
(නිමල් ජයරත්න)
යුද හමුදා විශ්‍රාමික සෙබළෙකුගේ හිඟුරක්ගොඩ නිවසක තිබී අවි ආයුද, හමුදාව භාවිතා කරන නිල ඇඳුම් සහ පුපුරන ද්‍රව්‍යය තොගයක් සොයා ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
පොළොන්නරුව රාජ්‍ය බුද්ධි සේවා නිලධාරියකුගෙන් ලද තොරතුරකට අනුව අද සිදු කළ මෙම මෙහෙයුමේදී, එම පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුද යුද හමුදා විශ්‍රාමික සෙබලා අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ පොලිසියට භාර දීමට කටයුතු කළ බව අරලගංවිල විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.
මෙම සෙබලාගේ නිවසේ තිබී, අත් බෝම්බ එකක්, විවිධ වර්ගයේ ජීව උණ්ඩ සහ හිස් පතුරම් කොපු 36 ක්, පුහුණු උණ්ඩ කීපයක්, යුද හමුදාව භාවිතා කරන නිල ඇඳුම් කිහිපයක්, කැමා කැප් හතරක් සහ තවත් යුද උපකරණ සහ හමුදාව භාවිතා නිල ඇඳුම් උපකරණ කිහිපයක් මෙහිදී සොයා ගැනීමට හැකි වූ බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd