අජන්ත කුමාර අගලකඩ
අද (28)සිට ලබන මස (10) වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ,සෞඛ්‍ය , ආරක්ෂක ,විදුලිබල, අපනයන කර්මාන්ත ආදී ක්ෂේත්‍ර සදහා පමණක් අද සිට ලබන 10 වැනිදා දක්වා ඉන්ධන නිකුත් කරන බව ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
ඉන්ධන පිරවුම්හල් වලින් පෞද්ගලික අංශයේ වාහන සඳහා මෙම කාලය තුළ ඉන්ධන නිකුත් නොකරන බවද ඔහු කීවේය.
අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම ලංගම ඩිපෝ සහ ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම්හලවලින් සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.
රට තුළ පැනනැගී ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඊයේ(27) පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත්,ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට එහිදී තීරණය කළ බවත් හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබා දුන් සෞභාග්‍යයට ස්තුතිවන්ත වෙමු.
නියමයි!!මෙවුන්ව ගොන් කරත්තෙටම බස්වලා තමයි පස්ස බලන්න ඕනා. එතකොට අර වපුරපු බීජවල අස්වැන්නත් ඒ කරත්තේම පටවාගෙන ගියහැකියි. අනික ලෝකෙන් උතුම් රටේ ප්‍රෞඩ ජාතිය ගොන් කරත්තවල යද්දී කාටද ආඩම්බර? ලෝකල් හිට්ලර් ලගේ ලෝකල් පුටින් ලගේ වැඩ නම් මරේ මාරු!! ඉන්ධන මිල තව වැඩිකරන්න!!
නියමයිනේ,ගම සමඟ පිළිසඳරක් තියමුද හලෝ.
ජීවත් වෙන්න අයිතිය තියෙන්නේ රාජ්‍ය සේවකයන්ට විතරද?
සත්‍ය වශයෙන්ම,මෙවන් වාතාවරණයක් රටේ ඇතිකළ රජය තව දුරටත් පාලන බලයේ සිටීම මහා අපරාධයක් නේද ? මේ සුන්දර රට ලෝකයේම තියෙන දුප්පත්ම රට බවට පත්වීමට නියමිත බව අන්තර්ජාලයේ දුටුවා. මෙවන් තත්ත්වයක් තිබියදී, පෞද්ගලික අංශ වලට ඉන්ධන ටික හෝ දීමට නොහැකි අකාර්යක්ෂම රජයක් හා දේශපාලකයන් අපට කුමටද ? හමුදාව පොලීසිය පිරිවරාගෙන, ආරක්ෂිත බංකර් වලට වී කෙරෙන මේ පවුල් පාලනයට දැන් හෝ තිත තැබිය යුතුය. හමුදාව පොලීසිය විසින් සෑම ඉන්ධන හලක් ගානේම දාගෙන කරනා මුදල් නාස්තිය කොපමණද ? මේ රටේ ජනතාවට කෑම බීම නැතිව, බඩු මුට්ටු හා ඉන්ධන මිල අහස උසට ගෙනගොස් හෝ,නිසි අයුරින් පාලනයක් කළ නොහැකි නම් තවත් පාලනයේ හිඳ කුමටද ? රට නැත්තටම නැතිකොට යාමට වෙන්න ඇති මේ අය හිතාන ඉන්නේ. අනේ හොඳට තිබූ අපේ රටකට ගිය කලක්..