IMG-LOGO

හොර වීසා වලින් ඉතාලියට පනින්න හැදූ 5 ක් දැලේ

(ටී.කේ.ජී.කපිල)

කූඨ ලෙස තැනූ ව්‍යාජ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී අද (3)  ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මුලින්ම මාරවිල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මවක සහ පිළිවෙලින් 14 සහ 18 හැවිරිදි දියණියන් දෙදෙනෙකු සමග ඊයේ (2) රාත්‍රී 08.05 ට කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ඉතාලිය වෙත පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එහිදී ඔවුන් සතු ඉතාලි වීසා බලපත්‍ර පිළිබඳව මතු වූ සැකය මත, කටාර් ගුවන් සේවා නිලධාරීන් විසින් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයෙහි රාජකාරියේ නිරත  ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

ඊට පසුව තවත් මාරවිල ප්‍රදේශයේ පදිංචි මව , පියා , පුතු සහ දියණියක ඇතුළු සිව් දෙනෙකුගෙන් යුතු පවුලක පිරිසක් අද (3) අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 649 දරන ගුවන් යානයෙන් ඩුබායි ඔස්සේ ඉතාලිය බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එහිදී එම පවුලේ 35 හැවිරිදි මවගේ ඉතාලි වීසා බලපත්‍රය පිළිබඳව ද සැක මතු වී තිබූ හෙයින් ඇය ද පිටත්වීමේ පර්යන්තයේ සේවයේ නිරත වී සිටි ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබුණි .

එසේම එම ගුවන් යානයෙන්ම ඩුබායි ඔස්සේ ඉතාලිය බලා පිටත්ව යාමට පුත්තලම , තොඩුවාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවක ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය .

එහිදී ඇය ඉදිරිපත් කර තිබූ ඉතාලි වීසා බලපත්‍රය පිළිබඳව ද සැක මතු වී තිබූ හෙයින් ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා විසින් මොවුන් පස් දෙනා සහ ඔවුන්ගේ වීසා බලපත්‍ර කටුනායක ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා වල දී මෙම වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බවට තහවුරු විය .

ඉන්පසුව මෙම ගුවන් මගීන් පස් දෙනා අත් අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී , දැනට ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති ආර්ථික දුෂ්කරතා නිසා තමන් මෙසේ ඉතාලිය වෙත පැන යාමට සැළසුම් කළ බව හෙළිදරව් කර තිබේ .

මීට පෙර ද මෙම ගුවන් මගීන් ඉතාලිය වෙත ගොස් තිබූ බවත් , මෙවර මෙම ගුවන් මගීන් පස් දෙනාම මන්නාරම ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවෙකු මගින් මෙම ව්‍යාජ වීසා බලපත්‍ර සකස් කර ගෙන ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වල දී අනාවරණය කර ගෙන තිබුණි .

පසුව මෙම ගුවන් මගීන් පස් දෙනා මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .



අදහස් (0)

හොර වීසා වලින් ඉතාලියට පනින්න හැදූ 5 ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 188 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 694 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1095 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site