IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හිනිදුම වෙඩි තැබීමකින් තුනක් මරුට

(ඩී.ජී. සුගතපාල,ජේ.කේ.එල්. චාමින්ද , රවි ලියනගේ,බිමල් ශ්‍යාමන් ජයසිංහ, බී.එච්.රම්‍යා සහ ගයාන් සූරියආරච්චි )

හිනිදුම පනංගල  පිහිටි නවාතැන් පොලකට පැමිණි දෙදෙනකු එල්ල කළ වෙඩි තැබිමකින් නවාතැන් පොලේ හිමිකරු සමග තවත් දෙදෙනකු එම ස්ථානයේම මියගොස් ඇතැයි  ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු ඊයේ (30) රාත්‍රී  ටී.56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවද කියයි. මියගොස් ඇති තිදෙනා හිනිදුම මහාබෝධිවත්ත පදිංචි නවාතැන්පොලේ හිමිකරු (55) බටපොල නාමල් සෙවණ සහ හිනිදුම උතුර නැවතිමුල්ල පදිංචි තිදෙනෙකු බවට හදුනාගෙන තිබේ. මොවුන් තිදෙනා සාදයක් පවත්වමින්  සිටියදි රාත්‍රි 11.30ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු  වෙඩි තබා පලාගොස් ඇත. 

මින් දෙදෙනෙකු විවාහකයින් බව පොලිසිය පවසයි.  සිද්ධිය වු ස්ථානයේ තිබි හිස් උණ්ඩ කොපු 14ක් පමණ සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. මුදල් ආරවුලක් සම්බන්දයෙන් මෙකි වෙඩි තැබිම සිදුකොට ඇති බවට පොලිසිය  සැකකරුයි.

 

 

 

 



අදහස් (6)

හිනිදුම වෙඩි තැබීමකින් තුනක් මරුට

Perera Friday, 31 January 2025 08:58 AM

වෙඩිකාලාම මැරෙන්න තරම් නොසන්ඩාල වැඩක් මෙයාලත් කරලා ඇති.

:       49       7

පුනරුදේFriday, 31 January 2025 02:09 PM

මැරිච්ච තුන් දෙනාටම කිසිම පාතාල සම්බන්ධයක් වත්, මත්ද්‍රව්‍ය වෙළඳාම සම්බන්ධයෙන්වත් තිබිල නෑ. අඩු ගානෙ නඩුවක් වත් තිබිල නෑ කියලයි පොලීසිය කියන්නෙ. මාලිමාව සුද්ධ කරන්න මැරිච්ච එකාටත් අපහාස කරන කාලකන්නි සෙට් එකක් මේ රෙදි අපුල්ලන උන්. ලැජ්ජයි.

:       3       10

යෝගා Friday, 31 January 2025 09:26 AM

පාතාලය පිටුපස දේශපාලකයෝ ඉන්නව කිව්වනෙ ඒ කාළේ. දැන් නම් පේන්නේ ඒ කාලේ ඉඳලම පාතාලය පිටුපස ඉඳල තියෙන්නේ ජවිපෙ දේශපාලකයෝ කියලා. ඔවුන්ට බලය ලැබුණම පාතාලය වර්ධනය වෙලා!

:       17       56

ගම් වැසියා Friday, 31 January 2025 10:13 AM

සල්ලි සල්ලි පොලු, පොලී මුදල්, ඒවා තමයි මේවාට මුල තමන්ට ලද දෙයින් සතුටට පත්වෙන්න බැරිව අනුන්ගේ දේපල තමන් සතු කරගන්න යාම තමයි මේවාට මුල, ගම්වලටත් මේක පැතිරීම තමයි වඩාත්ම ඛේදවාචකය...!

:       55       19

janahithaTuesday, 04 February 2025 03:49 PM

හත්තිලාමේ ඔහෙත් පාතාලෙද? ලඟ දී ගමේ ගියැයි.

:       0       3

Don perea Friday, 31 January 2025 12:11 PM

මේක තමයි රටේ පැතුම...

:       13       48

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site