳුම්කරේ ගැන  පොත් ලිව්වා කිව්වම වැදුණා.  ඇයි ඔබතුමා කලබල.

(සුජීව  සේනසිංහ මහතා  දිගටම කතා කරයි.)

සමරසිංහ මහතා:

මම නම් කිව්වේ නෑ.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා:

සුජීව මන්ත්‍රීතුමා වාඩිවෙන්න. ඔබතුමාගේ නම කිව්වේ නෑ කරුණාකර වාඩිවෙන්න.

සමරසිංහ මහතා:

ඔබතුමා පොතුත් ලිව්වනේ තව මොනවද කතා කරන්නේ වාඩිවෙන්න.
කතානායක;

මෙතුමා නමක් කිව්වේ නෑ. ඔබතුමා වාඩිවෙන්න. නැත්නම් මම එළියට දානවා. මොකක්ද මේ කරදරේ.  විනයක් ඇතුව හැසිරෙන්න. ඔබතුමාගේ නම කිව්වේ නෑ.  මෙතැන බාධා කරන්න එපා. වාඩිවෙන්න. ඔබතුමාට සිංහල තේරෙනවාද.  වාඩිවෙන්න.

(මන්ත්‍රී අර්ජුන රාමනාදන් මහතා   යමක් කියයි)

සමරසිංහ මහතා:

කක්කුස්සි කට අවුස්සන්න හදනවා

සුජීව සේනසිංහ මහතා:

අර මන්ත්‍රීතුමියට අරයා ළග  කට ඇරගෙන ඉන්නවා.   ළඟ ඉන්න එපා කියන්න. රට අරගෙන යාවි

කතානායක:

ඔය විදිහට අසභ්‍ය විදිහට හැසිරෙන්න එපා. ඕක පොයින්ට් එකක් නොවෙයි. මොකක්ද ඔය කට ඇරගෙන ඉන්න කතාවක් කිව්වේ ඔබතුමා වැරදියි.

වසන්ත සමරසිංහ මහතා:

මම ගැරඬීන්ට භූමිතෙල් ගැහුවේ නෑ.



අදහස් (0)

‘බැඳුම්කරේ සුද්ද කර පොත් ලිව්වා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 503 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2244 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site