IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


හොර ගබ්සා’’ දවසින් දවස ඉහළට

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )


දිවයින පුරා නීති විරෝධී ගබ්සා කිරීම්වල වාර්තාගත ඉහළ යෑමක්  පෙන්නුම් කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

ගබ්සා කිරීම්වලට බඳුන් වන වැඩිදෙනා අවිවාහක අය වෙති.

මේ අතර අයථා පිළිසිඳ ගැනීම් ඇතුළු එවැනි  වැරැදි බොහොමයකට ජංගම දුරකතන සහ  සමාජ මාධ්‍ය ඔස්සේ   ඇතිවන හාදකම් ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.

පසුගිය 2020   වසරේදී වාර්තා වූ මෙම වැරදි ප්‍රමාණය 34 කි. එම වැරැදි ප්‍රමාණය 2021 වසරේදී 48 දක්වා සියයට  41 කින්ද 2022 වසරේදී  65 ක් දක්වා සියයට 35කින්ද ක්‍රමිකව ඉහළ ගොස් ඇතැයි පොලිස් මූලස්ථානයේ  2022 වාර්ෂික වාර්තාවේ දැක්වේ.

මේ අතර මෙම අපරාධ විසඳීමේ ප්‍රතිශතය 2021 වසරේදී  සියයට  63 කි. 2022 වසරේ එය සියයට  46 දක්වා පහළ ගොස් ඇතැයි  එම  මූලස්ථානය සඳහන් කරයි.



අදහස් (5)

හොර ගබ්සා’’ දවසින් දවස ඉහළට

de silva berlin Sunday, 30 July 2023 02:16 PM

කරුණාකර ගබ්සාව නීතිගත කරන්න... එහෙම කළාම මිනිස්සු නීතිවිරෝධී වැඩ කරන්න ගිහින් අමාරුවේ වැටෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ ලිංගික ආසාව ස්වභාවික දෙයක්... වැරැදි ලෙස දකිමින් වැරැද්ද ජංගම දුරකථන හෝ සමාජ මාධ්‍ය පිට පටවා නිකන් සිටීම ප්‍රශ්නයට විසඳුම නොවේ. අනවශ්‍ය ගැබ් ගැනීමකට ලක්වුණු කාන්තාවකට නීත්‍යානුකූලව ගබ්සාවක් කරගන්න ඉඩදීමෙන් ඇයගේ ජීවිතය ආරක්ෂා වෙනවා... විවාහ නොවුණු දෙදෙනෙකු ලිංගිකව ඇසුරු කිරීම අනුමත කරන්නේ නැහැ. නමුත් දෑවැදි ප්‍රශ්න, මගුල් ගෙවල් ගැනීමට මුදල් නැතිකම... කුල, මල භේදය නිසා විවාහවීම බොහෝ දෙනෙකුට විශාල ප්‍රශ්නයක්... විවාහ නොවී අද සමාජයේ 50-70% ප්‍රතිශතයක් විවිධාකාරයෙන් සිදු කරනවා...

:       1       21

sriyal Sunday, 30 July 2023 05:32 PM

නීතිගත කිරීම සෞඛ්‍ය දියුණු කිරීම පිණිස ද හේතුවේ... නේපාලය හොඳම උදාහරණයකි.

:       1       11

ලුම්බිණි Sunday, 30 July 2023 06:16 PM

වහාම ගබ්සාව නීතිගත කරන්න. කාන්තාවන්ට යහපතක් වෙනවා මේකෙන්...

:       1       11

Madusha Sunday, 30 July 2023 06:41 PM

නීතී විරෝධීව ඒ දේවල් කරන්න පෙළඹෙන්නේ ඒ දරුවා මේ ලෝකෙට බිහිකළොත් ඊට වඩා අමාරුවක වැටෙන නිසා. දැනටම සමාජය බැලුවාම තේරෙනවනේ තැන්තැන් වල දාලායනවා. නැත්නම් ලැබුණාම මරලා දානවා. ළමා නිවාසවල කොච්චර ළමයි ඉන්නවාද? ගබ්සාව නීතිගත කරන්න බැරි නම් ආරක්ෂිතව ලිංගික ක්‍රියාවලිය සිදුකරන ආකාරය ගැන දැනුවත් කරන්න. ඒ වෙනුවන් පාවිච්චි කරන දේවල් වල මිල පහල දාලා නිවැරදි විදියට ආරකෂිත ක්‍රියාමාර්ග වල යෙදෙන විදිය අවුරුදු 15 ඉඳන්වත් ළමයින්ට කියලා දෙන්න. ගබ්සාවලට නීති දැම්මට ආසාවල් වලට...

:       1       9

kam Monday, 31 July 2023 02:27 PM

සමාජ මාධ්‍ය, ජංගම දුරකථන භාවිතය වළක්වන්න පුලුවන්ද? ලිංගික ආශාවත්, ආහාර, වාසස්ථාන වගේ මූලික අවශ්‍යතාවක්. කසාදෙ කොලේක ලියලද නැද්ද කියන එක ඒකට බලපාන්නේ නැහැ. සුද්දා මෙහෙ පැල කරල ගිහින්, සුද්දම අතෑරල දාපු වික්ටෝරියානු සංස්කෘතිය බදා ගත්තු අපේ ජනතාව මේ යථාර්තය පිළිගන්නේ නැහැ. ‌හැමෝම බොරුවට සුදනෝ වෙන්න හදනවා කටින් විතරක්. ‌අනවශ්‍ය පිළිසිඳ ගැනීම් වළක්වා ගන්නා අයුරු කියා දෙන, නිසි ලිංගික අධ්‍යාපනයක් අවුරුදු 15 ඉඳන්වත් දරුවන්ට ලැබිය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වීසා
2024 මැයි මස 05 0 0

වීසා නිකුත් කිරීමට අදාලව ජී.බී.එස් ටෙක්නොලොජි සර්විස්, අයි.වී.එස් ග්ලෝබල් සහ වී.එෆ්.එස් වර්ල්ඩ්වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම් සමග රජය අත්සන් කළ ගිවිසුම ඉදි


සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු
2024 මැයි මස 05 24 0

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්


ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
2024 මැයි මස 05 72 0

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අ


‘කරඳගොල්ල නායයෑමට උමා ඔය සම්බන්ධ නෑ‘
2024 මැයි මස 05 330 1

ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුව


වසරේ එක්දින ක්‍රීඩිකාව චමරි
2024 මැයි මස 05 178 0

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ස


විමල් පිලෙනුත් ජනපති අපේක්ෂකයෙක්
2024 මැයි මස 05 288 2

රට ගොඩනැගීම සඳහා නව සන්ධානයක් මේ මාසයේදී පිහිටවන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 491 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1939 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1706 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site