
(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (15) පස්වරු 2.35 ට හලාවත බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය ගමන් ආරම්භ කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාවට ඇතුලත් කිරීමේදී දුම්රිය නියමිත ස්ථානයේදී නවතා ගැනීමට එම දුම්රියෙහි කාර්‍යමණ්ඩලය අපහොසත් වීම මත වේදීකාව ද කඩා ගෙන එම දුම්රිය නැවතුණු බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම අනතුර හේතුවෙන් කිසිවකුට හෝ අනතුරක් සිදුව නොමැති අතර දුම්රියේ ඉදිරි කොටස හා වේදිකාවේ කොටසකට හානී වී ඇති බවත් දුම්රිය ගමනාගමන කටයුතු සඳහා මෙය ගැටලුවක් නොමැති වුවද මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීමත් නොසැලකිල්ල CGR එක අනිවාර්යයෙන් පුද්ගලීකරණය කරන්න ඕනේ...
වැරැදිකාරයින්ට දඬුවමක් දුන්නොත් වර්ජනය කරයි...
ජෙප්පෝ වෙන්න ඇති මේවා කරන්නේ
අතී නවීන තාක්ෂණය මගීන්ට දුම්රියට ගොඩවීමට තවත් පහසු කරන්නට වෙන්න ඇති...
වේදිකාවට පැමිණි දුම්රිය අද තමයි හරියටම දැක්කේ...
1980 දී රාත්‍රී වැඩමුරය සඳහා සංසථා බස් රථය එනතුරු කොටුව දුම්රිය පොළ ලඟ සිටිද්දී එකල තිබූ බලවේග කට්ටලයකුත් තිරිංග දෝෂයක් නිසා ඔය විදිහටම ඔතනදීම වේදිකාව උඩටම ඇවිත් නතර වුණා.
කෙහෙල් මල් පරීක්ෂණයක්ද .යකඩ ගොඩවල් ධාවනයේ යොදවනවා නඩත්තුවක් නැහැ .වැඩකරන හැමෝම මත්පැන් බොනවා .