
(ෂේන් සෙනෙවිරත්න)
උඩපළාත ඉහළගම මාවතුර ප්‍රදේශයේ මහා කන්දක් නාය යෑමෙන් ගම්මානයේ 40 කට ආසන්න පිරිසක් එම කන්දට යවන්නට ඇතැයි ඇතැයි ගම්වාසීහු පවසති.
අතුරුදන් පිරිසගෙන් 15 දෙනකු ගේ සිරුරු ගම්වාසීන් විසින් සොයාගෙන ඇති අතර තවත් 25 දෙනකු සොයා ගැනීමට නැතැයි ඔවුහු පවසති.
මියගිය අයගේ අවසන් කටයුතු කිරීම භික්ෂුන් වහන්සේලාගේ සභාගීත්වයෙන් තොර ගම්වාසීන් හා මියගිය අයගේ ඥාතීන් විසින්ම ආගමික වතාවත් පවත්වා අවසන් කටයුතු කළ බව එම ගම්මානයේ තරුණියක වන අරුණි ජයවර්ධන මහත්මිය අපහා දුරකතනයෙන් දන්වා සිටියාය.
ආගමික වතාවත් සිදු කිරීමට භික්ෂූන් වහන්සේ නමක් සොයා ගැනීම අපහසු වී ඇතැයි ද ගම්මානයේ පිරිසක් අපහා පැවැසීය.
අතුරුදන් වූ පිරිස සොයා මේ වන විට ගම්වාසීන් විසින් නාය ගිය ප්‍රදේශ බව ජයවර්ධන මහත්මිය කීවාය.
එම ප්‍රදේශයේ සිදුවූ නාය යාම හේතුවෙන් ගම්මානයේ ගම්වැසියන් 40ක් පමණ දෙනා මිය යෑම සහ අතුරුදන්ව සිටින අතර තවත් 600 කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී සිටින බව ඇය පවසන්නීය.
ගම්මානයේ දැනට අවතැන්වී සිටිනන පුද්ගලයනට මෙතෙක් කිසිදු හව්හරණක් නොමැතිව ප්‍රදේශයේ පාසලක සහ භික්‍ෂුණී ආරාමයක රඳවා සිටින බවත් ඔවුන්ට මූලික පහසුකම් හෝ නොමැති බවද අරුණි ජයවර්ධන මහත්මිය පවසන්නීය.

2025 නොවැම්බර් මස 21
249
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
298
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හව්හරණක් නැතිව අවසන් ගමනේ