IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ළිඳට වැටුණු දරුවා බේරා ගන්න මෙහෙයුමක්

මොරොක්කෝවට උතුරින් පිහිටි දුෂ්කර ගම්මානයක ගැඹුරු ළිඳකට වැටී සිරවුණු දරුවෙකු බේරාගැනීම සඳහා මොරොක්කෝ ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් කාලය සමග සටන් කරමින් සිටින බව පැවැසෙයි.

දවස් තුනක කාලයක සිට මෙම දරුවා ගැඹුරු ළිඳේ සිරවී ඇතැයි ආරක්ෂක අංශ පවසයි. රයන් නම් මෙම පස් හැවිරිදි දරුවා මීටර් 32 ක් පමණ ගැඹුරු ළිඳකට අඟහරුවාදා දින වැටි ඇත.

මොරොක්කෝ රජයේ ප්‍රකාශයෙක්  වූ මුස්තෆා බයිටාස්  බ්‍රහස්පතින්දා දින පැවසුවේ මෙම පස් හැවිරිදි දරුවා කෙසේ හෝ බේරා ගන්නා බවයි.

දැනටමත් සහන කණ්ඩායම් විසින් ළිඳ අසලින්  මීටර් 27 ක් දක්වා හාරා දරුවාට ළඟා වී ඇති අතර ඉදිරි පැය කිහිපයේදී තිරස් අතට මීටර් 5 ක් හාරා එම ගුලෙන් රයන් එළියට ගැනීමට බලාපොරොත්තු වන බව සහන කණ්ඩායම් පවසයි.

ඉදිරි පැය කිහිපයේදී රයන්ට දරුවා බේරා ගනීවී යැයි බලාපොරොත්තුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සජීවී දර්ශන දෙස බලා සිටි.

(විමුක්ති එස් රුද්‍රිගු - අල් ජසීරා )



අදහස් (5)

ළිඳට වැටුණු දරුවා බේරා ගන්න මෙහෙයුමක්

SUNIL MILANO Friday, 04 February 2022 09:02 PM

පුතාට බුදු සරණයි පුතේ... ඉක්මණින්ම ජීවිතය ලැබේවි..!

:       0       84

චන්දන Saturday, 05 February 2022 07:16 AM

ජීවිතයක වටිනාකම තේරුම් ගත් පිරිසක්... දරුවා බේරාගත හැකිවේවා...!

:       0       56

nihal Saturday, 05 February 2022 09:05 AM

බේරාගන්නට කරන උත්සාහය සාර්ථක වේවා... ජේසු පිහිටයි..!

:       0       27

Bunny Preena Saturday, 05 February 2022 09:31 AM

ඇඟේ හිරිගඩු පිපෙනවා.. දරුවා නිරුපද්‍රිතවම බේරාගැනීමට හැකිවේවායි අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු.

:       0       42

Samantha Saturday, 05 February 2022 02:07 PM

ඕක අපේ රටේ වුණා නම් හමුදාපති මේකප් දාගෙන අලුතින් ඇඳුම් මහගෙන එනකන් ළමයට ළිඳ ඇතුලේ ඉන්න වෙනවාමයි. ඊට අමතරව නාකි දේශපාළුවන් එතැනට ඇවිදින් මාධ්‍ය සංදර්ශන පවත්වන අයුරු බලෙන්ම වගේ මිනිස්සුන්ට රජයේ මාධ්‍යවලින් පෙන්වනවාත් නියතයි...

:       14       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 259 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site