(නිමන්ති රණසිංහ)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියකු වසර හයක කාලයක සිට වරින් වර වංචනිකව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාර්තා වෙයි.
එම නිලධාරියා අග්‍රාමාත්‍යවරයාගේ ඒ. ටී. එම්. කාඩ් පත උපයෝගී කරගනිමින් වරින්වර මෙම මුදල ලබා ගෙන ඇති බවට එම තොරතුරු මගින් වාර්තා වේ.
අදාළ ගිණුමේ තිබූ මුදල් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවදියේදී වැටුප ලෙසින් ලද මුදල් බවත් එම ගිණුමේ මුදල් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් හේතුවෙන් එය පරීක්ෂා කර බැලීමේදී මෙම කරුණ හෙළිවී ඇති බවත් එම ආරංචි මාර්ගවලින් පැවසේ.
බැංකු ගිණුමෙන් මුදල් ලබාගෙන ඇති බව කියන අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියා, කලක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් කටයුතු කර ඇති අතර, අවස්ථා ගණනාවකදීම අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස ද සේවය කර ඇත.
පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධූර කිහිපයක් මෙන්ම කතානායකවරයකු ලෙස කටයුතු කළ මේ වනවිට මියගොස් ඇති ප්‍රබල දේශපාලනඥයකුගේ පුත්‍රයකු වෙයි.
මෙම මූල්‍ය වංචාව හෙළි වීමෙන් පසු එම නිලධාරියා අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර ඇති අතර, මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීම සදහා ඉදිරි පියවර ගනු ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්බ හොරෙක් නේද?
ලොක්කට තදවෙලා මෝඩයා..., බූරුවා කියලා බැනපු මේ පාර බයියන්වත් ඡන්දේ දුන්නේ නැති හපුතලේ කන්ද නගින හාදයා නේද..? හොරාගේ හොරාට අපි නම් කියන්නේ කම්බා හොරා කියලයි..
හොරුන්ගෙත් හොරු...
පරම්පරාවටම නැගිටින්න දෙන්න එපා....
අපේ ගිණුමෙන් පොඩි ගාණක් අඩුවුණත් අපට දැනෙනවා. මෙතරම් මුදලක් අවුරුදු ගණනාවක් තිස්සේ නොදැනෙන්න ඇද්ද කියන්නේ කොයිතරම් මුදලක් තියෙන්න ඇද්ද?
අපේ ගිණුමෙන් රුපියල් 1000ක් අඩු වුණත් අපිට එක දවසක්, දෙකක් යනකොට දැනෙනවා. මෙයාලාට කෝටි 4ක් අඩුවෙලා කියලා අවුරුදු ගාණක් ගිහිල්ලත් හොයාගන්න අමාරුවෙලා...
දුක් මහන්සියෙන් හරිහම්බ කරගත්තු දේවල් නෙවෙයිනේ? ඔහොම වෙන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...
මෙයාලාට කියන්නේ හොරුන්ගෙත් හොරු. මේ අය නියමෙට ගේම දීලා තියෙනවා... මහ මොළකරුගේත් මොලෙන් රිංගලා...
හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්... දනට, පිනට ගෙදර දොරට දුන්නේ මං... (අයියෝ.. සල්ලී..!)
අම්මෝ... ජනාධිපති කෙනෙකුට සේරම සැප සම්පත් නිකන්දීලා ඔච්චර පඩියකුත් ගෙවනවද අප්පා...? මේ රට බන්කොළොත්වෙන එක පුදුමයක් නොවේ...
සාටකෙත් දාගෙන ජපබෝලෙත් මිරිකාගෙන ලොක්කා හොන්ඩර ගණනින් ගහන ගැහිල්ල පුද්ගලික ලේකම් හොඳින්ම දන්නා නිසා ඔහේ අහුරක් විතර සාටකේටම මුවා වෙලා ගන්න ඇති... ඇයි පවුද?
මයිනට,කොහොම සල්ලියක් ඇද්ද කෝටි 4ක් ඇද්දත් දැනෙන්නෙ නැතිවෙන්න.අරූ එදා,මෝඩ,බූරුවෙක් කියල අහගත්තනෙ.ඒකට,පාඩමක් උගන්නන්න මේක කරන්න ඇති.
