(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත නගරයට ආසන්නයේ ආරම්භ කිරීමට සුදානම් සුපිරි එළවළු තොග වෙළදපොල හේතුවෙන් තමන්ට රැකියාවන් අහිමි විමේ අවදානමක් පවතින බව පවසමින් හලාවත කුඩා පරිමාණ එළවලු වෙළදුන් 500 කට ආසන්න පිරිසක් විරෝධතාවයේ නිරත වුහ.
මේ වන විට හලාවත වෙළද පොල ආශ්‍රීතව වෙළදාම් කටයුතු වල නිරත වන වෙළදුන් පිරිසක් මෙලෙස විරෝධතාවට එ ක්ව සිටියහ.
ඔවුහු හලාවත ප්‍රධාන එළවළු වෙළද පොල ඉදිරිපිටදි විරෝධතාවයේ යෙදි පාගමනින් හලාවත නගර සභාව ඉදිරියට පැමිණ එම ස්ථානයේ පැය තුනකට ආසන්න කාලයක් තම විරෝධය මතු කිරීම සිදුවු අතර පසුව එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත ආසන සංවිධායක පාලිත රෝහණ මහතාට මේ සම්බන්ධව ලිපියක් භාර දීම සිදුව තිබුණි.
එහිදි සංවිධායකවරයා විසින් මේ සම්බන්ධව අදාල අංශ සමග සාකච්ජා කර ඒ පිළිබදව කඩිනමින් විසදුමක් ලබා දෙන බවට පොරොන්දු විමේන් පසුව විරෝධතා කරුවන් ඉවත් විම සිදුවිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හලාවත එළවලු වෙළෙන්දෝ පාරට බසිති