( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන සමෘද්ධි සංවර්ධන නිළධාරිවරයකු තමන් පදිංචි පෙත්තිගම ගම්මානයෙ ගවයින් හොර රහසේ අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටියදී ගම්වාසින් හා මහකුඹුක්කඩවල පොලිසියෙ නිළධාරින් එක්ව අද ( 2 ) අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මහකුඹුක්කඩවල පෙත්තිගම ප්‍රදේශයෙ පදිංචි මුන්දලම සමෘද්ධි සංවර්ධන නිළධාරියකු ලෙස කටයුතු කරමින් සිටින බව කියන 45 හැවිරිදි අයෙකු බව කියයි.
සැකකරු ඔහුගේ නිවසට ආසන්න නිවසේ ගවයින් තිදෙනෙකු අද අලුයම මස් සදහා මුන්දලම පුලිච්චාකුලම මස්කඩකරුවන් පිරිසකට අලෙවි කර එම ගවයින් බෝලෝරෝ වර්ගයෙ කැබ් රථයකට පටවමින් සිටියදී ගම්වාසින් හා මහකුඹුක්ඩවල පොලිසිය එක්ව සිදුකල වැටලිමකදි අත් අඩංගුවට ගෙන තිබුනී.
අත් අඩංගුවට ගත් හරක් ජාවාරමේ නිරත වු සමෘද්ධි සංවර්ධන නිළධාරියා පෙත්තිගම සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති ලෙසද කටයුතු කරන බව පොලිස් පරික්ෂණ වලදී හෙළිව තිබේ.
කලක සිට පෙත්තිගම හා කොරකහායාය ප්‍රදේශ වල ගවයින් සොරා ගැනිම සිදුව තිබුනද එය කවුරුන් කරනවා දැයි තහවුරු කර ගැනිමට දැඩි වෙහෙසක් ගෙන තිබු බව කියයි.
කෙසේ නමුත් පොලිසිය උපාය දුතයින් යොදවමින් මෙම ජාවාරම සිදුකරන පිරිස සොයා පරික්ෂණ කටයුතු නිරත ව තිබු බව කියයි.
එසේ සිටියදී අද අලුයම අදාල සමෘද්ධී සංවර්ධන නිළධාරියාගෙ නිවසට යාබද නිවසේ ගවයින් කැබ් රථයක් රැගෙන විත් පටවමින් සිටියදී පොලිසිය හා ගම්වාසින් විසින් රැක අල්ලා ගෙන තිබුණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හොර හරක් ජාවාරමේ ගිය සමෘද්ධි නිලධාරියා කොටු වෙයි
Lalla Wednesday, 02 August 2023 07:35 PM
වෙනසක් නෑ... ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ රාජ්‍ය නිලධාරීන්ගේ පැටිකිරිය ඕකයි. සමෘද්ධිය නම් ඉතින් වැඩ කරන ජනතාව සූරාකෑම සහ නිකමුන්ට කන්න බොන්න දීම නේ....
Bunny Preena Thursday, 03 August 2023 09:29 AM
මේවගේ වංචනිකයකු සමුර්ධි නිලධාරියා හැටියට පත්කළ එකාලට තලන්න ඕන