ලොක්කා අද නවලෝකේ ඔපරේශන් කලා. එන්ගලන්තේ ප්‍රසිද්ධ මහාචාර් ය දොස්තර හිලාලි නූර්දීන් තමයි ලන්කාවට ඇවිල්ලා කලේ. (ලැමිනෙක්ටමි ඔපරේශන් එකක් කොදුඇට පෙල ආශ්‍රිතව)
මේ අර වරක් මහින්ද අගමැති තුමා "මෝඩ යකා" ලෙස ඇමතූ උදිත් ලොකුබණ්ඩාර මහතාය. නමුත් සැබවින්ම "මෝඩ යකා" යනු කවුද කියා වැටහෙනවා නේද?
හොරුන්ගෙත් හොරු කියන්නේ මේගොල්ලන්ට තමයි.
" මු මහා මෝඩයෙක්" කීවට හිතුවතරම් මෝඩ නෑ නේද ? "ගෝලයාගේ හොරකම ඔයවගේනම් ලොක්කගේ කොහොම ඇද්ද" කියල අදහස් පලකරන එකනම් හරිනෑ මගේ හිතේ.
දැන් ඔය කියන හාදයා ලඟ තියාගෙන උන්නෙ අපෙන් අහලද??අනිත් එක ඔච්චරම නම කියා ගන්න බැරිව වටේ යන්නෙ කාට බයෙන්ද?? මේ තවත් රටේ මිනිස්සු ගොනාට අන්දන්න යන නාටකයක්..
අපොයි කවුද මේ කතන්දරේ විශ්වාස කරන්නේ .කෙප්ප
ඔන්න නියම වැඩ්ඩෝ
ලැජ්ජයි. වංචාවක් දූෂනයක් නැතුව වැටුපෙන් ජීවත් වෙන එතුමාගෙ වැටුප හොරකම් කලේ ඇයි?
මේ කථාව පතුරන්නේ ඊයේ ඔපරේශන් එක වහගන්නද?
අපොයි දැන් ලොක්කාට කන්න බොන්නවත් විදියක් නැතුව ඇති. සල්ලි ටික හොරකම් කරලා නිසා... පුළුවන් අය වියළි ආහාර මල්ලක්, දෙකක් යැව්වොත් හොඳයි...
අප්පගේ නමත් කෑවා... විජ්ජාවෙන් මුලාකරපු පරම්පරාවෙන් ආපු කෙනෙක් වෙන්න බැරිද?
අයියෝ පව්, කුඹුරු කොටලා මහන්සි වෙලා උපයන මුදල්...!
මේක හොරකමක් නෙවෙයි. මෙයා සල්ලි අරගෙන තියෙන්නෙ සොහොන් හදන්න. දැන් අහූවුණු නිසා කොටසක් ආපහු ගෙවයි. ඒ වගේ දේවල්වලට සල්ලි ගන්න අවසර තියෙනවානේ...
එයා හපුතලේ දියුණු කරන්න වෙන්න ඇති කෝටි 4ක් ගන්න ඇත්තේ... කුළුනක් හරි පොකුණක් හරි ගහන්න හිතාගෙන ඉන්න ඇති... අපරාදේ...!
මේ නම් හොරුන්ගෙත් හොරෙක්... අරන් තියෙන්නේ පුස් කකා තිබුණු හාර කෝටිය...!
ජනාධිපති කෙනෙක් 60000ක පඩියට අවුරුදු 10ක් වැඩ කළාම කෝටි 3ක පඩි ලැබෙනවා. වැඩිපුරම ලැබෙන්නේ OT. කතානායකලාගේ විතරක් නෙවෙයි ජනාධිපතිලා, අගමැතිලා කතානායක සහොදරයින් ඇතුලු සියල්ලගේම රෙදි ගැලවෙනවා. ඕවාට නඩු දාලා කොහොමද වත්කම් ප්‍රකාශ නොකිරීම වගේ වැරදි වලින් බේරෙන්නේ... සාමාන්‍ය කෙනෙක් ඔච්චර ලොකු මුදලක් තිබුණානම් පොලිසියෙන් කතා හදනවා. මෙයා තමයි තංගල්ලේ කුඩු ගෙනත් දකුණු පළාතට බෙදා හරින්නේ. බොහෝ අපරාධ වලට සම්බන්ධයි කියලා... ඒත් ලොකු කෙනෙක් කළොත් ළඟ ඉන්න අය තමයි වැරදිකාරයෝ...
