(ලලිත් නවරත්න)
හලාවත පුත්තලම මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේදී රූස්ස කොහොඹ ගසක් මාර්ගය හරහා කඩා වැටීමෙන් අද (08) පැයක පමණ කාලයක් ගමනාගමනයට බාධා ඇති විය
ධාරානීපාත වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හේතුවෙන් මෙම තත්වය ඇතිවී ඇති බව පොලීසිය පවසයි.
මෙම හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගය දිවයිනේ බහුතරයක් ගමනාගමනය සහ විවිධ අවශ්‍යතා සඳහා භාවිතා කරයි.
මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සහ මදුරන්කුලිය ප්‍රාදේශීය සභාව එක්ව පැයක පමණ කාලයක් ඇතුලත මෙම ගස ඉවත් කර මාර්ගය නැවත යතාතත්වයට පත් කිරීමට කටයුතු කලහ.
මෙම ක්‍රියාව මෙම මාර්ගය භාවිතා කරන්නන්ගේ පැසසුමට ලක්විය.
මුන්දලම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතාගේ උපදෙස්මත රථවාහන අංශයේ පොලිස් සැරයන් සම්පත් 19986ල පොලිස් කොස්තාපල් බංඩාර 82387 මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර මදුරන්කුලිය ප්‍රාදේශීය සභාව සහ ප්‍රදේශ වාසීන් ඊට උපරිම දායකත්වයක් ලබා දුන්හ..
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හලාවත-පුත්තලම මාර්ගයේ ගමනාගමනයට බාධා