IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


හිනා වෙන්න එපා. විපතක්නේ වෙලා තියෙන්නේ

ට්‍රැක්ලන්තේ අලුත්ම තත්වේ ගැන කතා කරන්න ගියොත් ඉතින් ආණ්ඩු පෙරලිලා මොන මොන දේවල් සිද්ද වුණත් ට්‍රැක්වාසීන්ගේ කිසි වෙනසක් නෑ. අව්වට වේලි වේලි, වැස්සට තෙමි තෙමි සුපුරුදු පරිදි ජීවිතය ගෙවාගෙන යනවා.

පහුගිය කාලේ ඉතින් රස්නේයි කිය කිය කෑ ගහපු අයට කට උත්තර නැති වෙන්නම හේදිලා යන්නම දුන්නනේ වැස්සක්. වැහි පිට වැහි වැටුණත් ට්‍රැක්වාසීන්ගේ ආතල් නවත්තන්න කාටවත් බෑ. මොන තරම් ඛේදනීය තත්වයකදී වුණත් ෆුල් ජොලියේ ඕන දේකට මූණ දෙන්න පුළුවන් හැකියාවක් ට්‍රැක්වාසීන්ට තියනවා. පසුගිය කාලේ නන්නත්තාර වෙන්නම ගං වතුර ආපු ට්‍රැක්වාසීන් මේං බොලේ ටික්ටොක් එකේ ටික්ටොක් දානවා ජලක්‍රීඩා කර කර. සමහරු ටයර් වතුරට දාලා නැව් නැගපු කපිතාන් වගේ ගං වතුරේ එහේ මෙහේ යනවා. කෙල්ලෝ කොල්ලෝ භේද නැතුව ගංවතුරේ බැහැගෙන ජාතික ක්‍රීඩා කරනවා. මෙච්චර වෙලත් කවුද කියන්නේ ලෝකේ සතුටින්ම තියන රට ලංකාව නෙමෙයි කියලා. ආර්ථිකයෙනුත් බැටකාලා කාළගුණයෙනුත් බැටකාපු ට්‍රැක්වාසීන් සැලෙන්න තියා හිතලාවත් නෑ. තව තියනවා නම් ප්‍රශ්න ඉදිරියට වරෙව් කියන් පපුව ඉස්සරහට දාන් යන ජාතියක් තමා ට්‍රැක්වාසීන් කියන්නේ.

දැන් දැන් ඉස්සර වගේ දේශපාලනය පක්ෂ නිසා ට්‍රැක්ලන්තේ ලොකුවට වලි එහෙමත් නෑ. හරිම හුරතල් විදිහට බුකියේ කමෙන්ට් දාන් රණ්ඩු වෙනවා ඇරුණම ෆේස් ටු ෆේස් ගිහින් ඇණකොටා නොගන්න තරමට ට්‍රැක්වාසීන් පරිණතයි. එහෙන් මෙහෙන් එහෙම අයත් ඇති. හැබැයි බහුතරය ආතල් එකට රණ්ඩු වෙනවා මිසක් ගහ මරාගන්න යන්නේ නෑ. ඇත්තටම වෙලාවකට හිතාගන්න බෑ ට්‍රැක්වාසීන් පාලකයන්ගෙන් ආතල් ගන්නවද එහෙමත් නැත්තන් පාලකයෝ ට්‍රැක්වාසීන්ගෙන් ආතල් ගන්නවද කියලා. කොහොමෙන් කොහොමෙන් හරි එක දෙයක් හොඳටෝම තේරුනා. මොන පක්ෂේ ආණ්ඩු කරත් ට්‍රැක්වාසීන් නම් ඒකෙන් ආතල් ගන්නවා.