මේ හපුතලේ ළමයාව ලොක්කා එලෙව්වේ ලොක්කාට හම්බවුණු සන්තෝසම් (අල්ලස්) මුදලක් හොරකම් කළ නිසයි. දැන් ඉතින් තාජුඩීන්ගේම පිහිටයි....
ලඟින්ම ඉන්න අයගේන් පරිස්සම් විය යුතුයි.
ලඟින්ම ඉඳල පලිගන්න එක නියමයි. මෝඩ යකා කියල බැන්න එකට රිටන් එක කෝටි ගාණක්... ඕකට කිසිම විදියකට ඔය හාදයට නඩු දාන්න බෑ ලංකාවේ නීතියෙන්. නඩුවක් දැම්මත් ප්‍රශ්නයක් නෑ. මොකද සියළු අවසර සහිතව කාඩ්පත පාවිච්චි කරන්න දුන්න එකක් නිසා...
තමන්ගේ බැංකු ගිණුම ආරක්ෂා කර ගන්න බැරි හපනෙක් අපෙ රටේම අනාගතේ .කිරිබත් කන්නමයි හිතෙන්නේ
ඕවා සාමාන්‍ය දේවල්.ලොක්කා රටයි ,ජතාවයි අන්දවලා ,කනෙන් රිංගලනවා.ඉතින් එහෙම අයාගෙන ගත්තම මොකද වෙන්නේ .මේවාට තමයි කියන්නේ කර්මය කියලා .සුනාමි සල්ලිත් ගන්න ඇති නේද .දැන් සැපද
අපොයි. අපේ අකමැති තුමා මුලු ජීවිත කාලෙටම පාර්ලිමේන්තුවෙන් ලැබුනු පඩි, නොකා නොබී, තඹ දොයිතුවක් වියදම් නොකර තමයි ඔය මුදල එකතු කොරේ එහෙනං. කිසි කෙනෙක් ගනන් හදලා බලනවා එහෙම නොවෙයි මුලු ජීවිත කාලෙටම ලැබුනු පඩි මුදල් එහෙම ඕන්.
පඩිය ඉතුරු කළා කියමුකෝ කොහොමද මෙතෙක් කල් මෙයා ජිවත් උනේ.?
හොරුන් සමග හොරු!ඇල්ලුවොත් පුදුමයි. ඔක්කොම හොරකම් එළිවෙන තැන තමයි. ඔහොම යන්
අගමැති තුමා වැටුප පාවිච්චිචි කරන්නේ නැතිව මෙතෙක් කල් ජිවත් උනේ කොහොමද ? එතුමාට වෙනත් අදායම් මාර්ග තිබෙනවද ?
හොරුන්ගෙත් හොරු කඹ හොරු කියලා කියනවානේ. මේ එහෙම එකක්
මුන්නැහේලත් අවුරුදු 73ක්ම කළේ ජනතාවගෙ ලඟින්ම ඉඳගෙන ජනතාවගේම පොකට්ටුවට විදින එක තමයි...
මුලින්ම කළ යුත්තේ අගමැතිතුමාගේ ආදායම ගැනීමයි..
හොරාගෙත් හොරාට අලුත්ම නම තමයි මෝඩ යකා...
ඔය ගිණුමේ දැනට කීයක් ඉතිරිවෙලා තියෙනවද, ඔය ගිණුමේ මුදල් සංසරණය වෙලා තියෙන්නේ කොහොමද කියාලා විමර්ශනයක් කලොත් සමහරවිට මේ රටට වෙලාතියෙන දේ ගැන සෑහෙන හෙළිදරව්වක් ලැබේවි.
ඔන්න ඕක තමයි මුදල් ගනුදෙණු වලදී විශ්වාස කළහැක්කේ කවුද කියන්නේ..?
මම කල්පනා කරන්නේ අපේ පඩියනම් අරගෙන සති දෙකෙන් ඉවර වෙනවා. රස්සා නොකරන දරුවෝ සහ ඒ දරුවන්ටත් දරුවෝ ඉන්න මහින්ද මහත්තයා කොහොමද පඩිය ඉතුරු කළේ කියලා දන්නවා.
