පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඞ් මර්කෝස් ජූනියර් (කණිෂ්ඨ) හෙවත් බොංග්බොංග් ට දොස් අහන්න සිදුවී තිබේ.
ඒ, ඔහු පසුගිය සිකුරාදා (19) බිරිඳ සමඟ එරට පැවැත්වුණු සංගීත සංදර්ශනයක් නැරැඹීමට හෙලිකොප්ටරයකින් යෑම සම්බන්ධයෙනි.
ජනාධිපතිවරයාට දෝෂාරෝපණ එල්ල වී ඇත්තේ රජයේ සම්පත් අවභාවිත කළ බවටය. දෝෂාරෝපණ එල්ල වී ඇත්තේ සමාජ මාධ්‍යය. ඒ පසුපස සිටින්නේ පිලිපීන විපක්ෂ දේශපාලන කණ්ඩායම් බව ද පැවැසෙයි. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ෆර්ඩිනැන්ඞ් මර්කෝස් ජූනියර් දෝෂාරෝපණයට ලක් වුණු පළමු අවස්ථාව මෙයයි.
ජනපතිවරයා සහ ආර්යාව හෙලිකොප්ටරයෙන් ගියේ පිලිපීන ඇරීනා රඟහලේ පැවැත්වුණු ‘කෝල්ඞ්ප්ලේ’ සංගීත කණ්ඩායමේ සංගීත සංදර්ශනයක් නැරැඹීමටය.
සංගීත සංදර්ශනය නැරැඹීමට 40,000 කට වැඩි පිරිසක් පැමිණි බැවින්, දැඩි වාහන තදබදයක් ද පැවැතිණි. පිලිපීන ජනාධිපති ආරක්ෂක අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වාහන තදබදය හේතුවෙන් ජනාධිපතිවරයා හෙලිකොප්ටරයකින් රඟහල වෙත ගෙන යෑමට සිදුවුණු බවය.
(බීබීසී)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හෙලිකොප්ටරයෙන් ගිය පිලිපීන ජනපතිට දොස්
Perera Monday, 22 January 2024 09:33 AM
පටන්ගත්තා විතරයි. අප්පොච්චා ගිය පාරෙ පුතාත් යනවා වෙන්න ඇති. ලංකාවේ අයට ඕවා මතක තියා ගන්න හොඳ පාඩම්..!
Joe Shepherd Monday, 22 January 2024 01:52 PM
ජනාධිපති කෙනෙක් ඉන්න ඕනෑ ජනාධිපති කෙනෙක් විදියට. ජනාධිපති කෙනෙක්ටත් ඉරිසියයි මිනිස්සු.