කවුරු කොහොම ආණ්ඩු කරත් ඒ රට කරවන ඇත්තොන්ට අනිත් අයගේ සහය නැත්තන් ඒක කරන් යන්න අමාරුයි. බිත්තර අඩු කරා කියලා හුරේ දාන්න කලින් ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි මේං බොලේ ආයිත් වැඩි වෙලා. හාල් හිඟයක් මවලා හාල්වල ගාණත් වැඩි කරන්න දගලනවා. මේවා අහලා හයියෝ කියලා ඔළුවේ අතගහගත්තු උන්දැලා අත පහත දාන්නත් කලින් පොල් ගෙඩියත් ගණන් ගිහින්. ඒ විතරක් නම් මදැයි උම්බල කඩත් ගණන් ගිහින්. තෙල් අඩු වුනාම ත්‍රීවිල් මහත්තුරුන්ට ගාණන් අඩු කරන්න බෑලු. තෙල් වැඩි වෙනකොට වැඩි කරගෙන කරගෙන ගිහින් අඩු වෙද්දි එක රුපියලක්වත් අඩු නෑ. පාං පිටි ගණන් අඩු වුනාම බේකරි නිෂ්පාදකයන්ට කෑම වල ගාණ අඩුකරන්න බෑලු. අනිත් අමුද්‍රව්‍ය මිලයිලු. හැබැයි තිරිඟු පිටි වැඩි වෙන්න වැඩි වෙන්න නම් හෝ ගාලා වැඩි කරා. ඊට හපන් බස්වල ගාස්තු අඩුකරපු විදිහ. මහජනතාවට කිසිම සහනයක් නැති විදිහට අඩු කරා. අවම ගාස්තු 27 යි. රුපියල් තුනක් දුන්නම ඉතුරු 3 ක් දෙන කොන්දොස්තර මහතෙක් හිටියොත් අපිටත් කියන්න. මේ දවස්වල ලංකාවේ තියන ඔක්කොම රුපියලේ දෙකේ කාසි ටික ළඟ තියන් ඉන්නේ කොන්දොස්තර මහත්තුරු. කඩේකට ගියත් ටොපියක් දීලා එවනවා මිසක් ඉතුරු 2 , 5 නම් ලැබෙන්නෙම නැති තරම්. මේ හැමදේකින්ම තැලිලා පොඩිවෙන්නේ අහිංසක මහජනතාව.

ඒ මදිවට බණ කියන්න ඕන අය දේශපාලනයට ගිහින් රඟපාන්න ඕන අය සින්දු කියන්න ගිහින් සින්දු කියන අය රඟපාන්න යනවා. නලුවෝ ගිහින් දේශපාලනය කරන්න. මේ දවස්වල ට්‍රැක්ලන්තේ ඔක්කොම කණපිට. එක දෙයක් හොඳින් මතක තබා ගත යුතුයි. ගුරුවරු , ගායකයෝ, නළු නිළියෝ කවදාවත් දේශපාලනයට යන්න එපා. ඇයි අහන්න එපා . යන්න නම් එපා. තමන්ගේ මතේ රහසක් විදිහට තියා නොගත්තොත් අන්තිමට දේශපාලනෙත් නෑ . රසිකයොත් නෑ.

ජයනි සිතාරි අල්විස්.

 



අදහස් (0)

හිනා වෙන්න එපා. විපතක්නේ වෙලා තියෙන්නේ

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති-ඉලංගෙයි තමිල් අරසු කච්චි හමුවක්
2024 දෙසැම්බර් මස 04 348 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැ


මෙන්ඩිස් සමාගමේ බලපත අහෝසියි
2024 දෙසැම්බර් මස 04 1365 0

රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීම


ජනපති- ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ හමුවක්
2024 දෙසැම්බර් මස 04 466 0

රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය.


අයි.එම්.එෆ් ගිවිසුම සංශෝධනය කළා
2024 දෙසැම්බර් මස 04 1517 0

මූල්‍ය අරමුදලේ ගිවිසුමට සංශෝධන කර තිබෙන අතර එහි ප්‍රතිඵල අයවැයෙන් දැනගන්න හැකියාව තිබෙන්නෙ යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේද


ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බෙදීමක් නැතිව සම්මතයි
2024 දෙසැම්බර් මස 04 755 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ යෝජනාව බෙදීමක් නොමැතිව ඒකමතිකව සම්මත විය.


අයිස් සමඟ ඇල්ලූ ලාංකික ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 දෙසැම්බර් මස 04 374 0

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දිය නාවික හමුදාව ඒකාබද්ද මෙහෙයුමකින් පසුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 356 ක් සමග අරාබි මුහුදේ දී අත්අඩංගුවට ගත් සැකකා


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 78 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 674 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 847 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site