හොරුන්ම නිදොස්කොට, නිදහස් කරලා හොරබඩු හොරුත් එක්ක බෙදාගන්න එක තමයි සිද්ද වෙන්නේ...
මෙයා ඕච්චරද බන් ගන්න තිබ්බේ බිලියනපතියාගෙන්...?
ඩොලර් බිලියන ගණන් හොරා කාපු අයට රුපියල් කෝටි 4 (ඩොලර් ලක්ශ 2) ක් නැතිවෙනවා කියන්නේ, එයාට ඒක මොන හූනු බිජ්ජක්ද?
වංචාකළ මුදල මෙපමණ නම් තව ගිණුමේ කොපමණ මුදලක් ඇතිද? මෙවැනි ගිණුම් තවත් ඇතිනේ. එතකොට මේ මුදල් ඔක්කොම සාධාරණව උපයා ගත්ත ඒවාද? ටිකක් සැක සහිතයි. මේවා අර වාර්ෂිකව ඉදිරිපත් කරන වත්කම් බැරකම් ප්‍රකාශන වලට ඇතුළත් කරන්නේ නැතිද? මේ කරුණු ගැන සොයන්න බලධාරීන් කටයුතු නොකරන්නේ මන්ද..?
හෙල්පින්ග් හම්බන්තොට ගිණුමට ලැබුණු සුනාමි ආධාරත් යහමින් තියෙන නිසා වෙන ගිණුම් ගැන මේ වෙනතුරු හොයාබැලුවේ නැතුව ඇති...
දැන්වත් මේ රටේ වහල්ලු දැනගන්න ඕනෑ. රටේ සල්ලිවලට මොකද වුණේ කියලා...? කොල්ලෝ නුඹ ළඟින් ඉඳගෙන ඇත්ත රටට, ලෝකයාට හෙළිකළ නුඹ මේ රටට ණය නෑ.
ඔක්කොම හොරු තමයි. ඒත් මෙතැනදී තවත් නාටකයක්ද කියලත් හිතෙනවා. සාක්කුවට කුඩු පැකට් එකක් දාලා අහිංසකයින් හිරේ දානවා වගේ, පල්ලියේ බෝම්බෙ තිබ්බේ මුණී කියන සේවකයා කිව්වා වගේ මේ පුද්ගලයා මෙයාලගේ ඇතුළේ මොනවා හරි ඉතා වැදගත් රහස් දන්නා නිසා මොනවාහරි දෙයකට පටලවලා ඉවර කරලාම දාන්න හදනවද කියලත් සැකයක් හිතෙනවා. එතරම් දරුණු අමානුෂික රටක් මේක...
නුඹලා මහින්දගේ මේ නාටකේ පස්සේ එලවනකොට වෙන පැත්තකින් ඩොලර් බිලියන ගණනක හොරකමක් රාජපක්ෂලා කරලා ඒවා බෙදාගෙනත් ඉවරයි. මෙයා නාට්‍යයේ සහාය චරිතයක් විතරයි...
විජිත කියන ජෙප්පා කියා තිබෙනවා ප්‍රභූ ගිණුම් පැටිකිරිය එළියට ආවා කියලා. රුපියල් කෝටි 4ක් කියන්නේ විශාල මුදලක්ද? සමහර මුදලාලිලාගේ වාහන කොටි 5ක් වටිනවා. දැන් නගරවල සිටින බොහෝම දෙනා කෝටිපතියන්. පර්චස් 10 ඉඩමක් දැන් කොටිගාණක් වටිනවා. මේ ජෙප්පෝත් පඩිය පක්ෂෙට දෙන්නේ ඒ අයත් කෝටිපතියන් නිසා නේද? මෙතුමා පඩිය බැංකුවේ තියාගෙන හිටියා.. ජෙප්පන් පඩිය පක්ෂයට දීලා ඩීල්වලින් ජීවත් වෙනවා. ගණන් බැලුවොත් ප්‍රභූ නොවුණාට ජෙප්පෝ කෝටිපතියෝ...
කවදාවත් දුෂණ චෝදනා එල්ල නොවුණු තත්තෙක්ට කරපු නිගරුවක්.
මේක තවත් ජවනිකාවක්.