(ටී.කේ.ජී.කපිල )
කූඨ ලෙස සකස් කළ බ්‍රසීල ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන , මෙරටට ඇතුළු වීමට තැත් කළ සෙනගාල් ජාතිකයෙකු අද(23 ) ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ .
මොහු 35 හැවිරිදි සෙනගාල් ජාතිකයෙකි .
ඔහු අද අලුයම 05.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එසේ පැමිණි මොහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු කර ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ ආගමන කවුළුව වෙත පැමිණ , සිය බ්‍රසීල ජාතික ගමන් බලපත්‍රය ඉදිරිපත් කර තිබේ.
එහිදී එහි සේවය කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයාට මෙම ගමන් බලපත්‍රය පිළිබද සැක සිතී , ඔහු ඉදිරිපත් කළ සියලුම ලියකියවිලි සමග දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ .
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී මෙම බ්‍රසීල ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය විය .
පසුව ඔහු රැගෙන විත් තිබූ ගමන් මල්ල පරීක්ෂාවකට ලක් කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට , එහි සගවා ගෙන තිබූ ඔහුගේ සැබෑ සෙනගාල් ජාතික ගමන් බලපත්‍රය මෙන්ම නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත යාමට අවශ්‍ය ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් ද සොයා ගැනීමට හැකි වී තිබුණි .
ඉන්පසුව මෙම සෙනගාල් ජාතිකයා ආපසු ඔහු පැමිණි කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටුවහල් කිරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හොරෙන් ලංකාවට ආ විදේශිකයා පිටුවහල් කරයි
Srinath Thursday, 23 October 2025 06:48 PM
ලංකාවටත් දැන් පිටරට අය හොරෙන් එන්න උත්සාහ කරනවා.