IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


හොර කැනඩා පාස්පෝට් සමඟ පේදුරුතුඩුවේ තරුණයා මාට්ටු

(යොහාන් භාසුර)

ව්‍යාජ කැනඩා ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාව බලා පිටත්ව යෑමට පැමිණි 24 හැවිරිදි පේදුරුතුඩුවේ පදිංචි තරුණයෙක් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්‍ෂණ ඒකකය කටුනායක ගුවන්තොටුපලේ අද (10) පස්වරුවේ භාරයට ගත් බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූඑල් 217 දරණ ගුවන් යානයෙන් දෝහා වෙත පිටත්ව යෑමට නිෂ්කාශන කටයුතු සඳහා පැමිණි අවස්ථාවේදී ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව ඇති වූ සැකයක් මත ගුවන් සේවය අදාල තරුණයා දේශසීමා ආවේක්‍ෂණ ඒකකයට යොමු කළ බවත් ඉන් අනතුරු ඔහුගේ ගමන්මළු පරීක්‍ෂා කිරීමේදී ඔහුගේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සහ මාලදිවයිනට යෑමට ව්‍යාජ ලෙස සකස් කළ වෙනත් ගුවන් සමාගම ගුවන් ටිකට් පතකත් සොයාගත් බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව කීය.

එම ව්‍යාජ කැනඩා ගුවන් ගමන් බලපත්‍රය ජාවාරම්කරුවෙකුට රුපියල් ලක්‍ෂ 40 ක මුදලක් ගෙවා සකස් කරගැනීමෙන් පසුව ගුවන් තොටුපළ අසළදී අද පස්වරුවේ එය ඔහුට ලැබී ඇති බවත් ඔහු එම ගුවන් ගමන් බලත්‍රයෙන් නිෂ්කාශන කටයුතු අවසන් කර ඔහුගේ නීත්‍යානුකූල ශ්‍රී ලංකාව ගමන් බලපත්‍රයෙන් ආගමන විගමන කටයුතු කිරීමට සැළසුම් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ උස්ස නිලධාරියෙක් පැවසීය.

අදාල පුද්ගලයා ප්‍රශ්න කිරීමෙන් පසුව ගුවන් තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ඒකකයට භාරදීමට නියමිත බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙක් පැවසීය.



අදහස් (0)

හොර කැනඩා පාස්පෝට් සමඟ පේදුරුතුඩුවේ තරුණයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිකන් දුන්නත් ගන්න කෙනෙක් නෑ
2024 පෙබරවාරි මස 26 298 0

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වත්වාගෙන යෑමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බවත් මෙරට ගුවන්තොටුපළ ගැනීමට අදානි සමාගම පමණක් නොව චීනය සහ රුසියාව ඇතුළු රටවල් රැ


සෙල්ලම් කරමින් සිටි දරුවාට වායු රයිෆලයකින් වෙඩි වැදිලා
2024 පෙබරවාරි මස 26 379 0

සෙල්ලම් කරමින් සිටි ළමුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට වායු රයිපලයකින් වෙඩී වැදී රෝහල් ගත කර ඇතැයි දංඕවිට පොලිසිය කියයි .


කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අත්අඩංගුවට
2024 පෙබරවාරි මස 26 232 0

කැලණිය විශ්වවිද්‍යාලය තුළදී සිසුන්ට නවකවදය දුන්බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති කැලුම් මුදන්න


හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් තෙල් විසිරීම පාලනය කිරීමේ පෙරහුරුවක්
2024 පෙබරවාරි මස 26 14 0

කිසියම් ලෙසකින් මුහුදට තෙල් ඉහිරීමේ ආපදාවක් ඇති වුවහොත් එය මැඩලවීම සඳහා තම හදිසි සේවාවන්හි පෙර සූදානම තවදුරටත් ශක්තිමත් කිරීමේ අටියෙන් විශේෂ පෙරහුර


පාඨලී සජබ හමු වෙයි
2024 පෙබරවාරි මස 26 113 0

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පි රණවක මහතා සහ සමගි ජන බලවේගය අතර හමුවක් කොළඹ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණි.


’පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ඉඩ දෙන්නැ’
2024 පෙබරවාරි මස 26 399 2

වසර 93 ක් ආරක්ෂා කරගත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමීමට කතානායකවරයාට ඉඩ නොතබන බවත් චිරාත් කාලයක් පැවත එන පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 280 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 301 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 303 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site