(රෝෂන් තුෂාර)
සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය,සභාපති ධුරය, කැලණිය සංවිධායක ධුරය අත්හිටුවීම හා විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් සමගි ජන බලවේගය පක්ෂයට නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 19 දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද(04)නියෝග කළේය.
සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු, සඳුන් විතාන මහතා විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරු ට පසුගිය 19 දින නිකුත් කළ වාරණය මෙසේ දීර්ඝ කෙරිණි.
සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් පරිදි පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
හිටපු හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගයට එක් කර ගැනීම එරෙහිව පැමිණිලිකාර සරත් ෆොන්සේකා මාතාව විසින් අදහස් පළ කිරීම පදනම් කරගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆොන්සේකාගේ වාරණ නියෝගය දිග් කරයි
සුන්දරා Tuesday, 05 March 2024 09:23 AM
සමගි ජන බලවේගය කිව්වට එහි කිසිම සමගියක් නැතුව කටයුතු කරන්න ගිහිල්ලා කරගෙන තියෙන ප්‍රශ්නයක් කියන්න පුළුවන් නැත්නම් පක්ෂයේ සභාපතිට නොදන්වා තීරණ ගන්නෙ නැහැ