IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හිතුවටත් වඩා ආර්ථිකය වර්ධනය වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

මේ වන විට ඉලක්ක අභිබවමින් ලංකා ආර්ථිකය වර්ධනය කරගන්නට රජයට හැකියාව ලැබී තිබෙන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"මේ වන විට රටේ ආර්ථික ස්ථායීකරණයේ ප්‍රතිඵල පෙනෙමින් තිබෙනවා. ආර්ථික වර්ධනයක් ඇතිවෙමින් තිබෙනවා. මේ බිඳ වට්ටපු රටක්.අපට ලැබුණේ බිඳ වැටුණු ආර්ථිකයක්.ඉලක්ක අභිබවමින් ආර්ථිකය වර්ධනය කරගන්නට අපට හැකියාව ලැබී තිබෙනවා.

ඒ කියන්නේ අපට ආයෝජන එමින් තිබෙනවා.ආර්ථික වර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ඉතා කැපී පෙනෙන දෙයක්.අපේ ආණ්ඩුව සත පහක මුදල් අච්චුගැහීමක් කර නැහැ . ආර්ථික ක්‍රියාවලිය වර්ධනය වෙලා.

රුපියල් බිලියන  450ක් අප වාහන ආනයනයෙන් මේ වසරේදි බලාපොරොත්තු වුණා. නමුත් මේ වනවිට ඒ ඉලක්කය අභිබවා ගොස් තිබෙනවා.දුප්පත් කම තුරන් කිරීම සඳහා අප විශේෂ වැඩසටහන් සකස් කරමින් සිටිනවා.එමෙන්ම මත්ද්‍රව්‍ය උවදුර මෙන්ම දූෂණය පිටු දැකීම සාර්ථක තත්ත්වයේ තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

 

 

 



අදහස් (5)

හිතුවටත් වඩා ආර්ථිකය වර්ධනය වෙලා

තුසිත Thursday, 25 September 2025 03:29 PM

ලෝක බැංකු වාර්තා අනුව ආර්ථික වර්ධනය 3%ට බැහැලා, සංචිත අඩුවෙලා, උද්ධමනය වැඩිවෙලා. ඔය කියන තරම් ආර්ථිකය හොඳ නම් තෙල්, විදුලි ගාස්තු අඩුකරලා ජනතාවට සහන දෙන්නකො. පච උනත් සීමාවක් ඇතුව කියන්න

:       11       16

ගුණරත්නThursday, 25 September 2025 05:48 PM

ජවිපෙ මාලිමාවේ මන්ද බයියෝ ඔය කතා විශ්වාස කරාවි... ආර්ථිකය ඔය තරම් හොඳ නම් මොකද අස්වැසුම වැඩිහිටි දීමනා ආදිය ගන්නා පිරිස වැඩි වෙලා තියෙන්නේ? මිනිස්සු වාහන ගන්නේ ණය වෙලා, ඒ මදිවාට ආණ්ඩුව කොයි මොහොතේ හෝ බදු වැඩි කරාවි හෝ ආනයන නවතාවි කියන බය නිසාත් පිස්සුවෙන් වගේ වාහන ගත්තා. ඔය කාරණා මොකක්වත් සතුටු වෙන්න දේවල් නොවෙයි...

:       1       4

විපරමා Thursday, 25 September 2025 03:52 PM

දූෂිතම පවුල් පාලනේ උන්,වටේම හිටපු දූෂිත දේසපාලුවෝ හිටියානම් ,උන්ගේ ආර්තිකය වර්දනය වෙන හැටි අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .

:       10       12

මැක්ස් Thursday, 25 September 2025 05:30 PM

ඒකනේ. දැන් පොල් මිල අඩුයි. ලයිට් බිල අඩුයි. හාල් මිල අඩුයි. වතුර බිල අඩුයි. පෙට්‍රල් ඩීසල් මිල අඩුයි. පුනරුදය හැම පැත්තෙන්ම බේරෙනවා. අනුර ප්‍රමුඛ මාලිමා කෙබර නඩේ සහ හෝදන්නන් නිසා තමයි මේ සේරම වාසි රටට ලැබුණේ...

:       1       7

GAMA VARESE Thursday, 25 September 2025 07:07 PM

විපරමා නෙමෙයි ..වපරයා..ඒකයි මාලිමා ජෙප්පෝ ගහපු සහ ගහන ගැහිල්ල පේන්නේ නැත්තේ.. මොවුන් වැරදි කර කර අනුන්ගෙ පිට පටවනවා. ලැජ්ජයි හලෝ... ලැජ්ජයි..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32264 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14758 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 81 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 356 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site