(ටී.කේ.ජී.කපිල)
කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවෝ දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ .
මෙයින් එක් කාන්තාවක් 31 හැවිරිදි කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි .
අනෙක් තරුණිය යාපනය , වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන්නියකි .
ඔවුන්ගේ ගුවන් සේවා නිශ්කාශන කටයුතු සදහා ඔවුන් ඉදිරිපත් ලියකියවිලි පිළිබඳ සැක සිතූ කටාර් ගුවන් සේවා නිලධාරීන් මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ .
එහිදී සිදු කළ විමර්ශනවලදී මෙම ඉතාලි වීසා බලපත්‍ර ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කර ඇති බවට කරුණු අනාවරණය වී තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd