(රංජන් කස්තුරි)
රජයට රුපියල් කෝටි ගණනක බදු මුදල් නොගෙවා ජාවාරම්කරුවන් පිරිසක් විසින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ ව්‍යාජ ආරක්ෂික ස්ටිකර් ඇලවූ තත්වයෙන් බාල මත්පැන් බෝතල් තොගයක් සොයාගත් බව සුරාබදු දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
සුරාබදු දෙපාර්තුමේන්තුවේ විශේෂ වැටලීම් කණ්ඩායමක් තඹුත්තේගම, තලාව, නෙළුබෑව සහ කහටගස්දිගිලිය යන ප්‍රදේශවලින් එම ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් තොගය සොයාගත් බවද සුරාබදු දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.
මත්පැන් බෝතල්වල අලවා තිබූ මෙම ව්‍යාජ ස්ටිකර් පරිගණක පද්ධතිය මගින් නිවැරදි දත්ත ලබා නොදෙන ඒවා වන අතර එමගින් රජයට විශාල බදුමුදලක් වංචා කරන බවද ඔහු කීය.
ආරක්ෂක ස්ටිකර් මුද්‍රණය සඳහා තෝරාගෙන ඇති සමාගමට අක්‍රමිකතා චෝදනා රැසක් තිබෙන අතර එම සමාගම නීත්‍යානුකූලව ස්ටිකර් තොගයක් ලබාදුනහොත් එවැනිම හොර ස්ටිකර් තොගයක් ජාවාරම්කරුවන්ට ලබාදෙන බවද ඇතැම් පාර්ශ්ව චෝදනා කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හොර ස්ටිකර් ගසා මත්වතුර විකුණන ජාවාරමක්
ravin Monday, 16 January 2023 04:06 PM
වැඩේ කෙරෙන හැටි හා අනිකුත් උපදෙස් ගන්න තිබුණේ එතනෝල් ගේන්නද?