(ලසන්ත නිරෝෂණ පෙරේරා)
රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලද දැරියන් 11 දෙනකු අපයෝජනයට ලක්කළේ යැයි කියන එම ළමා නිවාසයේ පාලිකාවකගේ සැමියා ලබන 08 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි පැල්මඩුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා නියෝග කළේය.
රත්නපුර දිස්ත්‍රික් ළමා හා කාන්තා පොලිස් කාර්‍ය්ංශය අත්අඩංගුවට ගත් සැකකරු පෙරේදා 26 පස්වරුවේ පැල්මඩුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා හමුවට ඉදිරිපත් කළේය.
53 හැවිරිදි ක්‍රිෂ්ණ සාමි චන්ද්‍ර මෝගන් නම් සැකකරු රක්වාන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයකු වන බව පොලිසිය පවසයි.
මෙම අපයෝජන සිද්ධිය ගැන ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට ලද තොරතුරකට අනුව රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරිමෙන් පසු ඔහුගේ උපදෙස් අනුව රත්නපුර ළමා හා කාන්තා පොලිස් කාර්‍ය්ංශය පරික්ෂණ සිදු කර සැකකරු වැනි දා රක්වාන ප්‍රදේශයේ දි අත් අඩංගුවට ගත්තේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ළමා නිවාස පාලිකාවගේ සැමියා රිමාන්ඩ්