
(ගයාන් සූරියආරච්චි සහ ජවුෆර් කාන්)
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බැනර්වලට හානි සිදුකළ බව කියන වෙනත් පක්ෂයක ආධාරකරුවකු අත්අඩංගුවට ගත් බව කාන්තන්කුඩි පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 27ක් වයසැති පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
එක්තරා පක්ෂයක ආධාරකරුවන් 5 දෙනකු පමණ ඊයේ (6) රාත්‍රී 10.00 ට පමණ එම කාර්යාලය අසලට පැමිණ බැනර් ඉරා දමා ගල්වලින් පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවලදී සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් 4 දෙනකු අත්ඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ශන සිදුකරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මඩකලපුව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතාගේ උපදෙස් පරිදි කාන්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායල් කාරයෙක්ද?
යක්ෂයාට ගල් ගාණට කරන්න පෙරහුරුවක් වත්ද?