
යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රදේශයකටය. එහෙයින්, ජීවිත හානි හෝ දේපළ හානි හෝ සිදු නොවුණි.
කෙසේ නමුත්, එම මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හවුති සටන්කාමීන්ට අනතුරු අඟවා ඇත්තේ, එම ප්‍රහාරය වෙනුවෙන් පළිගන්නා බවත්, හවුති සටන්කාමීන්ට කිසිදු සමාවක් නොදෙන බවත් පවසමිනි.
හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිලයක් එල්ල කළ පළමු අවස්ථාව මෙයයි.
මිසයිලය යේමනයේ සිට කිලෝ මීටර් 2,000 ක දුරක් පසු කර ඊශ්‍රායලයට පතිත වූ බව ද පැවැසෙයි.
මිසයිලයෙන් කොටසක් උඩු ගුවනේ දී විනාශ කිරීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් වුණු බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
2025 ඔක්තෝබර් මස 08
1531
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු
ජයනාත් Monday, 16 September 2024 06:03 AM
බරපතල ලෝක අර්බුදය ක පෙර නිමිති පහල වෙලා..