IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ළමා⁣ අපයෝජන මඩින්න දැඩි නීති

(අංජුල මහික වීරරත්න)

ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීතියක් කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත නියෝග කර තිබේ.

ගුරුවරුන් ,වැඩිහිටියන් අතින් මෙන්ම සමාජයේ විවිධ ජන ජනකොටස් අතින් දිගින් දිගටම සිදුවන  ළමා අපයෝජන ක්‍රියා ඉතා කඩිනමින් මර්දනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා  දී ඇති ජනාධිපතිවරයා එවැනි ක්‍රියා සඳහා දැඩි දඩුවම් නියම කෙරෙන නීති පද්ධතියක අවශ්‍යතාවය අවධාරණය කර ඇත.

කළුතර හෝටලයකින් පැන 16 හැවිරිදි දැරියක මියයාම,කළුතර ටියුෂන් ගුරුවරයකු විසින් දරුවන් 16 දෙනකු අපයෝජනයට ලක් කිරීම ආදී සිද්ධි දිගටම වාර්තා වීම ගැන සලකා බලා ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

රටේ දරු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා  වෙනම නීති මාලාවක් හඳුන්වා දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.ඒ සඳහා දැනට පවතින නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා ජංගම දුරකථන,සමාජ මාධ්‍ය ආදිය යොදා ගනිමින් කෙරෙන ළමා අපයෝජන සම්බන්ධයෙන් ද මෙම නීති පද්ධතිය  සැකසීමේදී අවධානය යොමු කළ යුතුව තිබෙන බව දැනුම් දුන්නේය.

සංචාරකයන්  අතින්ද ළමා අපයෝජන සිදු වූ අවස්ථා අතීතයේ දී වාර්තා වී තිබෙන බව සිහිපත් කළ ජනාධිපතිවරයා එවැනි  සියලු සිද්ධිවලට වැට බඳින පුළුල් නීති මාලාවක අවශ්‍යතාවය පෙන්වා දී තිබේ.

අදාළ නීති කෙටුම්පත්  කිරීමෙන් අනතුරුව  කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

ළමා පරපුර රැක ගැනීම සඳහා මෙලෙස දැඩි නීති ගෙන එන අතර ම දරුවාගේ මානසිකත්වය තේරුම් ගෙන පුළුල් මනසක් සහිත දරුවකු නිර්මාණය කිරීම සදහා සමාජයේ ආකල්ප වර්ධනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මට්ටමින් වෙනම වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ අවධානයට ලක්ව ඇත.



අදහස් (5)

ළමා⁣ අපයෝජන මඩින්න දැඩි නීති

sena Monday, 15 May 2023 05:10 PM

සර් තියෙන නීති ක්‍රියාත්මක කරන්නකෝ ඉස්සර වෙලා... ඔබතුමා නීති හදන්න වගේ අවශ්‍ය වෙලාවට නීති නවන්නත් දක්ෂ බව අපි දන්නවා.

:       6       9

KumaMonday, 15 May 2023 06:07 PM

තවම බයිකම අතහැරලා නෑ වගේ...

:       1       4

AJITH Monday, 15 May 2023 06:23 PM

ළමා⁣ අපයෝජන මඩින්න දැඩි නීති සහ පාසල් අධ්‍යාපනය තුල ලිංගික අධ්‍යාපනය පමණක් නොව ලිංගික හිරිහැර සිදුවන්නේ කුමන ආකාරයෙන්ද සහ එවැනි සිද්ධීන් සිදුවීමට පෙර වළක්වාගනු ලබන්නේ කෙසේද කියාත් අධ්‍යාපනය තුළින් ඔවුන්ට ඒත්තු ගැන්විය යුතු වේ. එපමණක් නොව පාසල් දරුවන් CELL PHONE භාවිතය පිළිබඳව අලුතින් සිතාබලා අලුත් ක්‍රමවේද හඳුන්වා දිය යුතුවේ..

:       0       9

සාර්කැස්ටික් Tuesday, 16 May 2023 07:28 AM

ජනපතිතුමනි ඔබ දන්නවාද ? පොලිස් අත් අඩංගුවට පත් පුද්ගලයින් නිදහස් කරගත හැකි ඉතා ලේසි ක්‍රමවේද තියනවා බව.

:       0       2

prasanna Tuesday, 16 May 2023 11:52 AM

මුලින්ම පාසලේ ගුරුවරුන්ගෙන් ළමයි බේරගන්න ඕන .පන්සලත් ෂුවර් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 518 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site