යුක්රේනයේ කීව් අගනුවරට නුදුරින් පිහිටි බ්‍රොවාරි නමැති නගරයේ පෙර පාසලක් සහ මහල් නිවාස ගොඩනැගිල්ලක් අසලට හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී පුපුරා ගිනි ගත්තේය.
යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනාස්ටිස්කි ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් හෙලිකොප්ටරයේ ගමන් කරමින් සිටි බවත් ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වුණු බවත් පැවැසෙයි.
හෙලිකොප්ටරය කඩා වැටී පිපිරුමෙන් සහ ගින්නෙන් පෙර පාසල් ගොඩනැගිල්ලටත්, මහල් නිවාස ගොඩනැගිල්ලටත් හානි සිදුවිණි.
හෙලිකොප්ටරය, රුසියන් මිසයිල ප්‍රහාරයකට හසුවීමෙන් කඩා වැටෙන්න ඇති බවත් අනුමාන කෙරේ. පිපිරුමට සහ ගින්නට හසුවීමෙන් 16 දෙනකු මියගිව බවත් කුඩා දරුවන් කීප දෙනකු ද ඒ අතර සිටින බවත් පැවැසෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හෙලිකොප්ටර් අනතුරින් යුක්රේන ඇමති මරුට
oshara Wednesday, 18 January 2023 04:18 PM
මේ සිද්දියට නම් කනගාටුයි හදවතින්ම!! අපෙත් එකක් හෙට අනිද්දා වෙනකොට උඩ යන්න ලෑස්ති කරල තියෙන්නෙ. ඒකට වෙන්නෙත් මේ දේ ම තමයි.
Bunny Preena Thursday, 19 January 2023 09:30 AM
යුද්දයකින් වෙන විනාසයන්, ලබෙන ජයග්‍රහනයන්ට වඩා ඉහලයි.
ernstg Thursday, 19 January 2023 10:23 PM
හොඳට සුර් වෙලා තමයි පියාඹමින් ඉන්න වෙලාවේ මේ කුරුල්ලා කරනම් ගහල තියෙන්නේ.